මාතර තෝමසුවන්ට ලකුණු 197ක ජයක්

316

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ සිංගර් කුසලාන පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ තරග කිහිපයක්ම අද (21) පැවති අතර ඒ බොහොමයක් තරගවලට වර්ෂාවෙන් බාධා එල්ල වෙද්දී මාතර සාන්ත තෝමස් විද්‍යාලයීය ක්‍රීඩකයෝ රත්ගම දේවපතිරාජ විද්‍යාලයට එරෙහිව ලකුණු 197ක ජයග්‍රහණයක් ලබා ගත්හ.

මාතර උයන්වත්ත වර්ණවත් කළ ජයවීර සුපිරි ශතකයට

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ දෙදින පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග රැසක්ම අද (20) පළමු දිනය සඳහා ක්‍රියාත්මක විය. මේ ඒ තරග පිළිබඳ සංක්ෂිප්ත සටහනකි.

සාන්ත තෝමස් විද්‍යාලය සහ දේවපතිරාජ විද්‍යාලය අතර තරගය

හා හා පුරා මේ වසරේ දී පළමු කොටසට සම්ප්‍රාප්ත වූ රත්ගම දේවපතිරාජ ක්‍රීඩකයන් සහ මාතර තෝමසුවන් අතර පැවති මෙම සුහද තරගය දිනයේ විසඳුමක් ලැබූ එකම තරගය ද විය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් සාන්ත තෝමස් විද්‍යාලයීය ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට කඩුලු 7ක් දැවී ලකුණු 278ක් ලබා ගනිමින් ඉනිම අත්හිටුවීමට තීරණය කළහ. ඒ අනුව පිටියට පිවිසි සංචාරක දේවපතිරාජ විද්‍යාලය තරගයේ පළමු දිනය නිමා වෙද්දී කඩුලු 2ක් දැවී ලකුණු 28ක් ලබා සිටියේය.

තරගයේ දෙවැනි දිනය ද දේවපතිරාජ ක්‍රීඩකයන්ට එතරම්ම සාර්ථක වූයේ නැත. ඔවුන්ගේ පළමු ඉනිම ලකුණු 103ක් වෙද්දී අවසන් කිරීමට සාන්ත තෝමස් විද්‍යාලයීය ක්‍රීඩකයෝ සමත් වූහ. එහි දී කවිඳු රිද්මාල් කඩුලු 4ක් ද, චාමික රණසිංහ කඩුලු 3ක් දවා ගනිමින් දක්ෂතා දැක්වූහ.

ලකුණු 175ක් පිටුපස සිටිමින් පිට පිට දෙවැනි වරටත් පන්දුවට පහර දීමට පිටියට පිවිසි දේවපතිරාජ ක්‍රීඩකයෝ තම දෙවැනි ඉනිමට සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 71ක් පමණි. එම ඉනිමේ දී සචිර රශ්මික ලකුණු 10කට කඩුලු 5ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළේය.

සාන්ත තෝමස් විද්‍යාලය; පළමු ඉනිම කඩුලු 7ක් දැවී 278 (89.0) ගිසාන්තික ජයවීර නොදැවී 111, මිහිසල් අමෝද් 77, අරුශ්ක තිමිර 3/106

දේවපතිරාජ විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 103 (43.3) පැතුම් මධුශංක නොදැවී 38, ජීවක් ශහීන් 31, කවිඳු රිද්මාල්4/30, චාමික  රණසිංහ 3/42

දේවපතිරාජ විද්‍යාලය; දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 71 (36.1) සචිර රශ්මික 5/10, සෙනත් සිතාර 2/05, නිසන්දික ජයවීර 2/31


මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ මාතර සාන්ත සර්වේසස් විද්‍යාලය අතර තරගය

මහනුවර අස්ගිරිය ක්‍රීඩාංගණයේ දී අද (21) සුහද තරගයක් ලෙසින් ආරම්භ වූ මෙම තරගය වර්ෂාව හේතුවෙන් පැය දෙකක පමණ තරග කාලයකින් පළමු දිනට නතර කරන ලදි.

