මැලේසියාව සමඟ පැවැත්වීමට නියමිත ආසියානු රග්බි ශූරතාවයේ Play Off තරගය සඳහා ක්‍රීඩකයින් 23 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
සුදත් සම්පත් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ජාතික තේරීම් කමිටුව සහ සනත් මාර්ටිස්ගේ ප්‍රධානත්වයෙන් යුතු පුහුණු කාර්ය මණ්ඩලය විසින් තෝරා ඇති මෙම සංචිතයේ එළඹෙන අප්‍රේල් 19 වැනි දා කොළඹ තුරඟ තරග පිටියේ දී මැලේසියාව සමඟින් තරග වැදීමට නියමිතයි.
නයිජල් රත්වත්තේගේ නායකත්වයෙන් යුත් මෙම සංචිතයට පසුගිය වසරේ ඉන්දියාව සහ කසකස්තානය සමඟ ක්‍රීඩා කළ ජනිඳු ප්‍රනාන්දු, පුලස්ති දසනායක ඇතුළු ක්‍රීඩකයින් 08 දෙනෙකු සමඟ, නිමා වූ දේශීය රග්බි ලීග් තරගාවලියේ දී දක්ෂතා අතරට පිවිසුණු ක්‍රීඩකයින් එක් කර තිබෙනවා.
පසුගිය වසරේ පැවැත්වුණු ආසියානු රග්බි Division 1 ශූරතාවලිය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාව සමත් වූ අතර, ඒ අනුවයි ඔවුන් ගිය වසරේ පැවැත්වුණු ආසියානු රග්බි ශූරතාවලියේ සිව්වැනි ස්ථානයට පත් වූ මැලේසියාව සමඟ මෙම තරගයට සහභාගී වීමට සුදුසුකම් ලබාගත්තේ.
මෙම තරගය ජය ගන්නා කණ්ඩායමට 2025 ආසියානු රග්බි ශූරතාව වෙනුවෙන් ක්‍රීඩා කිරීමට අවකාශය හිමි වනු ඇති.
- CR & FC තවමත් අපරාජිතයි; පොලිසියෙන් විශිෂ්ට නැගී සිටීමක්
- CR & FC නොනැවතී ඉදිරියට; මහනුවර නැවතත් සුපුරුදු රිද්මයට
- CR & FC ඉතිහාසගත ජයක් ලබමින් අපරාජිත ව ඉදිරියට
- CR & FC සහ මහනුවර අපරාජිත ගමනක; නාවික හමුදාව තවමත් ජයක් සොයයි
- මහනුවර, පොලිස්, CR&FC සහ Havelock ජයග්‍රාහීව තරගාවලිය අරඹයි
ශ්‍රී ලංකා සංචිතය;
- ජනිඳු ප්‍රනාන්දු (Havelock)
- පුලස්ති දසනායක (CH & FC)
- සෙනුර පෙරේරා (CR & FC)
- නවීන් මාරසිංහ (CR& FC)
- තිලිණ බණ්ඩාර (Kandy)
- Nizraan Nilar (Sri Lions)
- තරිඳු චතුරංග (Kandy)
- ලසිඳු කරුණාතිලක (CR & FC)
- හේශාන් ජැන්සන් (Kandy)
- නයිජල් රත්වත්තේ (නායක) (Kandy)
- ජනිඳු ඩිල්ශාන් (CH & FC)
- ආකාශ් මදුශංක (Police)
- ධනුශ්ක රන්ජන් (Kandy)
- දිනාල් ඒකනායක (Kandy)
- Mursheed Zubair (CR & FC)
- වෙනුර කොදාගොඩ (CR & FC)
- විමුක්ති ගමගේ (CH & FC)
- තනූජ ජයවීර (CR & FC)
- නිරෝශ් පෙරේරා (CH & FC)
- දහන් වික්‍රමාරච්චි (Kandy)
- Mohommad Rifan (Havelock)
- තේනුක නානායක්කාර (CR & FC)
- පසිඳු බණ්ඩාර (CH & FC)
අතිරේක – මලිත විජේසුන්දර (Kandy), හිරන්ත පෙරේරා (Police)
මෙම තරගය එළඹෙන අප්‍රේල් 19 වැනි දා ThePapare වෙතින් සජීවී ව විකාශය කිරීමට නියමිත අතර, එදින සවස 4.00 සිට ThePapare 1HD (Dialog Television ch.126), Dialog Viu සහ ThePapare.com හරහා නැරඹීමේ අවස්ථාව ඔබට හිමි වනු ඇති. රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<