නාලන්දා විද්‍යාලයට දැවැන්ත ජයක්

667

සිංගර් ආයතනය හා ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය එක්ව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් ක්‍රිකට් රැසක් අද (21) අවසන් වූ අතර එම තරග අතරින් පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය පරාජයට පත් කළ කොළඹ නාලන්දා විද්‍යාලය කඩුලු 10ක ජයක් ලබා ගැනීමට සමත් විය.

නායකයින් තිදෙනක් ශතක අතරට ගිය අපූරු දිනය

සිංගර් ශ්‍රී ලංකා ආයතනය හා ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය එක්ව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසැල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක්…

පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය හා කොළඹ නාලන්දා විද්‍යාලය

නාලන්දා විද්‍යාලයට කඩුලු 10ක දැවැන්ත හා පහසු ජයක් හිමිවූ මේ තරගය පන්නිපිටිය ධර්මපාල විදුහලේ නව ක්‍රිකට් පිටියේ දී නිමාව දිටීය.

මෙම තරගය ඊයේ (20) දිනය සඳහා නවතා දමන විට සිය පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි නාලන්දා විද්‍යාලය කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 117ක් ලබාගෙන සිටියේ තරගයේ වැඩි පාලනය සියතට ගනිමිනි. අවසානයේ ලක්ෂිත රසාංජනගේ නොදැවුණු ශතකය සවියක් කර ගත් නාලන්දා විද්‍යාලය කඩුලු 5ක් දැවී ලකුණු 288ක් ලබාගෙන සිය පළමු ඉනිම අත්හිටුවීමට තීරණය කළ අතර රවීන් ද සිල්වා හා රනිඳු ද සිල්වා පිළිවෙළින් ලකුණු 52*ක් හා ලකුණු 40ක් නාලන්දා පළමු ඉනිමට එකතු කරන ලදි.

>>Photos: Dharmapala College vs Nalanda College | U19 Cricket Tournament 2018/19<<

ලකුණු 143ක පළමු ඉනිමේ අවාසියක් සහිතව පිටියට පැමිණි ධර්මපාල විද්‍යාලය අද දිනය අවසානය දක්වා ක්‍රීඩා කරමින් කඩුල්ලේ රැඳී සිටීමට අපේක්ෂා කළත් දකුණතින් මඳ වේගපන්දු යවන චමිඳු  විජේසිංහ ඇතුළු නාලන්දා පන්දු යවන්නෝ ඒ සඳහා අවසර ලබා දුන්නේ නැත. අවසානයේ ධර්මපාල විදුහල් දෙවන ඉනිම ලකුණු 160කට සීමා වීමත් සමඟම නාලන්දා විද්‍යාලයට සිය ජයග්‍රහණය සඳහා හිමි වූ ලකුණු 18 ඉලක්කය පන්දු 10ක් තුල සපුරා ගත්තේ මේ සුහද තරගයේ පූර්ණ ජයග්‍රහණය සිය විද්‍යාලයට හිමිකර දෙමිනි.

ධර්මපාල විද්‍යාල පළමු ඉනිම: 145 (54.4): ශෙවෝන් නදීජ 30, චමිඳු විජේසිංහ 4/32, දිනෙත් සමරවීර 2/31

නාලන්දා විද්‍යාල පළමු ඉනිම – 288/5d (74): ලක්ෂිත රසාංජන 136*, රවීන් ද සිල්වා 52*, රනිඳු ද සිල්වා 40, චමිඳු සමරසිංහ 3/83.

ධර්මපාල විද්‍යාල දෙවන ඉනිම – 160 (52.1): තරිඳු සඳරුවන් 50, නඳුන් හේවානායක 33, චමිඳු  විජේසිංහ 5/38, දිනෙත් සමරවීර 2/25, කවිෂ් මදුරප්පෙරුම 2/28.

