මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය Tier A අවසන් තරගයට!

U19 Division 1 Schools Cricket Tournament 2024/25

115
U19 Division 1 Schools Cricket

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ Tier A කොටසේ එක් අවසන් පූර්ව තරගයක් ඊයේ (14) දිනයෙන් නිමාවට පත් වුනා.

කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය සහ මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය අතර පැවැත්වුණු මෙම තරගයෙ දී සාන්ත සෙබස්තියන් ක්‍රීඩකයින් විසින් පළමු ඉනිමේ ජයක් ලබා ගැනීමට සමත් වූ අතර, එම ජයත් සමඟ Tier A අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ද ඔවුන් සමත් වුනා.

මේ අතර Tier B කොටසේ එක් අවසන් පූර්ව තරගයක් ද ඊයේ දිනයේ ආරම්භ වුනා. කොළඹ ඉසිපතන විද්‍යාලය සහ කොළඹ තර්ස්ටන් විද්‍යාලය අතර පැවැත්වෙන මෙම තරගයේ දී කොළඹ ඉසිපතන විද්‍යාලය වෙනුවෙන් රන්මිත් සෙනරත් විසින් විශිෂ්ට ඉනිමක් දියත් කරමින් නොදැවී ලකුණු 155ක් ලබා ගැනීමට සමත් වුනා. හතරේ පහර 15ක් සහ හයේ පහර 2ක් අන්තර්ගත වූ මෙම ඉනිම අද (15) දිනයේ ද ක්‍රියාත්මක වනු ඇති.

එමෙන්ම මලීෂ සඳරුවන් ද ඉසිපතන පළමු ඉනිම වෙනුවෙන් අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත් වුනා.

කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය සහ මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය

(අනුරාධපුර සමාධි ක්‍රීඩාංගණයේ දී)

  • සාන්ත ජෝසප් විද්‍යාලය – 270/10 (84.3) මානස මධුභාශණ 116, යෙනුල දෙව්තුස 74, අදේශ් අල්මේදා 6/47 & 107/1 (15) අවීෂ සමාශ් 48
  • සාන්ත සෙබස්තියන් විද්‍යාලය – 342/10 (91.2) උශේන් සිල්වා 106, මලින්ත සිල්වා 99, ඩේමියන් ද සිල්වා 5/127, යෙනුල දෙව්තුස 3/96

මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.

කොළඹ ඉසිපතන විද්‍යාලය සහ කොළඹ තර්ස්ටන් විද්‍යාලය

(සූරියවැව අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී)

  • ඉසිපතන විද්‍යාලය – 283/8 (90) රන්මිත් සෙනරත් 155*, මලීෂ සඳරුවන් 58, යොවුන් සිල්ප 3/39, රචින්ත ද සිල්වා 3/23

පළමු දිනයට තරගය නතර කළා.

පාසල් ක්‍රිකට් පිටියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<