බාබර් අසාම්ට උසස් වීමක්

112
Babar Azam

පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායමේ නව එක්දින නායකයා ලෙස බාබර් අසාම් පත් කිරීමට එරට ක්‍රිකට් ආයතනය අද (13) පියවර ගෙන ඇත.

ශ්‍රී ලංකාව ගැන උදම් ඇනූ සුදු සුමිතුරා ‘ටෝනි ග්‍රේග්’

1997 ඉන්දියාවේ පැවති පෙප්සි නිදහස් කුසලානයේ ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් අතර තරගය මුම්බායි..

ඒ අනුව 2020/21 තරග වාරය සඳහා පාකිස්තානු එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ප්‍රහාරාත්මක දකුණත් පිතිකරුවෙකු වන අසාම් වෙත හිමි වේ. අසාම් 2019 තරග වාරය ආරම්භයේ දී ඔවුන්ගේ විස්සයි විස්ස කණ්ඩායමේ නායකත්වයට පත් විය. 

2019 වසරේ දී පකිස්තානු ක්‍රිකට් කණ්ඩායමේ ටෙස්ට් නායකත්වය සඳහා පත් කළ අසාර් අලීගේ නායකත්වයේ ධූර කාලය ද එම 2020/21 තරග වාරය අවසන් වන තෙක් දිගු කිරීමට එරට ක්‍රිකට් බලධාරීන් තීරණය කර තිබේ. 

ලෝක ක්‍රිකට් අනාගතයට සල්ලි ගැටලුවක් වෙයි?

ලොව පුරා තවදුරටත් පැතිරෙමින් පවතින Covid-19 වසංගත තත්වය නිසාවෙන් මේ වන විට ලොව…

“අසාර් අලීට සහ බාබර් අසාම්ට මම හදවතින්ම සුබ පතනවා. ඔවුන්ගේ නායකත්වයේ වගකීම ඔවුන් හරියාකාරවම ඉටු කරාවි යැයි මා බලාපොරොත්තු වෙනවා” යැයි පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිෂ්බා උල් හක් පවසා ඇත.

මීට පෙර පාකිස්තානු කණ්ඩායමේ එක්දින නායකත්වය දරනු ලැබුවේ කඩුලු රකින ක්‍රීඩක සෆ්රාස් අහමඩ් විසිනි. ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය වසර අවසානයේ දී පාකිස්තානයේ සංචාරය කර අවස්ථාවේ දී 2-0ක් ලෙස එම තරගාවලිය ජය ගැනීමට පකිස්තානය සමත් විය. 

කෙසේ නමුත් එවකට එම කණ්ඩායමේ නායකත්ව දැරූ සෆ්රාස් අහමඩ් එම තරගාවලිය තුල දී සහ මෑත කාලය තුල දී දස්කම් අතරට පැමිණ නොමැති නිසා මේ තත්ත්වය උදා වී තිබෙන බවට ජාත්‍යන්තර විචාරකයෝ මත පළ කරති.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<