නවෝද්, නිශාන් සහ චෙහාන් අර්ධ ශතක ලබා ගනී

272

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් පළාත් වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ අද (15)  පැවති තරග අතරින් ජයග්‍රහණ වාර්තා කිරීමට බස්නාහිර පළාත් දකුණ කණ්ඩායම සහ දකුණු පළාත් කණ්ඩායම සමත් වුනා. ඔවුන් වෙතින් පරාජයට පත් වූයේ පිළිවෙළින් නැගෙනහිර සහ ඌව පළාත් කණ්ඩායම යි.

මාරිස් ස්ටෙල්ලා ක්‍රීඩක අශාන් බ. උතුරට ජයග්‍රහණය රැගෙන යයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේ…

දිනයේ කැපී පෙනෙන දක්ෂතා අතරට ආවේ දකුණු පළාත නියෝජනය කරන වමත් ආරම්භක පිතිකරු නවෝද් පරණවිතාන ය. ඔහුට අමතරව බස්නාහිර පළාත් දකුණ කණ්ඩායම නියෝජනය කළ නිශාන් ප්‍රනාන්දු සහ ඌව පළාත් කණ්ඩායම නියෝජනය කළ චෙහාන් කාවින්ද දක්ෂතා දැක්විය. ඔවුන් තිදෙනාම අර්ධ ශතක ලබා ගනිමින් තමන්ගේ කණ්ඩායම් වර්ණවත් කළා.

බස්නාහිර පළාත දකුණ හා නැගෙනහිර පළාත අතර තරගය

කොළඹ NCC ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ දී බස්නාහිර පළාත් දකුණ ක්‍රීඩකයන්ට කඩුලු 6ක පහසු ජයක් හිමි විය. ඒ තවත් පන්දුවාර 19කුත් පන්දුවක් ඉතිරිව තිබෙද්දීයි.

කාසියේ වාසිය දිනා ගත් බස්නාහිර පළාත් දකුණ නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව නැගෙනහිර පළාත් ක්‍රීඩකයන්ට බාර කළා. ඒ අනුව පිටියට පිවිසි ඔවුන් අවසන් පන්දුවාරයේ පන්දු 4ක් ඉතිරිව තිබිය දී සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 121ක් පමණයි.

එම ඉනිමේ වැඩිම ලකුණුලාභින් වූයේ මඩකලපුව මධ්‍ය මහා විද්‍යාලයේ එල්. ආකාශ් (21) සහ එස්. ඩිරුශන් (17) ය. අනෙකුත් පිතිකරුවන්ගෙන් එතරම් සේවයක් නොවෙද්දී පන්දු යැවීමේ දී ටෂික පෙරේරා, රොහාන් සංජය සහ නුවනිඳු ප්‍රනාන්දු අතර කඩුලු 2 බැගින් බෙදී ගියා.

පිළිතුරු ඉනිමට පිටියට පිවිසි බස්නාහිර පළාත් දකුණ ක්‍රීඩකයෝ ප්‍රතිවාදී ඉලක්කය පසු කළේ කඩුලු 4ක් පමණක් දැවී යමින්. තරගයේ ජයග්‍රහණය කරා ගෙන යෑමට බස්නාහිර පළාත් දකුණ කණ්ඩායමේ නායක මොරටු මහා විද්‍යාලය නියෝජනය කරන නිශාන් ප්‍රනාන්දු නොදැවී ලකුණු 58ක් ලබා ගත්තා. පළමු කඩුල්ල බිඳ වැටීමෙන් පසුව පිටියට පිවිසි ඔහුගේ ඉනිම පන්දු 36කින් සමන්විත වුනා. ඊට හතරේ පහර 4ක් ද ඇතුලත් වුනා.

