වරාය ක්‍රීඩකයෝ නොතිබූ ජයක් ලබයි

455

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ මේජර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 කාණ්ඩයේ අවසන් සතියේ තවත් තරග දෙකක් අද (17) නිමා වූ අතර එහි දී තමන් වෙත නොලියැවුණ තරගයක් ජයග්‍රහණයෙන් නිමා කර ගැනීමට වරාය අධිකාරිය ක්‍රීඩා සමාජය සමත් විය.

සැරසන්ස් ක්‍රීඩා සමාජය සමඟ පැවති එම තරගයෙන් වරාය අධිකාරිය කණ්ඩායමට කඩුලු 6ක ජයග්‍රහණයක් හිමි වූයේ පළමු ඉනිමේ පරාජයක් ලැබී සිටිය දී ය.

ඊට අමතරව කෝල්ට්ස් ක්‍රීඩා සමාජය සහ එන්. සී. සී. කණ්ඩායම අතර පැවති තරගයේ දී ඉනිමක සහ ලකුණු 114ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට එන්. සී. සී. කණ්ඩායම සමත් විය. මෙම තරගයේ දී සහන් ආරච්චිගේ ශතකයක් ලබා ගත් අතර එය අද දිනයේ වාර්තා වූ එකම ශතකය විය.

මේ සතියේ පැවති තරග අතුරින් බී. ආර්. සී. සහ රාගම ක්‍රීඩා සමාජය අතර තරගය දෙවැනි දිනයේ දී නිමා වූ අතර හෙට දිනට ඉදිරිව ඇත්තේ හලාවත මේරියන්ස් සහ එස්. එස්. සී. අතර තරගය පමණි.

බී. ආර්. සී. ක්‍රීඩකයෝ කඩුලු 8ක ජයග්‍රහණයක් දින දෙකෙන් සමරති

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ මේජර් ලීග් ක්‍රිකට් තරගාවලියේ…

සැරසන්ස් සහ වරාය අතර තරගය

කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ ලකුණු 91ක් ඉදිරියෙන් සිටිමින් දෙවැනි ඉනිමට පිටියට පිවිසි සැරසන්ස් කණ්ඩායම තෙවැනි දිනයේ දී සිය දෙවැනි ඉනිමට රැස් කළේ සියලුම දෙනා දැවී ලකුණු 118ක් පමණි.

සැරසන්ස් පළමු ඉනිමේ අභිමානය කෙළසා දැමූ දෙවැනි ඉනිමේ යම් තරමින් හෝ කණ්ඩායමේ ගෞරවය රැක ගත්තේ රනිත ලියනාරච්චි (34) සහ නායක හර්ෂ කුරේ (34) පමණි. එම ඉනිම කඩා වැටීමත් සමඟ ප්‍රතිවාදීන් දෙවැනි ඉනිමට පිටියට පිවිසියේ ජයග්‍රහණය සඳහා ලකුණු 210ක ඉලක්කයක් ලබා ගනිමිනි.

එම ඉලක්කය කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 213ක් ලබා ගනිමින් නොලියැවූණ තරග ජයග්‍රහණයක් වාර්තා කර ගැනීමට සමත් විය. පළමු ඉනිමේ දී ශතකයක් වාර්තා කළ විදෙස් ක්‍රීඩක නික් කොම්ප්ටන් මෙම ඉනිමේ දී දක්ෂ ලෙස ලකුණු අතරට පිවිසෙමින් පන්දු 116ක දී හතරේ පහර 13ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 95ක් ලබා ගත්තේය.

සැරසන්ස් දෙවැනි ඉනිම විනාශ කිරීමේ ප්‍රමුඛයා වූයේ වමතින් වේගපන්දු යැවූ චරිත් ජයම්පති ය. ඔහු ලකුණු 33කට කඩුලු 5ක් දවා ගත්තේය.

සැරසන්ස් ක්‍රීඩා සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 311 (111.0) තානුක දාබරේ 20, ඇන්ඩි සොලමන්ස් 48, මින්හාජ් ජලීල් 56, ගමිඳු කනිෂ්ක 35, හර්ෂ කුරේ 41, අශේන් බණ්ඩාර නොදැවී 87, මධුක ලියනපතිරණගේ 2/50, චානක කොමසාරු 3/96, චරිත් ජයම්පති 3/43

වරාය අධිකාරිය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 220 (58.2) නික් කොම්ප්ටන් 103, ඉෂාන් රංගන 34, ගිහාන් රූපසිංහ 38, මොහොමඩ් ඩිල්ශාඩ් 4/51, රනිත ලියනාරච්චි 4/53

සැරසන්ස් ක්‍රීඩා සමාජය; දෙවැනි ඉනිම සියලුම දෙනා 118 (39.2) හර්ෂ කුරේ 29, රනිත ලියනාරච්චි 34,  චරිත් ජයම්පති 5/33, චානක කොමසාරු 3/34

වරාය අධිකාරිය; දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 213 (55.3) යොහාන් ද සිල්වා 36, නික් කොම්ප්ටන් 95, ඉෂාන් රංගන 41, මධුක ලියනපතිරණගේ නොදැවී 18,


කෝල්ට්ස් සහ එන්. සී. සී. අතර තරගය

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ තෙවැනි දිනය උදා වූයේ කෝල්ට්ස් ක්‍රීඩකයන්ට ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා ලකුණු 462ක ඉලක්කයක් ඉදිරියේය. නමුත් ඔවුන්ට අද තම දෙවැනි ඉනිමට රැස් කර ගත හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 348ක් පමණි. ඒ අනුව කෝල්ට්ස් ක්‍රීඩා සමාජයට ඉනිමක සහ ලකුණු 114ක ජයග්‍රහණයක් ලැබුවේය.