කාසියේ වාසිය දිනූ මාතර සාන්ත සර්වේසස් විද්‍යාලයීය ක්‍රීඩකයන්ගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි මහනුවර ත්‍රිත්ව විද්‍යාලයීය ක්‍රීඩකයෝ තරගය නතර කරන විට කඩුලු 7ක් දැවී ලකුණු 133ක් ලබා සිටියහ. එම ඉනිමේ දී පුබුදු බණ්ඩාර අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත් වීම කැපී පෙණුනි.

ත්‍රිත්ව විද්‍යාලය; පළමු ඉනිම කඩුලු 7ක් දැවී 133 (28.3) පුබුදු බණ්ඩාර 50, මොහොමඩ් රිසාන් 31, නෙතුම් සහසර 3/18, චේතක දෙනුවන්3/21

ශ්‍රී ලංකාව ලබාගත් ආරම්භයට බාධාවක්!

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම හා ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවති දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරගය අද (21) කොළඹ කොල්ට්ස් ක්‍රිකට් පිටියේ දී පැවැත්වූ නමුත් තරගයට…

මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය සහ කොළඹ තර්ස්ටන් විද්‍යාලය අතර තරගය

කොළඹ තර්ස්ටන් පිටියේ දී සුහද තරගයක් ලෙසින් පැවති මෙම තරගය විසඳුමකින් තොරව නිමා වූයේ පැවති වර්ෂාව හේතුවෙනි. තරගය නතර කරන විට තර්ස්ටන් විද්‍යාලය කඩුලු 2ක් දැවී ලකුණු 29ක් ලබා සිටියේ ය.   

කාසියේ වාසිය දිනූ තර්ස්ටන් ක්‍රීඩකයන්ගේ ආරාධනාවෙන්  පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි මාරිස් ස්ටෙල්ලා ක්‍රීඩකයෝ පෙර දිනයේ වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට කඩුලු 5ක් දැවී ලකුණු 215ක් ලබා සිටි අතර අද තරගය ආරම්භ කළ පසු  තම පළමු ඉනිම වෙනුවෙන් සියලුම දෙනා දැවී ලකුණු 244ක් රැස් කළේය. එම ඉනිම වෙනුවෙන් කෙවින් පෙරේරා ලකුණු 91ක් ලබා ගත්තේය.

මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 244 (55.3) කෙවින් පෙරේරා 91, සහන් පෙරේරා 48, රවිඳු ප්‍රනාන්දු 36, අමන්ත පෙරේරා 29, අයේශ් හර්ෂණ 2/37

තර්ස්ටන් විද්‍යාලය; පළමු ඉනිම කඩුලු 2ක් දැවී 39 (20.0)


මොරටු විද්‍යාලය සහ කළුතර සිරිකුරුස විද්‍යාලය අතර තරගය

මොරටු විද්‍යාලයීය පිටියේ දී නිමා වූ මෙම තරගයේ දෙවැනි දිනය වර්ෂාව හේතුවෙන් සම්පූර්ණයෙන්ම දියවී ගියේ ය. දිනයේ එකඳු පන්දුවක් හෝ යැවීමට නොහැකි වූ මෙම තරගය ජය පරාජයෙන් තොරව අවසන් වූ තරගයක් ලෙසින් සටහන් විය.‍

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් මොරටු ක්‍රීඩකයෝ පළමු දිනයේ දී සියලුම දෙනා දැවී ලකුණු 197ක් ලබා ගත් අතර එම ඉනිමේ දී හශේන් ආදිත්‍ය ලකුණු 84ක් ලබා ගත්තේ ය. පන්දු යැවීමේ දී මාර්ක් දීපන ලකුණු 61කට කඩුලු 4ක් ලබා ගත්තේ ය.

පිළිතුරු ලෙසින් පළමු දිනය අවසන් වෙන විට කළුතර සිරි කුරුස විද්‍යාලය කඩුල්ලක් දැවී ලකුණු 14ක් ලබා සිටියේ ය.

මොරටු විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 197 (61.2) හශේන් ආදිත්‍ය 84, නදිත් නිශේන්ද්‍ර 38, මාර්ක් දීපන 4/16, නිලක්ෂ කසුන් 3/35

සිරිකුරුස විද්‍යාල; පළමු ඉනිම කඩුල්ලක් දැවී 14 (11.0)

ගාල්ල මහින්ද විද්‍යාලය සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය අතර තරගය

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවති මෙම තරගය ජය පරාජයෙන් තොරව අවසන් විව.

