නාලන්ද විද්‍යාලයට ඉණිමක ජයග්‍රහණයක්

301
U19 Schools Cricket

සිංගර් වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ A හා C කාණ්ඩ වල තවත් තරඟ තුනක් අද (22) පැවැත්වූ අතර, ඊයේ (21) ආරම්භ වූ තරඟයෙන් නාලන්ද විද්‍යාලය ඉණිමක හා ලකුණු 37ක ජයග්‍රහණයක් වාර්තා කරන්නට සමත් විය.

පසුගිය ලිපි: සාන්ත පීතර විද්‍යාලයට අමතක නොවන ජයක්

කොළඹ නාලන්ද විද්‍යාලය හා පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය අතර තරඟය

මෙම තරඟය A කාණ්ඩයේ තරඟයක් ලෙසින් ඊයේ (22) කොළඹ නාලන්ද විද්‍යාලීය ක්‍රීඩා පිටියේදී ආරම්භ වූ අතර, පිටියේ වාසිය ද ඇතිව කාසියේ වාසිය ජයග්‍රහණය කල නාලන්ද විද්‍යාලය පළමුව පන්දුවට පහරදීමට තීරණය කරන ලදි.

ඊයේ (22) දිනය අවසන් වන විට තම පළමු ඉණිම ක්‍රීඩා කරමින් සිටින ධර්මපාල විද්‍යාලය කඩුලු 6ක් දැවී ලකුණු 65ක් ලබා සිටි අතර, මහීම වීරකෝන් එම ඉණිමට නොදැවී ලකුණු 60*ක් එක්කරන්නට සමත් විය. ලසිත රසාංජන නාලන්ද විද්‍යාලය වෙනුවෙන් කඩුලු 5ක් දවාගන්නා ලදි.

තම දෙවන ඉණිම නැවතත් ඇරඹූ ධර්මපාල විද්‍යාලයට ඉණිමක පරාජයෙන් හෝ ගැලවීමට නොහැකි විය. කනිෂ්ක ජයසුන්දර ලකුණු 39ක් වාර්තා කරමින් එම ඉණිමේ වැඩිම ලකුණු ලාභියා විය. තම දෙවන ඉණිමට ද, ඔවුන්ට ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 108ක් පමණි.

නාලන්ද විද්‍යාලය පළමු ඉණිම – කඩුලු 6ක් දැවී ලකුණු 307 dec (පන්දුවාර 65): අවිශ්ක පෙරේරා 109, දසුන් සෙනෙවිරත්න 48, කසුන් සඳරුවන් 45*, මාලිංග අමරසිංහ 35, මහීම වීරකෝන් 3/89

ධර්මපාල විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 162 (පන්දුවාර 60.2): මහීම වීරකෝන් 60*, ලසිත රසාංජන 5/37, මාලිංග අමරසිංහ 2/35

ධර්මපාල විද්‍යාලය දෙවන ඉණිම (F/O)සියල්ලන්ම දැවී ලකුණු 108 (පන්දුවාර 47.3): කනිෂ්ක ජයසුන්දර 39, සුහඟ විජේවර්ධන 3/09, මදුෂාන් හසරංග  2/17


ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය හා අනුරාධපුර මධ්‍ය විද්‍යාලය අතර තරඟය

C කාණ්ඩයේ තරඟයක් ලෙසින් අද (23) ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලීය ක්‍රීඩා පිටියේදී ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කල අනුරාධපුර මධ්‍ය විද්‍යාලය පළමුව පන්දු යැවීමට තීරණය කරන ලදි. දිනය අවසන් වන විට තම පළමු ඉණිම ක්‍රීඩා කරන අනුරාධපුර මධ්‍ය විද්‍යාලය කඩුලු 9ක් දැවී ලකුණු 106ක් ලබා සිටියි.

