මහේල ක්‍රීඩා ඇමතිට පිළිතුරු දෙයි

891

ක්‍රීඩා අමාත්‍ය ගරු ෆයිසර් මුස්තාෆා මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විශේෂඥ උපදේශකවරුන් ලෙස පැමිණෙන්නැයි හිටපු නායක මහේල ජයවර්ධන ඇතුළු ක්‍රීඩකයින් කිහිප දෙනෙකුට ආරාධනා කළ අතර අද (14) සවස මහේල ජයවර්ධන සිය නිල ට්විටර් ගිණුමෙන් ඒ පිළිබඳ අදහස් දක්වා තිබුනා.   

අද උදෑසන ක්‍රීඩා අමාත්‍යවරයා විසින් හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් වන කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, මුත්තයියා මුරලිදරන්, අරවින්ද ද සිල්වා සහ රොෂාන් මහානාම හට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විශේෂඥ උපදේශකවරුන් ලෙස තනතුරු භාරගන්නා ලෙස ආරාධනාවක් කර තිබුණා.

සංගා, මහේල, මුරලි, අරවින්ද සහ රොෂාන්ට උපදේශක තනතුරු?

පළාත් සභා, පළාත් පාලන හා ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයින් පස්දෙනෙකු වෙත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශකයන් ලෙස එක්වන්නැයි විවෘත…

කෙසේ වෙතත් සිය ට්විටර් ගිණුම ඔස්සේ අදහස් දක්වමින් මහේල ප්‍රකාශ කර සිටියේ ඔහු එම තනතුර සඳහා එතරම් උනන්දු නොවන බවත්, ඔහු මීට පෙර ක්‍රිකට් උපදේශක කමිටුවේ සිටිය දී සිදු කළ යෝජනා ක්‍රියාත්මක නොවූ හෙයින් මේ පවතින ව්‍යුහය පිළිබඳව විශ්වාසයක් නොමැති බවත්ය.  

පසුගිය වසරේ දී මහේල, සංගක්කාර හා අරවින්ද ද සිල්වා හිටපු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ ඉදිරි වසර දෙක සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් නැවත සංවර්ධනය කිරීමේ සැලැස්මක් ඉදිරිපත් කළ අතර එවකට මහේල ජයවර්ධන ප්‍රමුඛ කමිටුව විසින් දේශීය තරග ව්‍යුහය වෙනස් විය යුතු ආකාරය පිළිබඳ සැලැස්මක් ඉදිරිපත් කළේය. කෙසේ නමුත් එම සැලැස්ම ක්‍රියාත්මක කිරීමට බලධාරීන් කටයුතු කළේ නැත.

තවමත් සංගක්කාර, අරවින්ද ද සිල්වා හෝ මුරලිදරන් මේ පිළිබඳ අදහසක් දක්වා නැත.

මේ පිළිබඳ නවතම තොරතුරු සඳහා ThePapare.com සමඟින් රැඳී සිටින්න.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<