නාය ගිය ඉනිම චන්දිමාල් හුදකලා සටනකින් ගොඩ දමයි

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම අතර තරග තුනකින්…

නිශාන් තෙවැනි කඩුල්ල සඳහා ජනිශ්ක පෙරේරා (14) සමග එක්වෙමින් ලකුණු 35ක සබඳතාවක් ද එක් කළා. එය ඉනිමේ හොඳම කඩුලු සබඳතාව ද වුනා. ඔවුන්ට අමතරව සුවත් මෙන්ඩිස් නොදැවී ලකුණු 18ක් ලබා ගත්තා.

නැගෙනහිර පළාත් ක්‍රීඩකයෝ අද පරාජය වූයේ මෙම තරගාවලියේ දෙවැනි තරගයයි. මීට ප්‍රථම ඔවුන් බස්නාහිර පළාත් මධ්‍යම කණ්ඩායමට ලකුණු 275කින් පරාජයට පත් වුනා.

නැගෙනහිර පළාත් කණ්ඩායම; සියලුම දෙනා දැවී 121 (49.2) එල්. ආකාශ් 21, එස්. ඩිරුශන් 17, ටෂික පෙරේරා 2/20, රොහාන් සංජය 2/21, නුවනිඳු ප්‍රනාන්දු 2/16

බස්නාහිර පළාත් දකුණ කණ්ඩායම; කඩුලු 4ක් දැවී 122 (30.5) නිශාන් ප්‍රනාන්දු නොදැවී 58, සුවත් මෙන්ඩිස් නොදැවී 18


ඌව පළාත සහ දකුණු පළාත අතර තරගය

කටුනායක නිදහස් වෙළඳ කලාප ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 5ක ජයග්‍රහණයක් ලබා ගැනීමට දකුණු පළාත් ක්‍රීඩකයෝ සමත් වුනා.

පැවති අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ මෙම තරගය ආරම්භ වූයේ පෙරවරු 11.00ට. ඒ පන්දුවාර 47ක තරගයක් ලෙසින්. කාසියේ වාසිය දිනූ දකුණ ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ඌව ක්‍රීඩකයන් සතු කළා. ඒ අනුව පිටියට පිවිසි ඔවුන් පන්දුවාර 6ක් පමණක් ක්‍රීඩා කරද්දී නැවත වර්ෂාව පතිත වූවා. ඒ වෙද්දී ඌව ක්‍රීඩකයෝ ලබා සිටියේ කඩුල්ලක් දැවී ලකුණු 20ක් පමණයි.

අනතුරුව තරගය නැවත ආරම්භ වූයේ පන්දුවාර 36ක තරගයක් ලෙසින්. ඒ අනුව ඔවුන් කඩුලු 7ක් දැවී ලකුණු 165ක් ලබා ගත්තා. ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ චිහාන් කාවින්ද ඔහු නොදැවී ලකුණු 67ක් ලබා ගත්තා. ඒ වෙනුවෙන් පන්දු 73ක් වැය කළ ඔහු හයේ සහ හතරේ පහර 3 බැගින් එල්ල කළා. ඔහුට අමතරව ඉෂාන් සංගීත් සහ චේතක දෙනුවන් ද ලකුණු අතරට පිවිසියා.

කඩුලු දවා ගැනීමේ දී නිපුන් මාලිංග සහ ඩිල්ශාන් මධුශංක කඩුලු 2 බැගින් දවා ගත්තා.

ඌව පළාත් ක්‍රීඩකයෝ ලකුණු 165ක් ලබා ගත්ත ද ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ඔවුන්ගේ ලකුණු පුවරුවට තවත් ලකුණක් එක් වෙමින් දකුණු පළාත් කණ්ඩායමේ ජයග්‍රාහී ඉලක්කය 167ක් බවට පත් වුනා.

පිළිතුරු ඉනිමට පිටියට පිවිසි දකුණු පළාත් ක්‍රීඩකයෝ පන්දුවාර 27.3ක දී කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 172ක් ලබා ගත්තා. ඒ අනුව දකුණු පළාත් ක්‍රීඩකයෝ තමන් තරගාවලියේ සහභාගී වූ පළමු තරගයේ දී ලකුණු 5ක ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත තරග ජයග්‍රහණයක් ලැබුවා.

