රයන් සහ උශේන් සෙබස්තියන් විද්‍යාලයට ශක්තිමත් අඩිතාලමක් සකසා දෙයි

U19 Division 1 School Cricket Tournament 2023/24

74
U19 Division 1 Schools Cricket

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ තරග දෙකක් ඊයේ (04) දිනයෙන් නිමා වූ අතර, තවත් තරග දෙකක් ඊයේ ආරම්භ වුනා. 

ඊයේ දිනයෙන් අවසන් වූ තරග ද්විත්වය ම විසඳුමක් රහිතව අවසන් වූ අතර, තර්ස්ටන් සහ ආනන්ද විද්‍යාල පළමු ඉනිමේ ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් වුනා. 

මෙම තරගවල දී ආනන්ද විද්‍යාලයේ මල්ෂ ප්‍රනාන්දු සහ තර්ස්ටන් විද්‍යාලයේ සෙත්රූ ප්‍රනාන්දු කඩුලු 5 දක්ෂතා දැක්වීමට සමත් වුනා. එමෙන්ම තර්ස්ටන් විද්‍යාලය වෙනුවෙන් පැතුම් ධනංජය සහ රචින්ත ද සිල්වා අර්ධ ශතක වාර්තා කිරීමට ද සමත් වීම විශේෂත්වයක්. 

මේ අතර තවත් තරග ද්විත්වයක් ඊයේ දිනයෙන් ආරම්භ වූ අතර, මෙම තරගවල දී කොළඹ රාජකීය විද්‍යාලය වෙනුවෙන් ශේන් අබේරත්න සහ යසිඳු දිසානායක අර්ධ ශතක වාර්තා කළා.  

මේ අතර මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලයේ මුල් පිතිකරුවන් තිදෙනා ම (රයන් දිසානායක, උශේන් සිල්වා සහ කවීෂ පෙරේරා) ඊයේ දිනයේ අර්ධ ශතක වාර්තා කිරීමට සමත් වූ අතර, ඉන් රයන් දිසානායක දිනය නිමා වන විට නොදැවී ලකුණු 92ක් ලබා ගැනීමට සමත් වී සිටියා. 

මේ අතර ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය වෙනුවෙන් අභීත් පරණවිදාන කඩුලු 5 දස්කමක් ද ප්‍රදර්ශනය කිරීමට සමත් වුනා. 

කොළඹ නාලන්දා විද්‍යාලය සහ කැලණිය ගුරුකුල විද්‍යාලය  

(ඔක්තෝබර් 03-04) 

(නාලන්දා විද්‍යාල ක්‍රීඩාංගණයේ දී) 

  • නාලන්දා විද්‍යාලය 193/10 (76.1) හසිත් රත්නායක 41, නෙමිඳු අක්මීමන 35, පූර්ණ කල්හාර 3/63 & 184/7 (54.4) මනුප මන්මිත 54, සන්තුල් විජේරත්න 37, ජවිඳු මදුසංක 2/15 
  • ගුරුකුල විද්‍යාලය – 154/10 (64.1) ජවිඳු මදුසංක 36, පූර්ණ කල්හාර 31, මල්ෂ ප්‍රනාන්දු 5/58 

තරගය ජය පරාජයෙන් තොරයි, නාලන්දා විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්. 

කොළඹ තර්ස්ටන් විද්‍යාලය සහ ගාල්ල මහින්ද විද්‍යාලය  

(ඔක්තෝබර් 03-04) 

(තර්ස්ටන් විද්‍යාල ක්‍රීඩාංගණයේ දී) 

  • තර්ස්ටන් විද්‍යාලය 274/10 (112.5) පැතුම් ධනංජය 66, රචින්ත ද සිල්වා 54, සදෙව් නෙත්මින 3/68 & 13/1 (4)  
  • මහින්ද විද්‍යාලය – 205/10 (81.5) සෙහස් අශින්ස 41, අරෝශ උදයංග 30, සෙත්රූ ප්‍රනාන්දු 5/50, තනුග පලිහවඩන 3/72 

තරගය ජය පරාජයෙන් තොරයි, තර්ස්ටන් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්. 

කොළඹ රාජකීය විද්‍යාලය සහ මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය  

(ඔක්තෝබර් 04-05) 

(මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාල ක්‍රීඩාංගණයේ දී) 

  • කොළඹ රාජකීය විද්‍යාලය – 222/10 (64.1) යසිඳු දිසානායක 86, ශේන් අබේරත්න 59, මලින්ත සිල්වා 4/59, කොශේන්ද්‍ර ප්‍රනාන්දු 3/58 
  • සාන්ත සෙබස්තියන් විද්‍යාලය – 243/2 (50.5) උශේන් සිල්වා 89, රයන් දිසානායක 92*, කවීෂ පෙරේරා 53 

පළමු දිනට තරගය නතර කළා. 

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය සහ මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය  

(ඔක්තෝබර් 04 – 05) 

(සාන්ත තෝමස් විද්‍යාල ක්‍රීඩාංගණයේ දී) 

  • සාන්ත තෝමස් විද්‍යාලය 99/10 (42.2) දිනෙත් ගුණවර්ධන 31, චරුක ඒකනායක 4/27, 27/1 (13) 
  • සාන්ත අන්තෝනි විද්‍යාලය – 129/10 (39.1) කෞශික කුමාරසිංහ 33, අභීත් පරණවිදාන 5/42 

තරගය පළමු දිනයට නතර කළා. 

පාසල් ක්‍රිකට් පිටියේ සියලු උණුසුම්  තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<