ශ්‍රී ලංකා A – පාකිස්තාන A කාලසටහන නිකුත් වෙයි

පාකිස්තාන A ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2021

2325

සංචාරක පාකිස්තාන A කණ්ඩායම සහ සත්කාරක ශ්‍රී ලංකා A කණ්ඩායම අතර සිව්දින තරග දෙකක් සහ එක්දින තරග තුනක් එළඹෙන ඔක්තෝබර් 28 වැනිදා සිට නොවැම්බර් 15 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමේ දී නියමිතයි.

මේ සඳහා සහභාගී වන පාකිස්තාන ඔක්තෝබර් 21 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත අතර සිව්දින තරග දෙක මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි. එක්දින තරග තුන පැවැත්වෙන ක්‍රීඩාංගණ ඉදිරියේ දී නම් කිරීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

ශ්‍රී ලංකා A කණ්ඩායම සහභාගී වූ අවසන් තරගාවලිය මෙරට සත්කාරකත්වය ඇතිව 2019 වසරේ දී පැවැත්වුණු අතර බංග්ලාදේශ A කණ්ඩායම සමඟ පැවති එම ටෙස්ට් තරගාවලිය ජය පරාජයෙන් තොරව අවසන් වුනා. එහි එක්දින තරගාවලිය 2-1ක් ලෙස ජය ගත්තේ බංග්ලාදේශ කණ්ඩායමයි.

ඒ අනුව කොරෝනා වසංගතය ආරම්භ වීමෙන් පසුව ශ්‍රී ලංකා A කණ්ඩායමක් සහභාගී වන පළමු තරගාවලිය මෙය වන අතර තරගාවලිය ප්‍රේක්ෂක සහභාගීත්වයකින් තොරව සහ සියලුම COVID-19 මර්දන ක්‍රියාමාර්ග අනුගමනය කරමින් ජෛව ආරක්ෂිත බුබුලක් තුල පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

කෙසේ නමුත් ශ්‍රී ලංකා A කණ්ඩායම සඳහා මේ වන විට නිත්‍ය ප්‍රධාන පුහුණුකරුවෙක් නොමැති නමුත්, රුවින් පීරිස්, සජීව වීරකෝන් සහ දර්ශන ගමගේ යන මහත්වරුන් තිදෙනා පිළිවෙළින් ශ්‍රී ලංකා A කණ්ඩායමේ පිතිකරණ, දඟපන්දු සහ වේගපන්දු පුහුණුකරුවන් ලෙස කටයුතු කරමින් සිටිනවා.

තරග කාලසටහන,

  • පළමු සිව්දින තරගය – ඔක්තෝබර් 28 – ඔක්තෝබර් 31 – පල්ලෙකැලේ දී
  • දෙවැනි සිව්දින තරගය – නොවැම්බර් 4 – නොවැම්බර් 7 – පල්ලෙකැලේ දී
  • පළමු එක්දින තරගය – නොවැම්බර් 10
  • දෙවැනි එක්දින තරගය – නොවැම්බර් 12
  • තෙවැනි එක්දින තරගය – නොවැම්බර් 15

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<