කාසියේ වාසිය දිනූ මහින්ද ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් සියලුම දෙනා දැවී ලකුණු 139ක් ලබා ගත්හ. එම ඉනිම අඩු ලකුණු ප්‍රමාණයකට සීමා කිරීමේ දී තෙවින් ඊරියගම ලකුණු 09කට කඩුලු 5ක් දවා ගත්තේය.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි සාන්ත තෝමස් විද්‍යාලයීය ක්‍රීඩකයෝ පළමු දිනය නිමා වෙන විට කඩුලු 6ක් දැවී ලකුණු 135ක් ලබා සිටිය හ. අනතුරුව දෙවැනි දිනයේ දී ලකුණු පුවරුවට තවත් ලකුණු 17ක් පැමිණි පසු ඉනිම අත්හිටුවීමට සාන්ත තෝමස් නායකයා තීරණය කළේය. ඒ වෙද්දී ඉනිමේ කඩුලු 9ක් දැවී ගොස් තිබුණි.

ලකුණු 13ක් පසුපස සිටිමින් දෙවැනි ඉනිමට පිටියට පිවිසි මහින්ද ක්‍රීඩකයෝ තරගය නිමා වෙන විට කඩුලු 7ක් දැවී ලකුණු 184ක් ලබා සිටියහ. එම ඉනිමේ දී විනුර දුල්සර සහ හංසික වැලිහිඳ අර්ධ ශතක ලබා ගනිමින් දක්ෂතා දැක්වූහ.   

මහින්ද විද්‍යාලය; සියලුම දෙනා දැවී 139 (54.1): ලහිර භාෂණ 29, අශේන් කණ්ඩම්බි 29, හංසික වැලිවින්න 21, විනුර ඩිල්සර 21, තෙවින් ඊරියගම 5/09, ඩෙලොන් පීරිස් 2/45

සාන්ත තෝමස් විද්‍යාලය; කඩුලු 9ක් දැවී 152 (44.2) සිතාර හපුහින්න 58, ක්‍රිශාන් මුණසිංහ 41, ඩෙලොන් පීරිස් 26, කවීෂ විමුක්ති 3/33, ඔවිඳු කාවින්ද්‍ය 2/21, සුබානු රාජපක්ෂ 2/27

මහින්ද විද්‍යාලය; දෙවැනි ඉනිම කඩුලු 7ක් දැවී 184 (59.0) විනුර දුල්සර නොදැවී 50, හංසික වැලිහිඳ 63, කවීෂ විමුක්ති 29, චලන ප්‍රනාන්දු 2/27, ඩිල්මින් රත්නායක 2/49, ඩෙලොන් පීරිස් 2/63

ඇෆ්ගනිස්තානය බංගලියන්ගේ හැව අරී

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ නිමා වූ හය වැනි තරගයේ දී බංග්ලාදේශයට එරෙහිව ලකුණු 136ක ජයග්‍රහණයක් ලබා ගත් ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයෝ පළමු වටය නිමා වෙද්දී A…

මොරටුව වේල්ස් කුමාර විද්‍යාලය සහ කොළඹ ලුම්බිණි විද්‍යාලය  අතර තරගය

තරගාවලියේ B කාණ්ඩයේ තරගයක් ලෙසින් වේල්ස් කුමාර පිටියේ දී නිමා වූ මෙම තරග ජය පරාජයකින් තොරව අවසන් විය.

කාසියේ වාසිය දිනූ වේල්ස් කුමරුවන්ගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිස ලුම්බිණි විද්‍යාලය සියලුම දෙනා දැවී ලකුණු 208ක් ලබා ගත් අතර තරගයේ පළමු දිනය අවසානයේ දී වේල්ස් කුමරුවන් කඩුල්ලක් දැවී ලකුණු16ක් ලබා සිටියහ.

තරගය අවසන් වන විට වේල්ස් කුමරුවන් කඩුලු 9ක් දැවී ලකුණු 229ක් ලබා සිටියහ.

දෙවැනි දිනයේ කැපී පෙනෙන පිතිකරුවන් වූයේ සුවත් මෙන්ඩිස් සහ විනුජ රන්පොල් ය. ඔවුන් දෙදෙනා එක්ව වේල්ස් කුමරුවන්ගේ තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 163ක් ලබා ගත්හ. සුවත් පන්දු 126කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 96ක් ලබා ගත් අතර විනුජ පන්දු 138ක දී හතරේ පහර 9ක් සමඟ 73ක් ලබා ගත්තේ ය.

