නිපුන් මාලිංගගෙන් ශතකයක්

235

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තරග අතුරින් ඊයේ (11) දවසේ කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට ගාල්ල මහින්ද විද්‍යාලයේ නිපුන් මාලිංග සමත් විය.

ඔහු ඊයේ දේවපතිරාජ විද්‍යාලයට එරෙහිෙව මහින්ද විද්‍යාලයීය ක්‍රීඩා පිටියේ දී ශතකයක් වාර්තා කළේය.

ලකුණු පසුපස හඹායන සන්තුෂ්ගෙන් තවත් ශතකයක්

පාසල් ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ දස්කම් ප්‍රදර්ශනය කිරීම වෙනුවෙන් තැනී තිබෙන වේදිකාවක් වන සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ…

පළමුවෙන් පන්දුවට පහර දුන් රත්ගම දේවපතිරාජ විද්‍යාලය සියලුම දෙනා දැවී ලකුණු 183ක් ලබා සිටි අතර ඊට පිළිතුරු ලෙසින් මහින්ද ක්‍රීඩකයෝ පළමු දිනය අවසාන වන විට කඩුලු 3ක් දැවී ලකුණු 185ක් ලබා සිටිය හ.

එතැන් සිට අද ඉනිම ඇරඹූ මහින්ද විද්‍යාලයීය ක්‍රීඩකයෝ තම පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 7ක් දැවී ලකුණු 333ක් ලබා ගත්හ. එම ඉනිම නිපුන් මාලිංග ලකුණු 124ක් ලබා ගැනීම කැපී පෙණුනි. ඊට අමතරව කෞෂිත කොඩිතුවක් (61) සහ හංසික වැළිහිඳ (50) අර්ධ ශතක ලබා ගත්හ.

ඉනිමක පරාජයෙන් ගැලවීමට ලකුණු 150ක් පිටුපස සිටිමින් තම දෙවැනි ඉනිම ඇරඹූ දේවපතිරාජ ක්‍රීඩකයෝ තරගය අවසන් වෙන විට කඩුලු 7ක් දැවී ලකුණු73ක් ලබා සිටිය හ. ඒ අනුව තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.

දේවපතිරාජ විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 183 (67.5) සුධීර වීරරත්න 52, ඉරුෂික තිමිර 49, තිසරු ඩිල්ෂාන් 23, පසන් පෙතන්ගොඩ 5/49, කුෂාන් මධූශ 4/61

මහින්ද විද්‍යාලය; පළමු ඉනිම කඩුලු 7ක් දැවී 333 (53.1) කෞශිත කොඩිතුවක්කු 61, හංසික වැලිහිඳ 50, නිපුන් මාලිංග 124, අශේන් කණ්ඩම්බි 37, සදෙව් ඉඳුවර 26, දනුජ ඉඳුවර 22, පැතුම් මධුශංක 2/49, ජීවක ශෂීන් 2/71

දේවපතිරාජ විද්‍යාලය; දෙවැනි ඉනිම කඩුලු 7ක් දැවී 73 (42.5) ජීවක ශෂීන් නොදැවී 25, පසන් පෙතන්ගොඩ 3/23, කුශාන් මධුශාන් 2/18


ගාල්ල සාන්ත ඇලෝසියස් සහ වෙන්නප්පුව ජෝසප් වාස් විද්‍යාලය අතර තරගය

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවති මෙම තරගයෙන් ඉනිමක සහ ලකුණු 44ක පහසු ජයක් වාර්තා කිරීමට සාන්ත ඇලෝසියස් විද්‍යාලය සමත් විය.

පළමුවෙන් පන්දුවට පහර දුන් සාන්ත ජෝසප් වාස් ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට රැස් කළේ ලකුණු 75ක් පමණි. ඊට පිළිතුරු ලෙසින් සාන්ත ඇලෝසියස් ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට කඩුලු 8ක් දැවී ලකුණු 247ක් රැස් කළහ. එම ඉනිමට අර්ධ ශතක‍ දෙකක් ඇතුළත් විය. ඒ ගිම්හාන ආශීර්වාද (75) සහ ඔමල් සන්දිත් (50) විසිනි.