පරාජිත කෝල්ට්ස් ඉනිමේ දී 21 වියැති සහන් ආරච්චිගේ ශතකයක් වාර්තා කිරීම කැපී පෙණුනි. ඔහු පන්දු 234කට මුහුණ දෙමින් හතරේ පහර 13ක් සමඟින් ලකුණු 116ක් වාර්තා කළේය. ඊට අමතරව ඇන්ජලෝ පෙරේරා ද පන්දු 143කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 70ක් ලබා ගත්තේය.

කඩුලු ලබා ගැනීමේ දී සචින්ත පීරිස් ලකුණු 65කට කඩුලු 5ක් දවා ගත්තේය.

කෝල්ට්ස් ක්‍රීඩා සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 127 (35.1) නිසල තාරක 25, කවිශ්ක අංජුල 20, ලහිරු කුමාර 2/26, ලසිත් ඇඹුල්දෙණිය 5/33

එන්. සී. සී; පළමු ඉනිම කඩුලු 9ක් දැවී 618 (121.4) ලහිරු උදාර 157, භානුක රාජපක්ෂ 134, මහේල උඩවත්ත 106, ඇන්ජලෝ පෙරේරා නොදැවී 129, චාමික කරුණාරත්න 54, නිසල තාරක 3/100, ප්‍රභාත් ජයසූරිය 4/224, හෂාන් දුමිඳු 2/39

කෝල්ට්ස් ක්‍රීඩා සමාජය; දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 348 (111.4) හෂාන් දුමිඳු 37, සහන් ආරච්චිගේ 116, ඇන්ජලෝ පෙරේරා 70, අවිශ්ක ප්‍රනාන්දු 23, නිසල තාරක 26, කවිශ්ක අංජුල 29, ලහිරු කුමාර 2/83, සචින්ත පීරිස් 5/65, තරිඳු කෞෂාල් 2/46

මේ චන්දිමාල්ගේ හෝරාව ද?

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හොඳින් හෝ නරකින් වාර්තා තබන්නට සූරයන් බව මීට පෙර…


හලාවත මේරියන්ස් සහ එස්. එස්. සී. අතර තරගය

කොළඹ මේට්ලන්ඩ් ක්‍රසන්ට් හි සී. සී. සී. පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ දෙවැනි දිනය නිමාවේ දී ලකුණු 140ක් ඉදිරියෙන් සිටිමින් දෙවැනි ඉනිමට පිටියට පිවිසි හලාවත මේරියන්ස් කණ්ඩායම තෙවැනි දිනය නිමා කළේ තම දෙවැනි ඉනිමට ලකුණු 399ක් ලබා ගනිමිනි.  ඒ අනුව ඔවුන් විසින් අවසන් දිනයේ දී එස්. එස්. සී. කණ්ඩායම වෙත ජයග්‍රහණය සඳහා ලබා දුන් ඉලක්කය ලකුණු 540කි.

මේරියන්ස් දෙවැනි ඉනිමේ දී අර්ධ ශතක 3ක් වාර්තා වූ අතර කඩුලු ලබා ගැනීමේ දී සචිත්‍ර සේනානායක සහ  ආකාශ් සේනාරත්න කඩුලු 4 බැගින් දවා ගත්හ.

හලාවත මේරියන්ස්; පළමු ඉනිම සියලුම දෙනා දැවී 372 ( 103.5): අශේන් සිල්වා 110, ෂෙහාන් ජයසූරිය 146, සචිත්‍ර සේරසිංහ 30, රිසිත් උපමාල් 24, අක්තාබ් කාදර් 3/69, සචිත්‍ර සේනානායක 3/91

එස්. එස්. සී; පළමු ඉනිම සියලුම දෙනා දැවී 232 (66.2) කවිඳු කුලසේකර 47, චාමර කපුගෙදර 63, සම්මු අශාන් 72, තීක්ෂිල ද සිල්වා 3/27, ෂෙහාන් ජයසූරිය 4/48, මාලින්ද පුෂ්පකුමාර 2/80

හලාවත මේරියන්ස්; දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 399 (105.3) ෂෙහාන් ජයසූරිය 88, ඔසඳ ප්‍රනාන්දු 31, සචිත්‍ර සේරසිංහ 37, රුක්ෂාන් ෂෙහාන් 78, රිසිත උපමාල් නොදැවී 88, තීක්ෂිල ද සිල්වා 31, කසුන් මධුශංක 2/48, සචිත්‍ර සේනානායක 4/134, ආකාශ් සේනාරත්න 4/72

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<