මාතර සාන්ත තෝමස් සහ සාන්ත අන්තෝනි සුපිරි 8 වටය අභියසට?

19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය 2019/20

156
schools cricket

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් සුහද කාණ්ඩයේ තරග කිහිපයක් සහ සුපිරි 16 වටයේ තරග කිහිපයක් අද (21) පැවැත්විය. 

කැන්ගරු දේශයේ අණසක පතුරුවන්නට සැරසෙන සිංහ ධේනුවන්

එක්දින ලෝක ශූරියන් ලෙස කිරුළ පැලඳූ එංගලන්ත කණ්ඩායම මොහොතකට

දෙවන දිනයට පැවති තරග 

මහින්ද විද්‍යාලය සහ නාලන්දා විද්‍යාලය (සුහද තරගය)

  • ස්ථානය – මහින්ද විද්‍යාල ක්‍රිකට් පිටිය
  • කාසියේ වාසිය – මහින්ද විද්‍යාලය

නවෝද් පරණවිතානගේගේ තුන් ඉරියව් දස්කම් ප්‍රදර්ශනය වූ මෙම තරගයේ දී අර්ධ ශතකයක් සහ කඩුලු 5ක් දවා ගැනීමට ඔහු සමත් විය. ඊට අමතරව මහීම වීරකෝන්, කෞෂිත කොඩිතුවක්කු මහින්ද විද්‍යාලය වෙනුවෙන් පිළිවෙළින් පිතිකරණයේ සහ පන්දු යැවීමෙන් දස්කම් දක්වන ලදි. 

තරගයේ කැපී පෙනුනම ක්‍රීඩකයා වූ නාලන්ද නායක අවිශ්ක පෙරේරා ලකුණු 114ක් ලබාගෙන මෙවර තරග වාරය තුල ලකුණු 1000 සීමාව පසු කර යාමට සමත් විය.

මහින්ද විද්‍යාලය: 152 (52.4) සඳෙව් ඉඳුවර 46, කවිඳු ලක්ෂාන් 26, මහීම වීරකෝන් 7/33. සහ 280/8 (85) කෞෂිත කොඩිතුවක්කු 74, නවෝද් පරණවිතාන 69, සිතිර හේලිත 30, කෝසල උදයංග 26, රවීන් ද සිල්වා 4/76, දිනෙත් සමරවීර 2/38.

නාලන්දා විද්‍යාලය: 199 (55.3) අවිශ්ක පෙරේරා 114, නවෝද් පරණවිතාන 5/48, කුෂාන් මදූෂ 4/64. 


සාන්ත ආනා විද්‍යාලය සහ සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය (සුහද තරගය)

  • ස්ථානය – සාන්ත ආනා විද්‍යාල ක්‍රිකට් පිටිය
  • කාසියේ වාසිය – සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය 

ඉතාමත් හොඳින් දෙපසට දෝලනය වූ  මේ තරගයේ දී දෙපිලේම ක්‍රීඩකයින් එක හා සමාන වූ මට්ටමේ දස්කම් දක්වන ලදි. සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය වෙනුවෙන් ඉනිම දෙක තුල පිතිකරණයෙන් ලකුණු අතරට පැමිණි අභිෂේක් කුමාර් පළමු ඉනිමේ ලකුණු 41ක් සහ දෙවන ඉනිමේ දී ලකුණු 48ක් ලකුණු සටහනට එකතු කළේය. සාන්ත ආනා විද්‍යාලයේ ලසිත් වර්ණකුලසූරිය මේ තරගය තුල අර්ධ ශතකයක් ලබාගත් එකම ක්‍රීඩකයා විය.

සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය: 142 (55.5) අභිෂේක් කුමාර් 41, සත්සර ගමගේ 29, මනාන් මුසම්මිල් 3/41, පසිඳු තෙන්නකෝන් 3/52, කළිඳු විජේසිංහ 2/21. සහ 149 (73.5) අභිෂේක් කුමාර් 48*, චන්දුල ජයකොඩි 29, කවිඳු ඒකනායක 3/13, මනාන් මුසම්මිල් 3/49.

සාන්ත ආනා විද්‍යාලය:  136 (60.1) ලසිත් වර්ණකුලසූරිය 59, මුයිස් රෆීල් 26, අභිෂේක් කුමාර් 2/08, තත්සර ගමගේ 2/34 

විශ්ව චතුරංග පළමු පෙළ හොඳම ඉනිම වාර්තා කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major League – Tier B පළමු පෙළ ක්‍රිකට්


පළමු දිනයට පැවති තරග 

මලියදේව විද්‍යාලය සහ මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය (සුපිරි 16 වටය)

  • ස්ථානය –  සාන්ත අන්තෝනි විද්‍යාල ක්‍රිකට් පිටිය
  • කාසියේ වාසිය – මලියදේව විද්‍යාලය

මලියදේව විද්‍යාලය  – 109 (47) මතීෂ වීරසිංහ 46, ගිහාන් ඊබර්ට් 4/29, නිම්නක ජයතිලක 4/29.