පරාජයෙන් ගැලවීම සඳහා ලකුණු 172ක් පිටුපස සිටිමින් දෙවැනි ඉනිමට පිටියට පිවිසි සාන්ත ජෝසප් වාස් ක්‍රීඩකයෝ එවර රැස් කළේ සියලුම දෙනා දැවී ලකුණු 127ක් පමණි.

සාන්ත ජෝසප් වාස් විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 75 (40.2) මනුශ්ක සමිත් 5/16, කවිඳු දිල්හාර 3/21

සාන්ත ඇලෝසියස් විද්‍යාලය; පළමු ඉනිම කඩුලු 8ක් දැවී 247 (63.5) ගිම්හාන ආශිර්වාද 75, ඔමල් සන්දිත් 50, හර්ශන නදීශ 29, මනුශ්ක සමිත් 27, රවිඳු කාංචන 22, අචින්ත දේශාන් 3/63, අවිඳු ශෙහාර 2/57, දනුක නිර්මාල් 2/66

සාන්ත ජෝසප් වාස් විද්‍යාලය; දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 127 (46.2) සොහාන් අනුරුද්ධ 65, හර්ශන නදීශ 3/24, අනුශ්ක සමිත් 2/44

20-20 සිහිනයත් බොඳ වෙමින් ශ්‍රී ලංකාව තරගාවලි ත්‍රිත්වයම පරාජය වේ

ලසිත් මාලිංග පන්දු යැවීමෙන් එල්ල කළ අභියෝගයත් තිසර පෙරේරා පන්දුවට පහර දීමේ දී දැක්වූ දක්ෂතාවත් හැරෙන්නට වෙනත් කිසිදු දක්ෂතාවක්…

කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය සහ කොළඹ රාජකීය විද්‍යාලය අතර තරගය

කොළඹ 10, සාන්ත ජෝසප් විද්‍යාලයීය පිටියේ දී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් රාජකීය විද්‍යාලයීය ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් කඩුලු 9ක් දැවී ලකුණු 240ක් ලබා ගත්හ. එම ඉනිම වෙනුවෙන් භාග්‍ය දිසානායක ලකුණු 88ක් ලබා ගත්තේ ය.  ඔහුට අමතරව පසිඳු සූරියබණ්ඩාර ද අර්ධ ශතකයක් ලබා ගැනීමට සමත් විය.

කඩුලු ලබා ගැනීමේ දී සාලින්ද සෙනෙවිරත්න ලකුණු 83කට කඩුලු 6ක් දවා ගත්තේ ය.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි සත්කාරක ක්‍රීඩකයෝ දිනය අවසන් වෙද්දී කිසිවෙක් නොදැවී ලකුණු 36ක් ලබා සිටිය හ.

තරගය අද (12) දිනටත් ක්‍රියාත්මක ය.

රාජකීය විද්‍යාලය; පළමු ඉනිම කඩුලු 9ක් දැවී 240 (98) භාග්‍ය දිසානායක 88, පසිඳු සූරියබණ්ඩාර 63, කෞෂාන් කුලසූරිය 26, සාලින්ද සෙනෙවිරත්න 6/83, අශේන් ඩැනියෙල් 2/62

සාන්ත ජෝසප් විද්‍යාලය; පළමු ඉනිම කිසිවෙක් නොදැවී 36 (6)


කැළණිය ගුරුකුල විද්‍යාලය සහ මහනුවර සාන්ත සිල්වෙස්තර විද්‍යාලය අතර තරගය

මෙම තරගයේ දී පළමු ඉනිමේ ජයග්‍රහණයක් වාර්තා කිරීමට මහනුවර සිල්වෙස්තර විද්‍යාලයීය ක්‍රීඩකයෝ සමත් වූහ.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දීමෙ අවස්ථාව සිල්වෙස්තර ක්‍රීඩකයන් විසින් ගුරුකුල ක්‍රීඩකයන්ට පිරිනැමූ අතර ඒ අනුව පිටියට පිවිසි ඔවුන් තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 128ක් ලබා ගත්හ. ඊට පිළිතුරු ලෙසින් සාන්ත සිල්වෙස්තර ක්‍රීඩකයෝ ලබා ගත් ලකුණු සංඛ්‍යාව 183කි.

