මාරිස් ස්ටෙල්ලා ක්‍රීඩක අශාන් බ. උතුරට ජයග්‍රහණය රැගෙන යයි

452

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේ අද (14) පැවති තරගවලින් ජයග්‍රහණ ලබා ගැනීමට උතුරු පළාත හා බස්නාහිර පළාත් උතුරු කණ්ඩායම සමත් විය.

පසිඳු සහ නිශාන්ගේ ශතක බ. මධ්‍යම සහ දකුණට දැවැන්ත ජයග්‍රහණ ගෙනේ

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් පළාත් වයස අවුරුදු 19න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ දෙවැනි දිනය (13) නිමාවේ දී B කාණ්ඩය නියෝජනය කරමින් පැවති තරග…

බස්නාහිර පළාත් උතුර හා මධ්‍යම පළාත

බස්නාහිර පළාත් උතුරු කණ්ඩායමට කඩුලු 7ක ජයක් හිමි වූ මේ තරගය කොළඹ කෝල්ට්ස් පිටියේ දී පැවැත්විය. කාසියේ වාසිය දිනා ගත් බස්නාහිර පළාත් උතුරු කණ්ඩායම සිය ප්‍රතිවාදීන් වූ මධ්‍යම පළාත් කණ්ඩායමට පළමුව පන්දුවට පහර දීමට ආරාධනා කළේය.

මධ්‍යම පළාත් කණ්ඩායම නියමිත පන්දුවාර 49 තුළ කඩුලු 9ක් දැවී ලකුණු 134ක් ලබාගත් අතර එහි දී මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ කඩුලු රකින පිතිකරුවෙක් වන පුබුදු බණ්ඩාර 4 පහර කිහිපයක් සමඟ ලකුණු 46ක් වාර්තා කිරීමට සමත් විය.

ඊට අමතරව මධ්‍යම පළාත් මැදපෙළ සවිමත් කළ කල්හාර සේනාරත්න නොදැවී ලකුණු 18*ක් ලබාගෙන බස්නාහිර පළාත් පන්දු යවන්නන් හට සංග්‍රහ කළේය. පන්දු යැවීමේ දී මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය නියෝජනය කරමින් තරගාවලියට සහභාගී වන රවිඳු ප්‍රනාන්දු ලකුණු 28කට කඩුලු 3යි. එසේම යුගිෂ දිල්ෂාන් හා පසිඳු උෂෙට්ටි අතරේ කඩුලු 2ක බැගින් බෙදී ගියේය.

ලකුණු 135ක ඉලක්කයක් හඹා ගිය බස්නාහිර පළාත් උතුරු කණ්ඩායම වෙනුවෙන් අගනා ඉනිමක් දියත් කළ එම කණ්ඩායමේ මුල්පෙළ පිතිකරුවෙක් වන අශාන් ප්‍රනාන්දු වර්ණවත් පිතිකරණයක නිරත වෙමින් ලකුණු 69ක් ලබා ගන්නා ලදි. දකුණතින් පිත්ත හසුරුවන අශාන් හට සහය වූ ෂෙහාන් ප්‍රනාන්දු ලකුණු 44ක් රැස්කර ගැනීමට සමත් විය. අවසානයේ පන්දුවාර 26යි පන්දු 3ක් තුළ සිය නියමිත ඉලක්කයට ගිය බස්නාහිර පළාත් උතුරු කණ්ඩායම කඩුලු 7ක ජයක් ලබා ගන්නා ලදි.

ධර්මරාජයට හා ඩී. එස්. සේනානායකයට දැවැන්ත ජයක්

වයස අවුරුදු 17න් පහළ සිංගර් කුසලාන පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් දිවයින පුරා පිහිටි ක්‍රීඩාංගණ කිහිපයක දී පැවැත්විය.

පන්දු යැවීමේ දී සාන්ත අන්තෝනි ක්‍රීඩක කල්හාර සේනාරත්න ලකුණු 39කට කඩුලු 3ක් දවා ගන්නා ලදි.

මධ්‍යම පළාත: 134/9 (49): පුබුදු බණ්ඩාර 46, කල්හාර සේනාරත්න 19*, රවිඳු ප්‍රනාන්දු 3/28, යුගිෂ දිල්ෂාන් 2/20, පසිඳු උෂෙට්ටි 2/28.

බස්නාහිර පළාත් උතුර: 142/3 (26.3): අශාන් ප්‍රනාන්දු 69, ෂෙහාන් ප්‍රනාන්දු 44, කමේෂ් නිර්මාල් 19, කල්හාර සේනාරත්න 3/39.

