ගෙවුනු දවස අගෝස්තු 16 – ක්‍රිකට් තරග දෙකක්

242
the recap August - 16

අවිවේකි ජීවන දිවියක් ගත කරන ඔබට, එදිනෙදා මඟ හැරෙන ක්‍රීඩා පුවත් කෙටියෙන්, නිවැරදිව, සිංහලෙන් එකම ලිපියකින් ඉදිරිපත් කිරීමේ අරමුණින් ThePapare.com විසින් ඔබට “ගෙවුනු දවස” නමින් විශේෂාංග ලිපි මාලාවක් දිනපතා ඉදිරිපත් කරන්නෙමු. එහිදි සෑම සඳුදා දිනකම ඔබට පසු දින ඉරිදා සිදු වු පුවත් වලට අමතරව එම සතියේ පල වු විශේෂ පුවත් අප ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු.

ක්‍රිකට් –

අමිල සහ බජ්රන් කඩුලු සටනක

දකුණු අප්‍රිකානු නැගී එන කණ්ඩායම හා ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායම අතර පැවැත්වෙන පළමු සිව්දින තරඟයේ තෙවන දිනය ඊයේ (16) දකුණු අප්‍රිකාවේ පොට්චෙෆ්ස්ට්රෑම් හිදී පැවැත්විණි. ඊයේ දිනය සඳහා තරඟය අවසන් වන විට තම දෙවන ඉණිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංවර්ධන  කණ්ඩායම කඩුලු 2ක් දැවී ලකුණු 87ක් ලබාගැනීමට සමත් විය. අමිල අපෝන්සු කඩුලු 8ක් දවාලීමට සමත් වීම කැපී පෙනෙන්නට විය.

ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායමේ පළමු ඉණිම – 315 -10 (74.5) සංජය චතුරංග 86*, සඳුන් වීරක්කොඩි 56, නිමන්ත ප්‍රනාන්දු 39, ෂෙහාන් මදුසංක 31, බජ්රන් කාල් වොර්චුවින් 7/103

දකුණු අප්‍රිකානු නැගීඑන කණ්ඩායමේ  දෙවන ඉණිම – 266-10 (59.4) ජේසන් ස්මිත්  87, ජොකොබ්ස්  ඩියු ප්ලොයි  53, මරකස් අකෙර්මාන්  31 , අමිල අපොහොසත් අපෝන්සු 8/112

ශ්‍රී ලංකා දෙවන ඉණිම – 87-2 (22) ළහිරු මිලන්ත 35*, රුමේෂ් බුද්ධික 26*, නගාසිබිනි සිග්විලි 1 /14

සම්පූර්ණ ලිපිය: අමිල විශිෂ්ඨ කඩුලු දඩයමක

කෞෂාල්ගෙන් ශතකයක්

ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන 3වන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ 4වන දිනය අවසන් වන විට පරාජයකින් තොරවම තරගාවලිය අවසන් කිරීමේ බලාපොරොත්තුව වඩාත් ඉහල දමා ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවිය. තරගය පැවැත්වෙන්නේ කොළඹ SSC ක්‍රීඩාංගනයේදීයි.

ශ්‍රී ලංකා පළමු ඉනිම – 355 – දිනේෂ් චන්දිමාල් – 132, ධනංජය ද සිල්වා – 129, මිචෙල් ස්ටාක් – 5/63

ඕස්ට්‍රේලියා පළමු ඉනිම – 379  – ෂෝන් මාෂ් – 130, ස්ටීවන් ස්මිත් -119, රංගන හේරත් – 6/81

ශ්‍රී ලංකා දෙවන ඉනිම – 312/8 – කෞෂාල් සිල්වා – 115, ධනංජය ද සිල්වා – 44*, නේතන් ලයන් – 4/123

දවසේ නිමාව