නාලන්දා විද්‍යාල දෙවන ඉනිම – 20/0 (1.4):

>>ධර්මාශෝක විද්‍යාලය හා කොළඹ ආනන්ද විද්‍යාලය අතර පැවති තරගයේ සේයා රූ<<

වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය හා ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය

පළමු වටයේ C කාණ්ඩයේ තරගයක් ලෙස කටුනේරිය සාන්ත සෙබස්තියන් විදුහල් පිටියේ දී අද (21) නිමා වූ මෙම තරගය ජය පරාජයෙන් තොරව අවසන් වූ නමුත් පළමු ඉනිමේ ජයක් ලබා ගැනීමට ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය සමත් විය.

මේ තරගයේ අද දිනය ආරම්භ වන විට සිය පිළිතුරු පළමු ඉනිම දියත් කරමින් සිටි සාන්ත තෝමස් විද්‍යාලය කඩුලු 4ක් දැවී ලකුණු 86ක් ලබාගෙන සිටින ලදි. දිනයේ ආරම්භයේ දී සාන්ත තෝමස් විද්‍යාලයේ කඩුලු කිහිපයක් ඉක්මනින්ම බිඳී ගිය නමුත් දකුණතින් පිතිකරණයේ නිරත වන කිෂාන් මුණසිංහ (ලකුණු 64), උමයංග සුවාරිස් (ලකුණු 50*) හා ඩෙලෝන් පීරිස් (ලකුණු 54) යන තිදෙනාම අර්ධ ශතක ඉනිම් දියත් කරමින් සාන්ත තෝමස් විද්‍යාල පළමු ඉනිම ලකුණු 287 සීමාව දක්වා රැගෙන ගියේය.

පන්දු යැවීමේ දී සිය තුන් ඉරියව් දස්කම් පෙන්වූ නිපුන් දනංජය හා දේශාන් ප්‍රනාන්දු අතරේ කඩුලු 2ක බැගින් බෙදී ගියේය.

කාසියේ වාසිය දිනා ගනිමින් පළමුව පන්දු යැවීමට තීරණය කළ සාන්ත තෝමස් විද්‍යාලයට එරෙහිව සියල්ලන්ම දැවී ලකුණු 279ක් රැස්කර ගැනීමට සාන්ත ජෝසප් වාස් විද්‍යාලය සමත් වූ අතර එහි දී ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ මෙන්ම සාන්ත ජෝසප් වාස් විද්‍යාලයීය කණ්ඩායමේ ද නායක නිපුන් ධනංජය මෙම තරගයේ දී ද ලකුණු 165ක් වාර්තා කරමින් සුපිරි පිතිකරණයක නිරත වූයේ සිය කණ්ඩායමේ අනෙකුත් පිතිකරුවන් හට විශාල ආදර්ශයක් වෙමිනි.

සාන්ත ජෝසප් වාස් විද්‍යාල පළමු ඉනිම – 279 (71.3): නිපුන් දනංජය 165, තෙවින් ඊරියගම 2/21

සාන්ත තෝමස් විද්‍යාල පළමු ඉනිම – 287/7 (90.2): කිෂාන් මුණසිංහ 66, ඩෙලෝන් පීරිස් 54, උමයංග සුවාරිස් 50*, ශලින් ද මෙල් 50, දේශාන් ප්‍රනාන්දු 2/63, නිපුන් දනංජය 2/79.

