යුරෝපීය දැවැන්ත පාපන්දු සැණකෙළියේ කිරුළ කා හට ද?

331

2017/18 වර්ෂය සඳහා වන UEFA Champions League පාපන්දු තරගාවලියේ අවසාන මහා තරගය එංගලන්තයේ Liverpool ක්‍රීඩා සමාජය සහ ස්පාඤ්ඤයේ Real Madrid ක්‍රීඩා සමාජය අතර අද (26) යුක්‍රේනයේ NSC Olimpiyskiy ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

ඉතිහාසයේ මතක; FIFA ලෝක කුසලානය (1950 – 1958)

දෙවෙනි ලෝක යුද්ධය හේතුවෙන් 1938 වසරේ ලෝක කුසලානයෙන් පසු නැවතත් ලෝක කුසලානයක් දැක…

අවසන් පූර්ව තරගවල දී පිළිවෙළින් Liverpool ක්‍රීඩා සමාජය විසින් ඉතාලියේ ROMA ක්‍රීඩා සමාජය පරාජය කළ අතර Real Madrid ක්‍රීඩා සමාජය විසින් ජර්මනියේ Bayern ක්‍රීඩා සමාජය පරාජය කරමින් වසර 69ක ඉතිහාසයක් ඇති UEFA Champions League තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් වී ඇත.  

තරග 124ක් පුරාවට සුපිරි ක්‍රීඩා සමාජ 32ක් තරග වැදුණු මෙම තරගාවලිය සඳහා යුරෝපීය රටවල පාපන්දු සම්මේලන නියෝජනය කරන ප්‍රබල ක්‍රීඩා සමාජ කිහිපයක්ම සහභාගී වූ අතර Manchester United, Chelsea, Barcelona, Manchester City වැනි ලෝකයේ සුපිරි ක්‍රීඩා සමාජ මෙම තරගාවලියේ අවසන් අදියරේ දී තරගාවලියෙන් ඉවත් වුන අතර මෙම තරගාවලිය පුරාවටම Liverpool ක්‍රීඩා සමාජය දැක්වූ සුපිරි ක්‍රීඩා විලාශය අවසන් තරගයේ දී Real Madrid ක්‍රීඩා සමාජයට ප්‍රබල තර්ජනයක් වනු ඇතැයි පාපන්දු විචාරකයින් අදහස් පල කරති.

Real Madrid ක්‍රීඩා සමාජය මේ දක්වා 12 වතාවක් UEFA Champions League තරගාවලියේ ශූරතාවය දිනා ඇති අතර වැඩිම වාර ගණනක් මෙම තරගාවලිය ජයග්‍රහණය කිරීමේ වාර්තාවට ද Real Madrid ක්‍රීඩා සමාජය හිමිකම් කියයි.

Liverpool ක්‍රීඩා සමාජය 2005 දී Inter Milan ක්‍රීඩා සමාජය පරදා දඬුවම් පහර 3-2ක් ලෙස තුර්කියේ Istanbul Olympic ක්‍රීඩා පිටියේ දී ශූරතාවය දිනා ගත් අතර 2005 පසු Liverpool ක්‍රීඩා සමාජය අවසන් මහා තරගයකට පැමිණි පළමු අවස්ථාව මෙය වේ.

මේ වන විට තරගාවලියේ වැඩිම ගෝල ප්‍රමාණයක් ලබා සිටින ක්‍රීඩකයා වන්නේ ගෝල 15ක් ලබා ඇති Real Madrid  ක්‍රීඩා සමාජයේ Cristiano Ronaldo වන අතර Liverpool ක්‍රීඩා සමාජයේ Mo Salah සහ Roberto Firmino ගෝල 11 බැගින් ලබාගෙන ඇත.

කෙසේ නමුත් Liverpool ක්‍රීඩා සමාජයේ සුපිරි ක්‍රීඩක Mo Salah ගෙන් රන් සපත්තුව පිළිබඳව ඇති බලාපොරොත්තුව පිළිබඳව විමසූ මාධ්‍යවේදියෙකු හට ඔහු පවසා සිටියේ තම කණ්ඩායමට මෙම කුසලානය දිනා ගැනීම සඳහා පමණක්  දායකත්වය ලබා දෙන බවත් අන් කිසිවක් පිළිබඳව අවධානය යොමු නොකරන බවත්ය.

හැරී කේන් සමඟින් දශක පහක ශාපයට අභියෝග කරන එංගලන්තය

1966 දී ලෝක ශූරයින් වූ, 1990 දී ලෝක කුසලානයක අවසන් පූර්ව …

පෙරළිකාර Liverpool ක්‍රීඩා සමාජය විසින් ලෝක පාපන්දු භූමිකාවේ දැවැන්ත නම් දරා සිටින ක්‍රීඩකයින්ගෙන් සමන්විත Real Madrid ක්‍රීඩා සමාජයේ සිහිනය බොඳ කරාවි ද? නැතහොත් Real Madrid ක්‍රීඩා සමාජය විසින් Liverpool ක්‍රීඩා සමාජයේ කුසලානයේ සිහිනය තවදුරටත් සිහිනයක් පමණක් බවට පත් කරාවි ද? දෙපිළේම ඉරණම අද දිනය තුළ දී විසඳීමට නියමිතයි.

දැඩි ආරක්ෂාවක් යටතේ පැවැත්වීමට නියමිත යුරෝපයේ දැවැන්තම පාපන්දු සැණකෙළිය ශ්‍රී ලංකා වේලාවෙන් 27 වැනි ඉරිදා අලුයම 12:15 සිට විකාශනය කිරීමට නියමිතයි.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<