Home Sinhala ආදරවන්තයන් හඬවා තෝමසුවෝ ශූරතාව රැගෙන යයි

ආදරවන්තයන් හඬවා තෝමසුවෝ ශූරතාව රැගෙන යයි

430

පන්දුවෙන් පන්දුව උණුසුම් වූ තරගයක ආශ්වාදය ගාලු ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට ලබා දුන් ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය සහ ගල්කිස්ස සාන්ත තෝමස් අතර අද (09) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමා වූ වයස අවුරුදු 19න් පහළ පළමු කොටසේ එක්දින අවසන් මහා ක්‍රිකට් තරගයෙන් ලකුණු 12ක ජයග්‍රහණයක් ලබා ගැනීමට තෝමසුවෝ සමත් වූහ.

IPL වලින් අහිමි වූ මුදල සොයා ස්ටාක් නඩු මඟට

ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි වේගපන්දු යවන ක්‍රීඩකයෙකු වන මිචෙල් ස්ටාක් සිය රක්ෂණකරුට එරෙහිව නීතිමය ක්‍රියා මාර්ග ගැනීමට තීරණය කර තිබේ. ඒ පසුගිය…

සාන්ත තෝමස් ඉනිම සුරක්ෂිත කිරීමේ දී යොහාන් පෙරේරා වැඩි කාර්යයක් කළ අතර රිච්මන්ඩ් ඉනිම ගොඩ ගැනීම වෙනුවෙන් ආදිත්‍ය සිරිවර්ධන, භානුක මනෝහර සහ සඳුන් මෙන්ඩිස් දැඩි වෙහෙසක් ගත්හ. ඔවුන්ට සුපුරුදු ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය අද ප්‍රතිවාදී ගල්කිස්ස ක්‍රීඩකයන්ට සහයෝගය දැක්වූයේ පන්දු රැකීමේ දී ඔවුන් වෙතින් වූ දුර්වලතා කිහිපයක් හේතුවෙනි.

තරගයේ කාසියේ වාසිය දිනූ රිච්මන්ඩ් විද්‍යාලයීය නායක තවීෂ අභිශේක්ගේ ආරාධනාව මත පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි සංචාරක සාන්ත තෝමස් ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 261ක් ලබා ගත්හ. ඊට පිළිතුරු ලෙසින් රිච්මන්ඩ් ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 249ක් පමණි.

සාන්ත තෝමස් විද්‍යාලයීය ඉනිමේ ආරම්භය අඩු ලකුණු ප්‍රමාණයකට සීමා කිරීමට රිච්මන්ඩ් වේගපන්දු යැවූ අම්ෂි ද සිල්වා සමත් විය. ඉනිමේ පස්වැනි පන්දු වාරයේ දී සාන්ත තෝමස් ලකුණු පුවරුව කියැවුණේ කඩුලු 2ක් දැවී ලකුණු 22ක් ලෙසිනි. දැවී ගිය කඩුලු දෙකේ ම හිමිකාරිත්වය අම්සි ද සිල්වා සතු විය.

Photos: Richmond College vs S. Thomas’ College | U19 Div I L/O Tournament – Final

නමුත් තෙවැනි කඩුල්ලේ දී රයන් ප්‍රනාන්දු සහ යොහාන් පෙරේරා එක්ව එක් කළ ලකුණු 96ක සබඳතාව තරගයේ දිශානතිය වෙනස් කිරීමට සමත් විය. පන්දු 133කින් එම සබඳතාව නිමා වෙද්දී, රයන් ප්‍රනාන්දු පන්දු 86කට මුහුණ දී හතරේ පහර 6ක් සමඟින් ලකුණු 44ක් ලබා සිටිය දී තම ඉනිම ද නිමා කර ගත්තේ ය.

සාන්ත තෝමස් කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වූයේ  යොහාන් පෙරේරා ය. ඔහු ලකුණු 124ක් ලබා ගත්තේ ය. පන්දු 134ක් වැය වූ ඔහුගේ ඉනිමට හතරේ පහර 14ක් ඇතුළත් විය. යොහාන් පෙරේරා, රවිඳු ද සිල්වා (21) සමඟ එක් වෙමින් 5 වැනි කඩුල්ලට ලකුණු 54ක් ද, හය වැනි කඩුල්ලට කිෂාන් මුණසිංහ (4) සමඟ එක්වෙමින් ලකුණු 33ක සබඳතාවක් ද එක් කරමින් සාන්ත තෝමස් ඉනිමේ ගෞරවනීය ක්‍රීඩකයා බවට පත්විය.

කඩුලු ලබා ගැනීමේ දී අම්ෂි ද සිල්වා සහ චමත් දිල්සර කඩුලු 3 බැගින් දවා ගත් අතර දිමුත් සඳරුවන්ට කඩුලු 2ක් හිමි විය.

ටේලර් සහ මැසකඩ්සාට ODI අහිමි වෙයි

එක්සත් අරාබි එමීර් රාජ්‍ය ක්‍රිකට් කණ්ඩායම ……

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි රිච්මන්ඩ් විද්‍යාලයේ ආරම්භය ද එතරම් ම සාර්ථක වූයේ නැත. මන්දගාමී ලකුණු පුවරුවක් නිර්මාණය වෙමින් පවතිද්දී එය යම් තරමකින් ගොඩ ගත්තේ ආදිත්‍ය සිරිවර්ධන සහ භානුක මනෝහර එක්වය. ඔවුන් දෙදෙනා තෙවැනි කඩුල්ලට ලකුණු 70ක සබඳතාවක් ගොඩ නැගූහ.