උතුරු පළාත හා උතුරු මැද පළාත

කොළඹ එන්. සී. සී පිටියේ දී පැවැත්වුණු මෙම තරගය නියමිත වේලාවට ආරම්භ කිරීමට නොහැකි වූයේ තණතීරුව අවට ප්‍රදේශය තෙත බරිත ස්වභාවයක්  ඉසිලූ නිසාවෙනි. කෙසේ නමුත් මිනිත්තු කිහිපයක ප්‍රමාදයක් සහිතව ආරම්භ වූ තරගයේ එක් ඉනිමක් පන්දුවාර 47කට සීමා කිරීමට විනිසුරුවරුන් තීරණය කරන ලදි.

කාසියේ වාසිය දිනා ගත් උතුරු මැද පළාත් කණ්ඩායම් නායක අංජන කරුණාරත්න පළමුව පන්දුවට පහර දීමට උතුරු පළාත් කණ්ඩායමට ආරාධනා කළේය. එහි දී දකුණතින් පිත්ත හසුරුවන කේ. බනුජන් හා ටී. දිනොෂන් අර්ධ ශතක ඉනිම් දෙකක් දියත් කරමින් උතුරු පළාත් කණ්ඩායමේ මැද පෙළ සවිමත් කරන ලදි.

උතුරු පළාත් කණ්ඩායමේ මුල් කඩුලු 3 ලකුණු 36ක් තුළ දැවී ගිය අතර බනුජන් හා දිනොෂන් සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පිටියේ එක් වෙමින් ලකුණු 83ක සබඳතාවයක් ගොඩනැංවූයේ උතුරු පළාත් කණ්ඩායමේ අනෙකුත් පිතිකරුවන්ට ද ආදර්ශයක් වෙමිනි. කෙසේ නමුත් ඔවුන් දෙදෙනාම පන්දු 85කට ආසන්න ප්‍රමාණයකට මුහුණ දෙමින් උතුරු පළාත් ලකුණු පුවරුව ස්ථාවර කළ නිසා නියමිත පන්දුවාර 47 තුළ සියල්ලන්ම දැවී ලකුණු 211ක් ලබා ගැනීමට ඔවුන්ට හැකි විය.

පන්දු යැවීමේ දී දකුණතින් මඳ වේගපන්දු යවන දමිත් සමරවික්‍රම දක්ෂ පන්දු යැවීමක නිරත වූයේ ලකුණු 47ක් තුළ කඩුලු 5ක් දවා ගනිමිනි. ප්‍රමිල දනංජන කඩුලු 2යි.

ලකුණු 212ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි උතුරු මැද පළාත් කණ්ඩායම මේ තරගාවලියේ මුහුණ දුන් පළමු තරගය මෙය වන අතර ඔවුන්ගේ ඉනිම ලකුණු 76කට සීමා කිරීමට ටී. විතුෂන් ප්‍රමුඛ උතුරු පළාත් පන්දු යවන්නන් සමත් විය. විතුෂන් මේ තරගාවලියට එක්වන්නේ යාපනය මධ්‍ය මහා විද්‍යාලය නියෝජනය කරමිනි. අවසානයේ පන්දුවාර 36යි එක් පන්දුවක් තුළ උතුරු මැද පළාත් කණ්ඩායමේ සියලුම දෙනා දවාලූ උතුරු පළාත් ක්‍රීඩකයින් ලකුණු 135ක දැවැන්ත ජයක් ලබා ගැනීමට සමත් විය. අවිශ්ක සේනාධීර ලකුණු 21යි.

උතුරු පළාත: 211/10 (47): කේ. බනුජන් 55, ටී. දිනොෂන් 50, ටී. අභිනාෂ් 28, දමිත් සමරවික්‍රම 5/47, ප්‍රමිල දනංජන 2/29.

උතුරු මැද පළාත: 76/10 (36.1): අවිශ්ක සේනාධීර 21, ටී. විතුෂන් 5/23, එම්. අභිනාෂ් 2/08.

මේ තරගාවලියේ තවත් තරග දෙකක් හෙට (15) පහත පරිදි පැවැත්වෙන අතර ඒ අතරින් සජීව ලෙස විකාශය වන තරගය ඩයලොග් TV නාලිකා අංක 1, ඩයලොග් MyTV හා ThePapare.com වෙබ් අඩවිය ඔස්සේ ඔබ වෙත ගෙන ඒමට සූදානම්.

  • බස්නාහිර පළාත දකුණ හා නැගෙනහිර පළාත අතර NCC ක්‍රීඩාංගණයේ (සජීව)
  • ඌව පළාත හා දකුණු පළාත අතර හලාවත මේරියන්ස් ක්‍රීඩාංගණයේ

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<