ලකුණු 55ක් පසුපසින් තම දෙවැනි ඉනිම ඇරඹූ ගුරුකුල ක්‍රීඩකයෝ ලබා ගත්තේ ලකුණු 136ක් පමණි. ඒ අනුව ජයග්‍රහණය සඳහා ලකුණු 82ක ඉලක්කයක් පසු ගිය සාන්ත සිල්වෙස්තර ක්‍රීඩකයෝ තරගය අවසන් වෙන විට ලබා සිටියෙ කඩුලු 9ක් දැවී ලකුණු 76ක් පමණි.

ගුරුකුල විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 128 (49.3) රශ්මික් මෙවන් 63, හසිඳු නිශ්ශංක 3/24, චරිත් රාජගුරු 2/13, පසන් හෙට්ටිආරච්චි 2/15, නදීර බාලසූරිය 2/36

සාන්ත සිල්වෙස්තර විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 183 (68.1) නදීර බාලසූරිය 66, අවිඳු හේරත් 26, කෙවින් නිම්ශාන් 24, සචින්ත චමිත් 3/27, රිසික සංකල්ප 3/44, ප්‍රවීන් නිමේෂ් 2/25

ගුරුකුල විද්‍යාලය; දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 136 (49.2) රශ්මික මෙවන් 47, ශානක ඉශාර නොදැවී 26, නුවන් චානක 20, මනෝහර පවිත්‍ර 5/34, ඉරෝෂ චන්ද්‍රබාහු 2/19,හසිඳු නිශ්ශංක 2/33

සාන්ත සිල්වෙස්තර විද්‍යාලය; දෙවැනි ඉනිම කඩුලු 9ක් දැවී 76 (21) පසන් හෙට්ටිආරච්චි 22, සචින්ත චමිත් 3/19, ප්‍රවීන් නිමේෂ් 3/32

ටෙස්ට් සහ එක්දින පිටිය වර්ණවත් කළ රෝයි ඩයස්

1979 වසරේ දී අනුර තෙන්නකෝන්ගේ නායකත්වය යටතේ ICC කුසලානය දිනා ගැනීමට හැකි වීම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ලබා ගත් විශාල ජයග්‍රහණයකි.

කොළඹ වෙස්ලි විද්‍යාලය සහ කොළඹ ආනන්ද විද්‍යාලය අතර තරගය

කොළඹ වෙස්ලි විද්‍යාලයීය පිටියේ දී ඊයේ ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ආනන්ද නායකයා තම කණ්ඩායමට පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව උදාකර ගත්තේ ය.

ඒ අනුව පිටියට පිවිසි ඔවුන් තරගයේ පළමු දිනය අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 288ක් ලබා ගත්හ.  එම ඉනිම වෙනුවෙන් ශතක දෙකක් ඇතුළත් විය. ඒ මෝදිත රණතුංග (84) සහ කළණ විජේසිරි (75) ය. කඩුලු ලබා ගැනීමේ දී තෙනුක පෙරේරා ලකුණු 84කට කඩුලු 5ක් දවා ගත්තේ ය.

මෙම තරගය අද (12) දිනයේත් පැවැත්වීමට නියමිත ය.

ආනන්ද විද්‍යාලය; පළමු ඉනිම කඩුලු 8ක් දැවී 288 (94.3) මෝදිත රණතුංග 84, කළණ විජේසිරි 75, සුදීප අඟුළුගහ 40, කමේෂ් නිර්මාල් 38, දමින්ද රෙශාන් 25, තෙනුක පෙරේරා 5/84

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<

>>මෙම ලිපියේ පළමු කොටසට පිවිසෙන්න<<