Home Sinhala ශ්‍රී ලංකා යෞවනයින් අපරාජිතව සුපිරි 8ට

ශ්‍රී ලංකා යෞවනයින් අපරාජිතව සුපිරි 8ට

19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 2022

3208

වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ බටහිර ඉන්දීය කොදෙව් සහ ශ්‍රී ලංකාව අතර ඊයේ (21) ආරම්භ වූ තරගයෙන් කඩුලු 3ක ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයින් සමත් වුනා.

D කාණ්ඩයේ තරගයක් ලෙස පැවති මෙම තරගය ශ්‍රී ලංකාවට බාධාවකින් තොරව මීළඟ වටයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ඉතා වැදගත් වූ අතර සත්කාරක කොදෙව් ක්‍රීඩකයින්ට තරගාවලියේ රැඳී සිටීම සඳහා මේ තරගය ජය ගැනීම අනිවාර්ය වුනා.

Basseterre හී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දුනිත් වෙල්ලාලගේ පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.

කොදෙව් ආරම්භක පිතිකරුවන් වූ Matthew Nandu ලකුණු 7කට සහ Shaqkere Parris ලකුණු 16කට පිටියෙන් ඉවත් කිරීමට ට්‍රෙවින් මැතිව් සහ නායක වෙල්ලාලගේ සමත් වුනේ මුළු ලකුණු සංඛ්‍යාව 34ක් වන විටයි.

ඉන්පසු පිටියේ එක්වූ T Bishop සහ Kevin Wickham තුන්වැනි කඩුල්ල සඳහා වටිනා ලකුණු 68ක සම්බන්ධතාවක් ගොඩනැගීමෙන් අනතුරුව ලකුණු 45ක් ලබා සිටි T Bishop පිටියෙන් ඉවත් කිරීමට වෙල්ලාලගේට හැකි වුනා.

නමුත් ඉන්පසු පිටියට පැමිණි Jordan Johnson සමඟ එක්ව සිව්වැනි කඩුල්ලට ලකුණු 58ක සම්බන්ධතාවයක් පිහිටුවීමෙන් පසුව ලකුණු 56ක් ලබා සිටි T Bishop මතීෂ පතිරණගේ පන්දුවක් හමුවේ දැවී ගියේ මුළු ලකුණු සංඛ්‍යාව 160ක් වන විටයි.

ලකුණු 47ක් ලබා සිටි Jordan Johnson සිය තෙවැනි කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමට තරමක වාසියක් ගෙන ඒමට නායක වෙල්ලාලගේට හැකි වූවත් අවසන් පන්දුවාර කිහිපයේ ක්‍රියාත්මක වූ Mckenny Clarke සහ Rivaldo Clarke අටවැනි කඩුල්ලට ගොඩනැගූ වේගවත් ලකුණු 46ක සම්බන්ධතාව කොදෙව් ක්‍රීඩකයින් පන්දුවාර 50ක් අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 250ක් දක්වා රැගෙන ගියා.

වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ Mckenny Clark පන්දු 34ක දී ලකුණු 45ක් රැස් කිරීමට සමත් වූ අතර ඔහුට අනගි සහයක් ලබා දුන් Rivaldo Clarke පන්දු 13ක දී ලකුණු 21ක් රැස් කළා.

පන්දු යැවීමේ දී නැවතත් ඉහළ දස්කම් පෙන්නුම් කළ වෙල්ලාලගේ පන්දුවාර 10ක් තුල ලකුණු 39ක් පමණක් ලබා දෙමින් කඩුලු 3ක් දවා ගැනීමට සමත් වූ අතර මතීෂ පතිරණ ලකුණු 68කට කඩුලු 3ක් බිඳ හෙළුවා.

ලකුණු 251ක අභියෝගාත්මක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස චමිඳු වික්‍රමසිංහ ලකුණු 4කට පිටියෙන් ඉවත් කිරීමට Nathan Edwardට හැකි වුනේ ශ්‍රි ලංකාවට දැඩි පීඩනයක් එල්ල කරමිනුයි.

ශ්‍රී ලංකා ඉනිමට තරමක ජීවයක් ගෙන දෙමින් සදීෂ රාජපක්ෂ සමඟ එක්ව දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 52ක සම්බන්ධතාවක් ගොඩනැගීමෙන් අනතුරුව Mckenny Clarkගේ පන්දුවක් හමුවේ ශෙවෝන් ඩැනියල් දැවී යන විට ලකුණු 34ක් රැස්කර සිටියා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 96ක් වන විට ලකුණු 9ක් ලබා සිටි සකුණ ලියනගේ දවා ගැනීමට Giovonte Depeizaට හැකි වුනේ තුන්වැනි කඩුල්ල සඳහා පිහිට වූ ලකුණු 40ක සම්බන්ධතාවයට තිත තබමිනුයි.

සිව්වැනි කඩුල්ල සඳහා සදීෂ සමඟින් එක්ව ලකුණු 68ක වටිනා සම්බන්ධතවයක් ගොඩනැගීමෙන් අනතුරුව ලකුණු 40ක් ලබා සිටි අංජුල බණ්ඩාර දැවී යන විට ලකුණු පුවරුව දැක්වුණේ කඩුලු 4ක් දැවී ලකුණු 174ක් ලෙසයි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රීඩා කළ සදීෂ ලකුණු 76ක් ලබා ගැනීමෙන් පසුව පිටියෙන් ඉවත් වුනේ Isai Thorneගේ පන්දුවක් හමුවේයි.

ඉන්පසු නායක දුනිත් වෙල්ලාලගේ ලකුණු 15කට සහ උපනායක රවීන් ද සිල්වා ලකුණු 13කට දවා ගැනීමට කොදෙව් ක්‍රීඩකයින් සමත් වූවත්, රන්ඳු සෝමරතන නොදැවී ලබා ගත් ලකුණු 28 නිසා ශ්‍රී ලංකාව පන්දු 10ක් ඉතිරිව තිබිය දී කඩුලු 7ක් පමණක් දැවී ජයග්‍රාහී සීමාව පසු කළා.

මෙම ජයග්‍රහණය සමඟින් සිය කාණ්ඩයේ පෙරමුණ ලබා ගනිමින් මීළඟ වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයින්ට හැකි වූ අතර සහභාගී වූ තරග දෙකක් පරාජය වීම නිසා සත්කාරය කොදෙව් ක්‍රීඩකයින්ට සුපිරි අට වටයට සුදුසුකම් ලබා ගැනීමටට හැකි වුනේ නැහැ.


Result


Sri Lanka U19
251/7 (48.2)

West Indies U19
250/9 (50)

Batsmen R B 4s 6s SR
Shaqkere Parris b Dulith Wellalage 16 29 2 0 55.17
Matthew Nandu lbw b Matheesha Pathirana 7 12 0 0 58.33
Teddy Bishop Treveen Mathews b Dulith Wellalage 45 62 7 0 72.58
Kevin Wickham c Chamindu Wickramasinghe b Matheesha Pathirana 56 91 5 1 61.54
Jordan Johnson c Sadisha Rajapaksa b Dunith Wellalage 47 56 4 1 83.93
Rivaldo Clarke † run out (Anjala Bandara) 45 35 2 4 128.57
Giovonte Depeiza run out (Anjala Bandara) 0 2 0 0 0.00
Nathan Edwards run out (Matheesha Pathirana) 1 2 0 0 50.00
McKenny Clarke b Matheesha Pathirana 21 12 1 2 175.00


Extras 12 (b 0 , lb 1 , nb 1, w 10, pen 0)
Total 250/9 (50 Overs, RR: 5)
Fall of Wickets 1-20 (5.2) Matthew Nandu, 2-34 (8.2) Shaqkere Parris, 3-102 (26.3) Teddy Bishop, 4-160 (37.4) Kevin Wickham, 5-194 (44.3) Jordan Johnson, 6-194 (44.5) Giovonte Depeiza, 7-202 (45.5) Nathan Edwards, 8-248 (49.5) Rivaldo Clarke †, 9-250 (49.6) McKenny Clarke,

Bowling O M R W Econ
Yasiru Rodrigo 3 0 19 0 6.33
Treveen Mathews 9 2 38 1 4.22
Chamindu Wickramasinghe 1 0 4 0 4.00
Dunith Wellalage 10 2 39 3 3.90
Matheesha Pathirana 10 0 67 2 6.70
Shevon Daniel 7 0 28 0 4.00
Raveen De Silva 6 0 36 0 6.00
Sadisha Rajapaksa 4 0 18 0 4.50


Batsmen R B 4s 6s SR
Chamindu Wickramasinghe c McKenny Clarke b Nathan Edwards 4 5 0 0 80.00
Sadisha Rajapaksa lbw b Isai Thorne 76 115 5 0 66.09
Shevon Daniel c Rivaldo Clarke † b McKenny Clarke 34 33 5 1 103.03
Sakuna Nidarshana Liyanage c Rivaldo Clarke † b Giovonte Depeiza 9 22 1 0 40.91
Anjala Bandara c Rivaldo Clarke † b Isai Thorne 40 52 2 1 76.92
Dunith Wellalage c & b 15 15 0 0 100.00
Ranuda Somarathne not out 28 27 0 0 103.70
Raveen De Silva b 13 14 0 0 92.86
Yasiru Rodrigo not out 6 9 0 0 66.67


Extras 26 (b 6 , lb 3 , nb 2, w 15, pen 0)
Total 251/7 (48.2 Overs, RR: 5.19)
Fall of Wickets 1-4 (0.5) Chamindu Wickramasinghe, 2-56 (11.4) Shevon Daniel, 3-96 (19.6) Sakuna Nidarshana Liyanage, 4-174 (35.2) Anjala Bandara, 5-199 (39.4) Sadisha Rajapaksa,

Bowling O M R W Econ
Nathan Edwards 10 1 50 1 5.00
Shiva Sankar 8 0 50 1 6.25
McKenny Clarke 9.2 2 38 1 4.13
Matthew Nandu 5 0 18 0 3.60
Giovonte Depeiza 5 0 32 1 6.40
Isai Thorne 10 0 41 2 4.10
Kevin Wickham 1 0 10 0 10.00



ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන Dialog Axiata PLC සමාගම යොවුන් ලෝක කුසලානය සඳහා පිටත්ව ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ ‘නිල අනුග්‍රාහකයා’ ලෙස කටයුතු කරන අතර තරගාවලියේ සියලුම තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<