මනා සම්බන්ධතාවක් මත දෙදෙනා එක්ව රිච්මන්ඩ් ඉනිම පෝසත් කළ ද එක් නිමේෂයක දී දෙදෙනා අතර මතු වූ අනවබෝධයක් හේතුවෙන් ආදිත්‍ය සිරිවර්ධන දුවද්දී දැවී යමින් තම ඉනිම ප්‍රතිවාදීන් වෙත පරිත්‍යාග කළේය. ඒ වෙද්දී ඔහු 88කට මුහුණ දී හතරේ පහර 5ක් සමඟිුන් ලකුණු 53ක් ලබා සිටියේ ය.

භානුක මනෝහර ලබා ගත් ලකුණු සංඛ්‍යාව 51කි. ඔහුගේ ඉනිම පන්දු 75කින් සමන්විත වූ අතර ඊට හතරේ පහර 5ක් සහ හයේ පහරක් ඇතුළත් විය. ඔවුන් දෙදෙනාගෙන් පසුව ඉනිම ගොඩ ගනු ලැබීමට වැඩි දායකත්වයක් දැක්වූයේ සඳුන් මෙන්ඩිස් ය. ඔහු පන්දු 32කට මුහුණ දී හතරේ පහර 9ක් සමඟින් ලකුණු 49ක් ලබා ගත්තේ ය.

රිච්මන්ඩ් ඉනිමේ අවසන් කඩුලු 4 ලකුණු 27ක් තුළ දවා ගැනීමට සාන්ත තෝමස් පන්දු යවන්නෝ සමත් වූහ. එහි දී ෂැනොන් ප්‍රනාන්දු ලකුණු 44කට කඩුලු 3ක් දවා ගත්තේය. ඊට අමතරව කළණ පෙරේරා සහ තෙවින් ඊරියගම කඩුලු 2 බැගින් දවා ගත්හ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<

Result


S. Thomas’ College
261/10 (49.4)

Richmond College
249/10 (49.1)

Batsmen R B 4s 6s SR
Sithara Hapuhinna c Vimud Sapnaka b Amshi Oren 15 16 3 0 93.75
Shalin De Mel lbw b Amshi Oren 0 2 0 0 0.00
Ryan Fernando c Vimud Sapnaka b Dilum Sudeera 44 86 6 0 51.16
Yohan Perera b Chamath Dilsara 124 132 14 0 93.94
Umayanga Suwaris c & b Dimuth Sadaruwan 10 18 1 0 55.56
Ravindu De Silva c Vinuja Kiriella b Dimuth Sadaruwan 21 18 3 0 116.67
Kishan Munasinghe lbw b Chamath Dilsara 4 7 0 0 57.14
Kalana Perera run out (Amshi Oren) 3 3 0 0 100.00
Dellon Peiris c Adithya Siriwardena b Amshi Oren 9 13 0 0 69.23
Thevin Bimsara Eriyagama lbw b Chamath Dilsara 0 1 0 0 0.00
Shannon Fernando not out 0 2 0 0 0.00


Extras 31 (b 3 , lb 1 , nb 0, w 27, pen 0)
Total 261/10 (49.4 Overs, RR: 5.26)
Bowling O M R W Econ
Kavindu Hansika Edirweera 5 0 22 0 4.40
Amshi Oren 9.4 0 58 3 6.17
Chamath Dilsara 7 0 49 3 7.00
Dilum Sudeera 10 1 23 1 2.30
Sandun Mendis 10 0 49 0 4.90
Dimuth Sadaruwan 8 0 56 2 7.00


Batsmen R B 4s 6s SR
Vinuja Kiriella c Shalin De Mel b Yohan Perera 15 29 2 0 51.72
Adithya Siriwardena run out (Kalana Perera) 53 87 5 0 60.92
Thaveesha Abhishek c Yohan Perera b Thevin Bimsara Eriyagama 7 12 1 0 58.33
Bhanuka Manohara c Kishan Munasinghe b Shannon Fernando 51 76 5 1 67.11
Sandun Mendis c Ryan Fernando b Kalana Perera 49 32 10 0 153.12
Dilum Sudeera c Kalana Perera b Shannon Fernando 6 8 0 0 75.00
Vimud Sapnaka c Sithara Hapuhinna b Kalana Perera 12 14 0 0 85.71
Dimuth Sadaruwan run out (Shalin De Mel) 13 12 1 0 108.33
Amshi Oren not out 3 16 0 0 18.75
Chamath Dilsara b Shannon Fernando 4 4 0 0 100.00
Kavindu Hansika Edirweera c Shannon Fernando b Thevin Bimsara Eriyagama 5 9 0 0 55.56


Extras 31 (b 9 , lb 3 , nb 4, w 15, pen 0)
Total 249/10 (49.1 Overs, RR: 5.06)
Bowling O M R W Econ
Kalana Perera 10 0 39 2 3.90
Yohan Perera 7 0 35 1 5.00
Thevin Bimsara Eriyagama 8.1 0 46 2 5.68
Dellon Peiris 8 0 48 0 6.00
Kishan Munasinghe 6 0 25 0 4.17
Shannon Fernando 10 0 44 1 4.40