77 වන ජාතික මල්ලවපොර ශූරතාවලිය අද (02) දෙවන දිනයටත් ක්‍රීඩා අමාත්‍යාංශ ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විය.

දකුණු ආසියානු තරග‍ාවලියේ රිදී පදක්කම් ලාභී ක්‍රීඩක U. L. අසංක අද මුහුණ දුන් තරගයේදී පරාජයට පත්වීමත්, කිලෝග්‍රෑම් 70 බර පන්තිය යටතේ ජ්‍යෙෂ්ඨ අංශයෙන් තරග කළ සාක් ලෝකඩ පදක්කම් ලාභී K. L. මදුරංග ද පරාජය වීම අද දිනයේදී සිදු වූ සුවිශේෂී සිදුවීම් වේ.

පලමු දිනයේදී ගුවන් හමුදා ක්‍රීඩිකාවන්ගෙන් වැඩි දස්කම්

ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනය විසින් සංවිධානය කරනු ලබන, 77 වන ජාතික මල්ලවපොර ශූරතාවලිය අද (01) සිට දෙැසැම්බර් 3 වැනිදා දක්වා.

අද උදෑසන පටන්ම තරග රාශියක් පැවැති අතර කණිෂ්ඨ අංශයේ තරග 46ක් පමණ පවත්වා ඇත.

2016 මල්ලවපොර ශූරතා තරගාවලියේ දැනට පැවැති තරග අතරින්, ජ්‍යෙෂ්ඨ කාන්තා අංශයෙන් පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා සමාජය සමත් වූ අතර කණිෂ්ඨ අංශයේ මේ වන විට ඉදිරියෙන් පසුවන්නට ජා-ඇල Young ෂැඩෝස් ක්‍රීඩා සමාජයත්, වලල ඒ රත්නායක ක්‍රීඩා සමාජයත්, මාරපොල ක්‍රීඩා සමාජය සමත් වූ අතර ජ්‍යෙෂ්ඨ පිරිමි අංශයෙන් ශ්‍රී ලංකා යුධ හමුදා පිරිමි කණ්ඩායම සහ ශ්‍රී ලංකා ලංකා නාවික හමුදා පිරිමි කණ්ඩායම අතර පවතින්නේ කරට කර ‍සටනක් බව, ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනයේ ප්‍රධාන ලේකම් W. S. බොතේජු මහතා ThePapare.com වෙත පවසා සිටියේය.

කණිෂ්ඨ අංශයේ අද පැවැති අවසන් තරගයන් හි ප්‍රතිඵල සාරාංශය

කිලෝග්‍රෑම් 63 පිරිමි

ස්ථානය ක්‍රීඩකයාගේ නම ක්‍රීඩා සමාජය
පළමු ස්ථානය M G P බිම්සර වලල A ක්‍රීඩා සමාජය
දෙවන ස්ථානය I P R දිවාන් මාරපොල ක්‍රීඩා සමාජය
තෙවන ස්ථානය M H M S ප්‍රමෝද්‍ය වනාතමුල්ල ප්‍රජා මණ්ඩල ක්‍රීඩා සමාජය

කිලෝග්‍රෑම් 66 පිරිමි

ස්ථානය ක්‍රීඩකයාගේ නම ක්‍රීඩා සමාජය
පළමු ස්ථානය R A V ප්‍රනාන්දු වනාතමුල්ල ක්‍රීඩා සමාජය
දෙවන ස්ථානය E M V ඒකනායක වලල A ක්‍රීඩා සමාජය

කිලෝග්‍රෑම් 70 පිරිමි

ස්ථානය ක්‍රීඩකයාගේ නම ක්‍රීඩා සමාජය
පළමු ස්ථානය T W G S M S සෙනවිසිංහ වලල A ක්‍රීඩා සමාජය
දෙවන ස්ථානය M S M හසන් වනාතමුල්ල ක්‍රීඩා සමාජය

කිලෝග්‍රෑම් 84 පිරිමි

ස්ථානය ක්‍රීඩකයාගේ නම ක්‍රීඩා සමාජය
පළමු ස්ථානය C මල්ගහගමගේ Princes of Wales ක්‍රීඩා සමාජය
දෙවන ස්ථානය N P T සාරංග මාරපොල ක්‍රීඩා සමාජය

කිලෝග්‍රෑම් 96 පිරිමි

ස්ථානය ක්‍රීඩකයාගේ නම ක්‍රීඩා සමාජය
පළමු ස්ථානය M G I S ජයතිලක තෙල්දෙණියක්‍රීඩා සමාජය
දෙවන ස්ථානය J C N ප්‍රනාන්දු මාරපොල ක්‍රීඩා සමාජය

කිලෝග්‍රෑම් 120 පිරිමි

ස්ථානය ක්‍රීඩකයාගේ නම ක්‍රීඩා සමාජය
පළමු ස්ථානය M D M රන්දිම ජා-ඇල Young  ෂැඩෝස් ක්‍රීඩා සමාජය
දෙවන ස්ථානය H N K P කරුණාතිලක මාරපොල ක්‍රීඩා සමාජය
තෙවන ස්ථානය U G I නිමන්ත දක්ෂිණ ක්‍රීඩා සමාජය ගාල්ල

කණිෂ්ඨ අංශයේ කිලෝග්‍රෑම් 50 සහ 60 බර පන්ති යටතේ හෙට (03) අවසන් තරග පැවැත්වීමට නියමිත අතර මෙම තරගාවලියේ ජ්‍යෙෂ්ඨ කාන්තා අංශයේ අවසන් තරග කිහිපයක් සහ ජ්‍යෙෂ්ඨ පිරිමි අංශයේ අවසන් තරගත් හෙට (03) පැවැත්වීමට නියමිතයි.

 තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට