තර්ස්ටන් පන්දු යවන්නන් හමුවේ දේවපතිරාජ විද්‍යාලය ප්‍රබල තැනක

96

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ සිංගර් කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (17) නිමා වූ අතර ඒ සියලු තරග සඳහා වර්ෂාවෙන් බාධා එල්ල විය.

පාසල් තරග 3කට වැහි දෙවියෝ බැල්ම හෙලයි

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ සිංගර් කුසලාන ක්‍රිකට් තරගාවලියේ…

තර්ස්ටන් විද්‍යාලය හා රත්ගම දේවපතිරාජ විද්‍යාලය

C කාණ්ඩයේ තරගයක් ලෙස ක්‍රියාත්මක වූ මේ තරගයේ පළමු දිනය තුල පන්දුවාර 83ක් ක්‍රියාත්මක කිරීමට තර්ස්ටන් පන්දු යවන්නන් සමත් විය. තරගයේ කාසියේ වාසිය දිනා ගත් දේවපතිරාජ විද්‍යාල නායක කල්ප චේතිය තර්ස්ටන් විද්‍යාල තණතීරුව මත පළමුව පන්දුවට පහර දීමට තීරණය කරන ලදි.

ලබා ගත් එම තීරණය නිවැරදි තීරණයක් බව පෙන්නුම් කළ දේවපතිරාජ පිතිකරුවන් තරගයේ පළමු දිනය අවසන් වන විට කඩුල්ලක් දැවී ලකුණු 278ක් වාර්තා කරගන්නා ලදි.

පිතිකරණයේ නිරත වන ජීවක ශෂීන් හා කල්ප චේතිය පිළිවෙළින් ලකුණු 98ක් හා ලකුණු 73ක් වාර්තා කරගනිමින් පළමු දිනය අවසන් වන විට දේවපතිරාජ පළමු ඉනිම ඉතාමත් හොඳ මට්ටමකට රැගෙන එන ලදි. පන්දු යැවීමේ දී පුන්තිල කුමාර ලකුණු 103කට කඩුලු 2ක් දවා ගන්නා විට, යොහාන් ලියනගේ කඩුලු 2ක් දවා ගන්නා ලදි.

දේවපතිරාජ විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 278/7 (83): ජීවක ශෂීන් 98, කල්ප චේතිය 73, පවන් සංදේශ් 30, සසංග නිර්මාල් 25*, පුන්තිල කුමාර 3/103, යොහාන් ලියනගේ 2/78.

පාකිස්තානෙට නොගිය අයත් ඕස්ට්‍රේලියා යන සංචිතයට

මේ මස 27 වැනිදා ආරම්භ වන ඕස්ට්‍රේලියානු තරග සංචාරය සඳහා සහභාගි වීමට නියමිත ශ්‍රී ලංකා කණ්ඩායමට පසුගිය…

ධර්මපාල විද්‍යාලය හා අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය

B කාණ්ඩයේ තරගයක් වූ මේ තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් සංචාරක ධර්මාශෝක විද්‍යාලය පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. කෙසේ නමුත් වර්ෂාව පතිත වීම නිසා තරගයේ ආරම්භ වීම සඳහා පැය කිහිපයක් ගත විය. ඒ නිසා තරගයේ පළමු දිනය තුල ක්‍රියාත්මක කිරීමට හැකි වූයේ පන්දුවාර 51කුත් පන්දු 3ක් පමණයි.

තරගයේ පළමු දිනය අවසන් වන විට ධර්මාශෝක විද්‍යාලය ඔවුන්ගේ පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 6ක් දැවී ලකුණු 95ක් ලබාගෙන යම් අසීරු මට්ටමක සිටියේය. නොදැවී ක්‍රීඩා කරමින් කඩුල්ලේ රැඳී සිටින යොහාන් ද සොයිසා  ලකුණු 35*යි.

ධර්මාශෝක විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 95/6 (51.3): යොහාන් ද සොයිසා 35*.

පළමු දිනයට පැවැත්වූ මේ  තරග සියල්ලම හෙට (18) දෙවන දිනයටත් පැවැත්වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<