ජයග්‍රහණය කරා යෑමේ දී ගාල්ල මහින්ද විද්‍යාලයේ නවෝද් පරණවිතාත සුවිශේෂී දක්ෂතා දක්වමින් නොදැවී ලකුණු 82ක් ලබා ගත්තා. ආරම්භක පිතිකරු ලෙසින් පිටියට පිවිසි නවෝද් තරගය අවසන් කළේ පන්දු 84කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 82ක් ලබා ගනිමින්.

මහේල ක්‍රීඩා ඇමතිට පිළිතුරු දෙයි

ක්‍රීඩා අමාත්‍ය ගරු ෆයිසර් මුස්තාෆා මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විශේෂඥ උපදේශකවරුන් ලෙස පැමිණෙන්නැයි..

ඔහුත් සමඟ එක් වූ කණ්ඩායමේ කඩුලු රකින්නා වූ විනුර දුල්සර පන්දු 52කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 44ක් ලබා ගත්තා. ඔවුන් දෙදෙනා අතර දෙවැනි කඩුල්ලේ සම්බන්ධතාව ලකුණු 113ක්.

ඌව පළාත් කණ්ඩායම; කඩුලු 7ක් දැවී 165 (36.0) චෙහාන් කාවින්ද නොදැවී 67, ඉෂාන් සංගීත් 26, චේතක දෙනුවන් 24, නිපුන් මාලිංග 2/26, ඩිල්ශාන් මධුශංක 2/41

දකුණු පළාත් කණ්ඩායමකඩුලු 3ක් දැවී 172 (27.3) නවෝද් පරණවිතාන නොදැවී 82, විනුර දුල්සර 44

අද නිමා වූ තරගත් සමඟින් තරගාවලියට සහභාගී වන සෑම කණ්ඩායමක් ම එක් තරගයක් බැගින් හෝ ක්‍රීඩා කරනු ලැබූ අතර තරගාවලියේ තරග වගුවකට ගන්නේ නම් විස්තර වෙන්නේ මෙසේයි.

TEAM GROUP – A M W L T NR TEAM GROUP – B M W L T NR
බස්නාහිර පළාත් උතුර 2 2 0 0 0 බස්නාහිර පළාත් දකුණ 1 1 0 0 0
උතුරු පළාත 2 1 1 0 0 නැගෙනහිර පළාත 2 0 2 0 0
මධ්‍යම පළාත 2 0 2 0 0 දකුණු පළාත 1 1 0 0 0
උතුරු මැද පළාත 1 0 1 0 0 බස්නාහිර පළාත මධ්‍යම 1 1 0 0 0
වයඹ පළාත 1 1 0 0 0 ඌව පළාත 2 0 2 0 0

(M: The number of matches played. W: The number of matches won. L: The number of matches lost. T: The number of matches tied. N/R: The number of matches abandoned.)

තරගාවලියේ තවත් තරග දෙකක් හෙට (16) පැවැත්වීමට නියමිතයි. ඒ බස්නාහිර පළාත් උතුර කණ්ඩායම සහ වයඹ පළාත් කණ්ඩායම අතර තරගය කොල්ට්ස් ක්‍රීඩාංගණයේ දී ද මධ්‍යම පළාත් කණ්ඩායම සහ උතුරු මැද පළාත් කණ්ඩායම අතර තරගය කටුනායක නිදහස් වෙළෙඳ කලාප ක්‍රීඩාංගණයේයි.

මෙම තරග දෙක අතුරින් කොළඹ කෝල්ට්ස් පිටියේ දී පැවැත්වෙන තරගය ඩයලොග් TV නාලිකා අංක 1, ඩයලොග් MyTV හා ThePapare.com වෙබ් අඩවිය ඔස්සේ සජීව ලෙස ඔබ වෙත ගෙන ඒමට සූදානම්. රැඳී සිටින්න අප සමගම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<