සාන්ත අන්තෝනි විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 175/9 (45.2) චමිඳු වික්‍රමසිංහ 49, අංජන බණ්ඩාර 42*, සකිඳු විජේතිලක 5/65, පසිඳු තෙන්නකෝන් 3/43.


ඩී. එස්. සේනානායක විද්‍යාලය සහ මාතර සාන්ත තෝමස් විද්‍යාලය (සුපිරි 16 වටය)

  • ස්ථානය – උයන්වත්ත ක්‍රිකට් පිටිය
  • කාසියේ වාසිය – ඩී. එස්. සේනානායක විද්‍යාලය

ඩී. එස්. සේනානායක විද්‍යාලය – 107 (36.1) මනුර පීරිස් 27, සචිර රශ්මික 3/10, සිනෙත් සිතාර 3/23, හිරුෂ ජීවජිත් 2/30

සාන්ත තෝමස් විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 200/6 (56) හිරන්ත ලක්ෂාන් 77, සජය මදුරංග 24, සනිරු දිසානායක 2/16.

Video – T20 නායකයා ලෙස මගේ බලාපොරොත්තුව පුහුණුකරුට උපරිම සහයෝගය ලබා දෙන්න – මාලිංග

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය ආරම්භ කරමින් පැවැත්වෙන එක්දින තරග තුනකින් සහ විස්සයි විස්ස තරග දෙකකින්


සාන්ත ජෝසප් විද්‍යාලය සහ ආනන්ද විද්‍යාලය (සුහද තරගය)

  • ස්ථානය – සාන්ත ජෝසප් විද්‍යාලය
  • කාසියේ වාසිය – සාන්ත ජෝසප් විද්‍යාල ක්‍රිකට් පිටිය

සාන්ත ජෝසප් විද්‍යාලය – 377/8d (62.4) ශෙවෝන් ඩැනියල් 117, ශෙරන් ෆොන්සේකා 102, දුනිත් වෙල්ලාලගේ 70, දිනෙත් ජයකොඩි 44, දෙනෙත් නිස්සංක 3/77, ජනිඳු ජයවර්ධන 2/53, දසුන් තාරුක 2/67.

ආනන්ද විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 104/3 (26) තුශාල් ධර්මරත්න 27, නෙත්ම කරුණාරත්න 26*, හංසජ ජයසිංහ 24*.


සහිරා විද්‍යාලය සහ කිංග්ස්වුඩ් විද්‍යාලය (සුදහ තරගය)

  • ස්ථානය – සහිරා විද්‍යාල ක්‍රිකට් පිටිය
  • කාසියේ වාසිය – කිංග්ස්වුඩ් විද්‍යාලය

කිංග්ස්වුඩ් විද්‍යාලය – 77 (27) ඉමිතියාස් ස්ලාසා 6/08, ඉශාන් රහීම් 2/19

සහිරා විද්‍යාලය (පළමු දිනය අවසානයේ)- 257/8 (53) මොහොමඩ් ශාමස් 115, ඉශාන් රහීම් 30*, මොහොමඩ් රහිදි 28, මොහොමඩ් මහධි 24, කේෂාන් කෙවින් 3/40, අමේෂ් රූපසිංහ 3/70, චමුදික අබේරත්න 2/27.

අවිශ්ක පෙරේරා පිට පිට දහස අභිබවූ පළමු නාලන්ද ක්‍රීඩකයා වෙයි

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් සුහද


ත්‍රිත්ව විද්‍යාලය සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය (සුහද තරගය)

  • ස්ථානය – ත්‍රිත්ව විද්‍යාලය
  • කාසියේ වාසිය – ත්‍රිත්ව විද්‍යාල ක්‍රිකට් පිටිය 

ත්‍රිත්ව විද්‍යාලය – 281/9d (71.2) පසන් ගනේගොඩ 87, තෙවින් අමරසිංහ 62, රනුද සෝමරත්න 42, ඩිරෙන් ද සිල්වා 3/52, යසිරු රොද්‍රිගෝ 3/56.

සාන්ත තෝමස් විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 76/2 (21) ශලින් ද මෙල් 37, දිල්මින් රත්නායක 29.


ගුරුකුල විද්‍යාලය සහ මොරටු මහා විද්‍යාලය 

  • ස්ථානය – මොරටු මහා විද්‍යාල ක්‍රිකට් පිටිය
  • කාසියේ වාසිය – ගුරුකුල විද්‍යාලය

ගුරුකුල විද්‍යාලය – 189 (55.3) ප්‍රවීන් නිමේෂ් 86, රශ්මික මෙවන් 36, ශෂික අශාන් 24, දිනෙත් චාමර 24, මදුර ගිම්හාන 3/26, දුල්ශාන් ගවීෂ 2/10, රෂාන් කවිෂ්ක 2/42, එරන් හංසමාල් 2/52.

මොරටු මහා විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 101/9 (38) සුසිත දෙව්තිලින 23, දුල්ශාන් ගවීෂ 22*, තුෂාර මදුශාන් 3/17, ලික්ශාන් සසංග 2/18, රශ්මික මෙවන් 2/18.

පළමු දිනයට ක්‍රියාත්මක වූ තරග හෙට (22) දින දෙවන දිනයටත් පැවැත්වේ. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<