සාන්ත තෝමස් විද්‍යාලයේ පළමු ඉණිමට දුලිත් ගුණරත්න ලකුණු 82ක් වාර්තා කරන්නට සමත් වූ අතර, රොමේෂ් නල්ලප්‍පෙරුම ලකුණු 69ක් ලබාගෙන තම ඉණිමේ මැදපෙළ සවිමත් කරවන ලදි. අවසානයේ තෝමසුවන්ගේ ඉණිම ලකුණු 261කට සීමා කිරීමට අනුරාධපුර මැදි විදුහල් කණ්ඩායම සමත් විය. රවිනාත් ප්‍රභාෂ්වර ලකුණු 76ක් තුළ කඩුලු 7ක් දවාලමින් දස්කම් අතරට පැමිණීමට සමත් විය.

ඩිල්ශාන් ලක්ෂිත නොදැවී ලකුණු 27*ක් හා මදුරංග චන්ද්‍රරත්න නොදැවී ලකුණු 25*ක් ලබාගෙන අනුරාධපුර මධ්‍ය විද්‍යාලය වෙනුවෙන් කඩුල්ලේ රැදී සිටියි.

සාන්ත තෝමස් විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 261 (පන්දුවාර 65.5): දුලිත් ගුණරත්න 82, රොමේෂ් නල්ලප්‍පෙරුම 69, රවිදු කොඩිතුවක්කු 28, රවිනාත් ප්‍රභාෂ්වර 7/76, ධනංජය තමවිට 2/28

අනුරාධපුර මධ්‍ය විද්‍යාලය පළමු ඉණිම (පළමු දිනය අවසානයේ දී) – කඩුලු 9ක් දැවී ලකුණු 106 (පන්දුවාර 26): ඩිල්ශාන් ලක්ෂිත 27*, මදුරංග චන්ද්‍රරත්න 25*, කලන පෙරේරා 3/16


අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය හා කොළඹ ආනන්ද විද්‍යාලය අතර තරඟය

මෙම තරඟයද C කාණ්ඩයේ තරගයක් ලෙස ආනන්ද විද්‍යාලීය ක්‍රිකට් පිටියේදී ආරම්භ වූ අතර කාසියේ වාසිය ජයග්‍රහණය කල ආනන්ද විද්‍යාලය පළමුව පන්දු යවන ලදි. දිනය අවසන් වන විට පළමු ඉණිම ක්‍රීඩා කරන ආනන්ද විද්‍යාලය කඩුලු 7ක් දැවී ලකුණු 219යි.

ධර්මාශෝක විද්‍යාලයේ පළමු ඉණිමට කවිශ කුමාර ලකුණු 48ක් ලබා ගන්නා ලදී. අනතුරුව පිටියට පැමිණි හර්ෂජිත් රුශාන් මනරම් පහර කිහිපයක්ම සමඟින් තවත් ලකුණු 31ක් තම විද්‍යාලයේ ලකුණු පුවරුවේ සටහන් කල අතර, අසේල සිගේරා ආනන්ද විද්‍යාලය වෙනුවෙන් ලකුණු 12ක් තුල කඩුලු 4ක් දවාලන ලදි.

ලකුණු 156ක අභියෝගයට පිළිතුරු ලෙස ආනන්ද විද්‍යාලයේ පළමු ඉණිමට කඩුලු 4ක් දවාලූ අසේල සිගේරා ලකුණු 91ක් ලබා ගැනීමට සමත් විය. ශතකයට අතවනමින් සිටින සුපුන් වරාගොඩ නොදැවී ලකුණු 82*යි.

ධර්මාශෝක විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 156 (පන්දුවාර 44.2): කවීෂ කුමාර 48, හර්ෂජිත් රැශාන් 31, රවිදු රශාන්ත 20, අසේල සිගේරා 4/12, සම්මු අශාන් 3/64

ආනන්ද විද්‍යාලය පළමු ඉණිම (පළමු දිනය අවසානයේ දී) – කඩුලු 7ක් දැවී ලකුණු 219 (පන්දුවාර 55): අසේල සිගේරා 91, සුපුන් වරාගොඩ 82*, ලසිත් කුමාර 3/29, උෂාන් ඉමන්ත 2/80

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට