ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා සටනට ක්‍රීඩාංගණ නම් කෙරේ

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඕස්ට්‍රේලියා සංචාරය 2022

3607

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ ආරම්භ වීමට නියමිත විස්සයි විස්ස තරගාවලිය පැවැත්වෙන ක්‍රීඩාංගණ සහ දින වකවානු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය විසින් මාධ්‍ය වෙත නිකුත් කර තිබුණා.

ඒ අනුව විස්සයි විස්ස තරග පහකින් සමන්විත මෙම තරගාවලියේ තරග Manuka Oval, මෙල්බර්න් සහ සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණ කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

කෙසේ නමුත් මීට පෙර මෙම තරගාවලියේ දෙවැනි, තෙවැනි සහ සිව්වැනි තරග Queensland සහ Adelaide ක්‍රීඩාංගණවල දී පැවැත්වීමට සැලසුම් කර තිබුනත්, රට තුළ සංචාරය කිරීමෙන් ජෛව ආරක්ෂිත බුබුලට සිදු වන බලපෑම මත එම ක්‍රීඩාංගණ භාවිතා නොකිරීමට තීරණය කර තිබෙනවා.

එම තීරණය පිළිබඳව අදහස් දක්වමින් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් විධායක නිලධාරි Nick Hockley ප්‍රකාශ කර සිටියේ,

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් කොරෝනා අභියෝගයට මුහුණ දෙද්දී සියලුම ක්‍රීඩකයින්, තරග විනිසුරුවරුන්, කාර්ය මණ්ඩල නිලධාරීන් සහ ප්‍රේක්ෂකයන් ඇතුළු සම්බන්ධ වන සැමගේ සෞඛ්‍යාරක්ෂාවට ප්‍රමුඛත්වය දීලා කටයුතු කරන්නේ.

අපි දන්නවා මෙම තීරණය නිසා Queensland සහ Adelaide ප්‍රේක්ෂකයන් කලකිරීමට පත්වෙන්න ඇති කියලා. ඒත් හැකි ඉක්මනින් සියලුම ප්‍රාන්ත වෙත ආරක්ෂිතව ක්‍රිකට් තරග ගෙන යාමට අපි වැඩ කරමින් ඉන්නවා.

ඒ වගේම මෙම තරගාවලිය කිසිදු බාධාවකින් තොරව ඉදිරියට ගෙන යාමට අප සමඟ ඉතා සමීපව සුහදව වැඩ කිරීම පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අපේ ස්තුතිය පුද කරනවා”.

තරගාවලියේ කාලසටහන

  • පළමු තරගය – පෙබරවාරි 11, Sydney Cricket Ground
  • දෙවැනි තරගය – පෙබරවාරි 13, Sydney Cricket Ground
  • තෙවැනි තරගය – පෙබරවාරි 15, Manuka Oval
  • සිව්වැනි තරගය – පෙබරවාරි 18, Melbourne Cricket Ground
  • පස්වැනි තරගය – පෙබරවාරි 20, Melbourne Cricket Ground

Cricbuzz වෙබ් අඩවිය ඇසුරිනි.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<