“ටෙස්ට් තරගයට පෙර මම සංගක්කාරට ඇමතුමක් ගත්තා” – මැතිව්ස්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නවසීලන්ත තරගාවලිය ආරම්භ කරමින් පැවති පළමු ක්‍රිකට් තරගය ප්‍රතිඵලය සම්පූර්ණයෙන්ම වෙනස් කළ කුසල් මෙන්ඩිස් හා එක්වූ ඇන්ජලෝ මැතිව්ස්…

මහනුවර ත්‍රිත්ව විද්‍යාලය හා ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය

මහනුවර, අස්ගිරිය ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී D කාණ්ඩයේ තරගයක් ලෙස පැවති මෙම තරගය ද ජය පරාජයෙන් තොරව නිමාව දිටීය. ඊයේ (20) දිනයේ දී කාසියේ වාසිය දිනා ගත් රිච්මන්ඩ් විද්‍යාලය ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා කළ ආරාධනය පිළිගත් ත්‍රිත්ව විද්‍යාලය සිය පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන්ම දැවී ලකුණු 251ක් ලබා ගැනීමට සමත් විය.

සිය පිළිතුරු පළමු ඉනිම සඳහා රිච්මන්ඩ් විද්‍යාලයීය පිතිකරුවන් සාර්ථක ආරම්භයක් ලබාගත් නමුත් ඔවුන්ගේ මැදපෙළ හා පසුපෙළ පිතිකරුවන්ගේ දුර්වලතාවය නිසා සියල්ලන්ම දැවී ඔවුන්ට ලබාගැනීමට හැකි වූයේ ලකුණු 166ක් පමණි. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ කළිඳු ආධිත්‍ය ලකුණු 32යි. පන්දු යැවීමේ දී වේගපන්දු යවන ක්‍රීඩක රුවින් පීරිස් ඉතාමත් දක්ෂ පන්දුකරණයක නිරත වෙමින් ලකුණු 27කට කඩුලු 4ක් දවා ගත්තේය. දඟපන්දු යවන ක්‍රීඩක කවිෂ්ක සේනාධීර කඩුලු 3යි.

ලකුණු 85ක පළමු ඉනිමේ අවාසියක් සහිතව පිටියට පැමිණි ත්‍රිත්ව විද්‍යාලය අයහපත් ආලෝකය නිසාවෙන් තරගය නවතා දමන විට කඩුලු 5ක් දැවී ලබාගෙන සිටියේ ලකුණු 136ක් පමණි. ත්‍රිත්ව විද්‍යාලයේ දෙවන ඉනිම ශක්තිමත් කළ පුබුදු බණ්ඩාර 4 පහර 6ක් සමඟින් ලකුණු 60ක් ලබාගෙන සිටියදී රිච්මන්ඩ් විද්‍යාල ක්‍රීඩකයින් විසින් දවා ගත්තේය. අභිෂේක් ආනන්දකුමාර් ලකුණු 39*යි.

ත්‍රිත්ව විද්‍යාල පළමු ඉනිම – 251 (96.4): උමෙයිර් රයිසාන් 62, පුබුදු බණ්ඩාර 52, අශේන් ලොකුකැටිය 51, අභිෂේක් ආනන්දකුමාර් 48, කල්ප නෙත්සර 3/40, සඳුන් මෙන්ඩිස් 3/68

රිච්මන්ඩ් විද්‍යාල පළමු ඉනිම -166 (64.2): කළිඳු ආධිත්‍ය 38, සඳුන් මෙන්ඩිස් 28, රුවින් පීරිස් 4/27, කවිෂ්ක සේනාධීර 3/52.

ත්‍රිත්ව විද්‍යාල දෙවන ඉනිම – 136/5 (28): පුබුදු බණ්ඩාර 60, අභිෂේක් ආනන්දකුමාර් 39* , දිලුම් සුධීර 3/43.

කොළඹ මහානාම විද්‍යාලය හා මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය

රත්මලානේ දී සාර්ථකව නිමාව දුටු මේ තරගය ද ජය පරාජයෙන් තොරව අවසන් වූ නමුත්  පළමු ඉනිමේ වැඩි වාසිය හා ඒ සඳහා හිමි වාසිය හිමි වූයේ සත්කාරක මහානාම විද්‍යාලයටයි.

