ක්‍රීඩා විශ්වවිද්‍යාලයේ වැඩ කටයුතු නොනැවති ඉදිරියට

125

පවතින Covid-19 වසංගත තත්වය හමුවේ රටේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වුවත්, දියගම ඉදි කෙරෙමින් පවතින මෙරට ප්‍රථම ක්‍රීඩා විශ්වවිද්‍යාලයේ වැඩ කටයුතු අඛණ්ඩව සිදු වන බව ක්‍රීඩා අමාත්‍යාංශය විසින් දැනුම් දී ඇත.

Photo Story: අතීතය – අනාගතය යා කරන කුලවංශයන්

මෙරට මලල ක්‍රීඩා ඉතිහාසයේ බිහි වූ සාර්ථකම කඩුලු පැනීමේ ක්‍රීඩිකාව කවුදැයි …….

මේ පිළිබඳව ලංකාදීප පුවත්පත වෙත අදහස් දක්වමින් ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් කේ. ඩී. එස්. රුවන්චන්ද්‍ර මහතා ප්‍රකාශ කර සිටියේ විශ්වවිද්‍යාලයේ වැඩ කටයුතු අවසන් කර මෙම වසරේ සැප්තැම්බර් මාසයේ දී එහි අධ්‍යන කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තුවෙන් පසුවන බවයි.

“රටේ පවතින තත්වය මත ක්‍රීඩා අමාත්‍යාංශයේ කටයුතු නතර කර දැමීමට සිදු වුනත්, මේ විශ්වවිද්‍යාලය ගොඩනැගීම වෙනුවෙන් ක්‍රියාත්මක කමිටුව 14 වතාවක් වීඩියෝ තාක්ෂණය උපයෝගී කරගනිමින් රැස්වුනා. එහි දී අපි තීරණය කළා දියගම ක්‍රීඩා සංකීර්ණය තුල මෙම විශ්වවිද්‍යාලය පිහිටුවන්න”

“එහි ඉගැන්වෙන විෂයන්, දේශකයන් සහ කාලසීමා පිළිබඳව මේ වන විට සාකච්ඡා කරමින් පවතිනවා. රටේ තත්වය නැවතත් යථා තත්වයට පත්වූ වහාම අයදුම්පත් කැඳවා සැප්තැම්බර් මාසයේ පළමු කණ්ඩායම බඳවා ගැනීමට අපි බලාපොරොත්තුවෙන් පසුවෙනවා” යැයි ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කරන ලදි.

මෙම විශ්වවිද්‍යාලය සඳහා තේරීපත්වීමේ ප්‍රධාන සුදුසුකම කුමන හෝ ක්‍රීඩාවක නිරත වීම වන අතර ජාතික මට්ටමේ දස්කම් දැක්වූ ක්‍රීඩක/ක්‍රීඩිකාවන් හට වැඩි අවස්ථාවක් හිමි වේ.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න මුල් පිටුවට <<