පන්දු යැවීමේ දී වමතින් දඟපන්දු යැවූ මධුරම්‍ය විජේසිරි ලකුණු 49කට කඩුලු 4ක් දවා ගත්තේය.

ලුම්බිණි විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 208 (71.4) ප්‍රභාත් මධුශංක 76, කවිඳු ප්‍රනාන්දු 38, එස්. බී. ගම්ලත් 25, මධුරම්‍ය විජේසිරි 22, කවිඳු ඩිල්ශාන් 5/63, කෞමාල් නානායක්කාර 3/69, සුවත් මෙන්ඩිස් 2/32

වේල්ස් කුමාර විද්‍යාලය; පළමු ඉනිම කඩුලු 9ක් දැවී 229 (62.1) සුවත් මෙන්ඩිස් 96, විනුජ රන්පොල් 73, කවිඳු ඩිල්ශාන් 27, මධුරම්‍ය විජේසිරි 4/49, එස්. පී. ගම්ලත් 2/20


කුරුණෑගල මලියදේව විද්‍යාලය සහ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය අතර තරගය

කුරුණෑගල මලියදේව විද්‍යාලයීය පිටියේ දී සුහද තරගයක් ලෙසින් පැවති මෙම තරගයේ දෙවැනි දිනය වර්ෂාව හේතුවෙන් සම්පූර්ණයෙන් ම අතහැර දැමීමට සිදු විය.

කාසියේ වාසිය දිනූ ධර්මපාල ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 300ක් ලබා ගත් අතර පළමු දිනය අවසානයේ දී පළමු ඉනිමට ක්‍රීඩා කළ මලියදේව විද්‍යාලය කිසිවෙක් නොදැවී ලකුණු 19ක් ලබා සිටියේ ය.

ධර්මපාල විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 300 (83.1) සංචන ලංකා 38, විහඟ ගුණරත්න 62, තවිඳු සඳරුවන් 38, දුලාජ් එගොඩගේ 32, අමිල දයානක 22, අවිශ්ක හසරින්ද 21, මධුරංග නවීන් 5/99, නිසනජය හෙට්ටිආරච්චි 2/52

මලියදේව විද්‍යාලය; පළමු ඉනිම කිසිවෙක් නොදැවී 19 (9.0)


මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය සහ කොළඹ වෙස්ලි විද්‍යාලය අතර තරගය

පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය ක්‍රිකට් පිටියේ පැවති මෙම සුහද තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. මෙම තරගය සඳහා ද වර්ෂාව බාධා කළේය.

කාසියේ වාසිය දිනූ වෙස්ලි ක්‍රීඩකයන්ගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි කිංග්ස්වුඩ් ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 112ක් ලබා ගත්හ. ඊට පිළිතුරු ලෙසින් පිටියට පිවිස සංචාරක ක්‍රීඩකයෝ පළමු දිනයේ දී ද වර්ෂාවෙන් බාධා එල්ල වෙද්දී කඩුලු 5ක් දැවී ලකුණු 25ක් ලබා සිටිය හ.

අද දිනයේ ඔවුන්ට ක්‍රීඩා කිරීමට හැකි වූයේ පන්දුවාර 5ක් පමණි.

කිංග්ස්වුඩ් විද්‍යාල; පළමු ඉනිම සියලුම දෙනා දැවී 112 (44.2) දේවින්ද දිසානායක 34, දුමිඳු ධනුෂ්ක 20, තේනුක පෙරේරා 5/13, දෙනුවන් මෙන්ඩිස් 3/13

වෙස්ලි විද්‍යාලය; පළමු ඉනිම කඩුලු 5ක් දැවී 35 (15.4)  උත්පල ජයලත් 3/16, හර්ෂණ වික්‍රමසිංහ 2/11

මේ අතර අද (21) ආරම්භ කළ මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය සහ කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය අතර තරගය ද, කොළඹ රාජකීය විද්‍යාලය සහ කොළඹ ඉසිපතන විද්‍යාලය අතර තරගය ද වර්ෂාව හේතුවෙන් අතහැර දැමුණ තරග ගොන්නට වැටුණි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<