ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රිකට් ක්‍රීඩකයින්ට වටිනා ඇගයීමක්

900
Sri Lanka Cricket Media

එළඹෙන 19න් පහළ ආසියානු කුසලානය සහ 19න් පහළ ලෝක කුසලානය ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකා 19න් පහළ සංචිතය වෙනුවෙන් හඳුනා ගත් ක්‍රීඩකයින් 26 දෙනෙකුට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මූල්‍යමය ත්‍යාග පිරිනැමීමට කටයුතු කළා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මඟින් දීපව්‍යාප්තව පැවැත්වූ වැඩසටහන් හරහා මෙසේ කුසලතා සහිත ක්‍රීඩකයින් හඳුනා ගැනීමෙන් පසු එම ක්‍රීඩකයන් දැක්වූ කැපවීම වෙනුවෙන් රුපියල් ලක්ෂය බැගින් වූ මූල්‍යමය ත්‍යාග පිරිනැමීමට කටයුතු කර තිබෙනවා.

‘‘අපේ ක්‍රීඩා කාලය තුළ අපේ ක්‍රීඩාව දියුණු කර ගැනීමට ප්‍රමාණවත් ක්‍රිකට් පහසුකම් සහ ක්‍රීඩා අවස්ථා තිබුණේ නැහැ . කෙසේ වෙතත්, ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ දියුණුවට සහ ඉහළ තලයට යාමට අවශ්‍ය හොඳම පහසුකම් සැපයීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙහෙස නොබලා කටයුතු කරන නිසා ගොඩක් දේවල් දැන් සියල්ල වෙනස් වෙලා තියෙනවා”, යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපසභාපති රවීන් වික්‍රමරත්න මහතා පැවසුවා.

“ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයක්ම සහ පළාතක්ම ආවරණය වන පරිදි දිවයින පුරා පවත්වනු ලැබූ කුසලතා සහිත ක්‍රීඩකයින් හඳුනා ගැනීමේ  වැඩසටහනකින් ඔබව ශ්‍රී ලංකා 19න් පහළ සංචිතයට තෝරාගෙන ඇති අතර, මෙම අවස්ථාව භාවිතා කර ජාතික මට්ටමේ ප්‍රගතියක් ලබා ගන්නා ලෙස මම ඔබෙන් ඉල්ලා සිටිනවා”, යනුවෙන් ද ඒ මහතා එම වැඩසටහනේ දී මේ ක්‍රීඩකයින් අමතමින් වැඩිදුරටත් සිය අදහස් පවසා තිබෙනවා.

තෝරාගත් මේ ක්‍රීඩකයින් 26 දෙනා ජෛව ආරක්‍ෂිත බුබුලක් තුළ කොළඹ SSC හිදී පැවැත්වූ දින 22ක නේවාසික පුහුණු කඳවුර ඊයේ (29) අවසන් කළා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ඈෂ්ලි ද සිල්වා මහතා, ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ සභාපති තිලක් වත්තුහේවා මහතා, ශ්‍රී ලංකා ක්‍රිකට් හා ජාතික ක්‍රිකට් සංවර්ධන අංශයේ ප්‍රධානී Tim McCaskill මහතා සහ දේශීය ක්‍රිකට් ආයතනයේ ප්‍රධානී චින්තක එදිරිමාන්න මහතා යන මහත්වරුන් ක්‍රීඩකයින්ට මූල්‍යමය ත්‍යාග පිරිනැමීමේ මේ අවස්ථාවට එක්ව සිටියා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලැබූ දීපව්‍යාප්ත කුසලතා සහිත ක්‍රීඩකයින් හඳුනා ගැනීමේ  වැඩසටහන තුළින් තෝරාගත් ක්‍රීඩකයින් 75 දෙනෙකු අතරින් මෙම 26 දෙනෙකුගෙන් යුත් කණ්‌ඩායම කනිෂ්ඨ ජාතික තේරීම් කමිටුව විසින් තෝරා ගත්තා.

                                නම           පාසල පළාත
1 සදීෂ් ජයවර්ධන සාන්ත ජෝසප් විද්‍යාලය, කොළඹ බස්නාහිර පළාත
2 අභිෂේක් ලියනාරච්චි ඩී. එස්. සේනානායක විද්‍යාලය, කොළඹ බස්නාහිර පළාත
3 රයන් ප්‍රනාන්දු සාන්ත තෝමස් විද්‍යාලය, ගල්කිස්ස බස්නාහිර පළාත
4 සදීෂ රාජපක්ෂ රාජකීය විද්‍යාලය, කොළඹ බස්නාහිර පළාත
5 ශෙවෝන් ඩැනියෙල් සාන්ත ජෝසප් විද්‍යාලය, කොළඹ බස්නාහිර පළාත
6 පවන් සන්දේශ් දේවපතිරාජ විද්‍යාලය, රත්ගම දකුණු පළාත
7 හරිඳු ජයසේකර සාන්ත තෝමස් විද්‍යාලය, මාතර දකුණු පළාත
8 ජීවක ශෂීන් දේවපතිරාජ විද්‍යාලය, රත්ගම දකුණු පළාත
9 පවන් පතිරාජ ත්‍රිත්ව විද්‍යාලය, මහනුවර මධ්‍යම පළාත
10 මතීෂ වීරසිංහ මලියදේව විද්‍යාලය, කුරුණෑගල වයඹ පළාත
11 විනුජ රන්පුල් නාලන්ද විද්‍යාලය, කොළඹ බස්නාහිර පළාත
12 ලහිරු දවටගේ සාන්ත පීතර විද්‍යාලය, කොළඹ බස්නාහිර පළාත
13 මල්ෂ තරුපති මාදම්පා මැදි විදුහල, අම්බලන්ගොඩ දකුණු පළාත
14 දුනිත් වෙල්ලාලගේ සාන්ත ජෝසප් විද්‍යාලය, කොළඹ බස්නාහිර පළාත
15 ට්‍රෙවින් මැතිව්ස් සාන්ත අන්තෝනි විද්‍යාලය, කටුගස්තොට මධ්‍යම පළාත
16 සසංක නිර්මාල් දේවපතිරාජ විද්‍යාලය, ගාල්ල දකුණු පළාත
17 යසිරු රුද්‍රිගෝ සාන්ත තෝමස් විද්‍යාලය, ගල්කිස්ස බස්නාහිර පළාත
18 දනාල් හේමානන්ද සාන්ත පීතර විද්‍යාලය, කොළඹ බස්නාහිර පළාත
19 මතීෂ පතිරණ ත්‍රිත්ව විද්‍යාලය, මහනුවර මධ්‍යම පළාත
20 විභවිත් ඇහැළේපොළ ත්‍රිත්ව විද්‍යාලය, මහනුවර මධ්‍යම පළාත
21 රවීන් ද සිල්වා නාලන්ද විද්‍යාලය, කොළඹ බස්නාහිර පළාත
22 චමිදු වික්‍රමසිංහ සාන්ත අන්තෝනි විද්‍යාලය, කටුගස්තොට මධ්‍යම පළාත
23 බවන්ත ජයසිංහ තර්සටන් විද්‍යාලය, කොළඹ බස්නාහිර පළාත
24 වනුජ සහන් සාන්ත පීතර විද්‍යාලය, කොළඹ බස්නාහිර පළාත
25 ලහිරු අබේසිංහ සාන්ත අන්තෝනි විද්‍යාලය, කටුගස්තොට මධ්‍යම පළාත
26 මලීෂ සිල්වා සාන්ත සිල්වෙස්තර විද්‍යාලය මධ්‍යම පළාත

 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<