මෙම සුහද ක්‍රිකට් තරගය අද දෙවන දිනය වෙනුවෙන් ඇරඹෙන විට සිය ප්‍රථම ඉනිම ක්‍රීඩා කරමින් සිටි මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය කඩුලු 3ක් දැවී ලකුණු 34ක් ලබාගෙන සිටින ලදි. ඔවුන්ගේ අවසන් කඩුලු 7 ලකුණු 67ක් වැනි අවම ලකුණු ප්‍රමාණයක් තුල දවා ගත් වමතින් මද වේගපන්දු යවන ධනුක නිම්මාන ඇතුළු මහානාම පන්දු යවන්නෝ මාරිස් ස්ටෙල්ලා විද්‍යාල පළමු ඉනිම ලකුණු 101කට සීමා කළේය. ධනුක නිම්මාන ලකුණු 29කට කඩුලු 6යි.

ඉන්පසුව සිය දෙවන ඉනිම දියත් කළ මහානාම විද්‍යාලය කඩුලු 4ක් දැවී ලකුණු 109ක් ලබාගෙන සිටිය දී තරගය අවසන්  කිරීමට විනිසුරුවරුන් කටයුතු කරන ලදි. ඒ වන විට නොදැවී ක්‍රීඩා කරමින් සිටි සොනාල් ගමගේ නොදැවී ලකුණු 28*ක් ලබාගෙන කඩුල්ලේ රැඳී සිටියේය.

මහානාම විද්‍යාලය පළමු ඉනිම – 198 (73.2): පැතුම් බොතේජු 40*, දිශාන් මෙන්ඩිස් 39, පවන්ත වීරසිංහ 35, කෙවින් පෙරේරා 4/11

මාරිස් ස්ටෙල්ලා විද්‍යාල පළමු ඉනිම – 101 (44): චතුර අනුරාධ 25, ධනුක නිම්මාන 6/29, සොනාල් ගමගේ 2/13,

මහානාම විද්‍යාල දෙවන ඉනිම – 109/4 (40): සොනාල් ගමගේ 28*.

පළමු දිනයට ක්‍රියාත්මක වූ තරගය

වෙස්ලි විද්‍යාලය හා  මාතර සාන්ත තෝමස් විද්‍යාලය

මාතර උයන්වත්ත ක්‍රිකට් පිටියේ දී  සාන්ත තෝමස් විද්‍යාලයේ සත්කාරකත්වය ඇතිව ආරම්භ වූ මේ තරයේ පළමු දිනය අවසන් වෙද්දී සත්කාරකයින්ගේ ආරාධනයෙන් සිය මුල් ඉනිම දියත් කරමින් සිටි වෙස්ලි විද්‍යාලය කඩුලු 3ක් දැවී ලකුණු 95ක් ලබාගෙන සිටියේය.

මේ තරගය නියමිත වෙලාවට ආරම්භ වූවත් ආරම්භ වී මිනිත්තු කිහිපයකට පසුව ඇද හැලුණු වර්ෂාපතනය හා ඇතිවූ අයහපත් ආලෝක තත්වය නිසා තරගය පැය තුනකට ආසන්න කාලයක් තිස්සේ නවතා දැමීමට සිදු විය. තරගයේ පළමු දිනයේ නිමාව සනිටුහන් වන විට නොදැවී ක්‍රීඩා කරමින් කඩුල්ලේ රැඳී සිටින බුද්ධිම විජේසුන්දර හා මොවින් සුබසිංහ පිළිවෙළින් නොදැවී ලකුණු 42*ක් හා ලකුණු 31*ක් ලබාගෙන කඩුල්ලේ රැඳී සිටී.

වෙස්ලි විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 95/3 (38.1): බුද්ධිම විජේසුන්දර 42*, මොවින් සුබසිංහ 31*, හිරුෂ දෙවජිත් 2/29

පළමු දිනයට පැවැත්වූ තරගය හෙට (22) දෙවන දිනයටත් පැවැත්වෙන අතර එහි තරග තොරතුරු ද ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටියි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<