Home Sinhala සකුණ සහ දුනිත්ගෙන් වැඩි දස්කම්; ජයග්‍රහණය ශ්‍රී ලංකාවට

සකුණ සහ දුනිත්ගෙන් වැඩි දස්කම්; ජයග්‍රහණය ශ්‍රී ලංකාවට

ICC 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 2022

5049

ICC 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය ඊයේ (14) රාත්‍රියේ දී ආරම්භ වුනා. එහි දී ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්තය අතර පැවති තරගයෙන් ලකුණු 40ක ජයක් ලබා ගන්නට ශ්‍රී ලංකාව සමත් වුනා.

Guyana හි Everest ක්‍රිකට් සමාජ ක්‍රීඩාංගණයේ දී D කාණ්ඩයේ තරගයක් ලෙස පැවති මේ තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දුනිත් වෙල්ලාලගේ පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.

ශ්‍රී ලංකා මුල්පෙළ පිතිකරුවන් යම් අසාර්ථකත්වයක් පෙන්නුම් කරද්දී, ශ්‍රී ලංකා ගෞරවය බේරා ගත් කඩුලු රකින පිතිකරු සකුණ ලියනගේ අගනා ලකුණු 85ක් ලබාගෙන දස්කම් දැක්වූවා. එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාව පන්දුවාර 45කුත් පන්දු දෙකක් අවසානයේ දී කඩුලු සියල්ල දැවී ලකුණු 218ක් ලබා ගත්තා.

ශ්‍රී ලංකා මුල්පෙළ පිතිකරුවන් අතරින් චමිඳු වික්‍රමසිංහ සහ සදීෂ රාජපක්ෂ හැරෙන්නට අනෙක් පිතිකරුවන් හට යම් හෝ සාර්ථකත්වයක් ලබා ගැනීමට ස්කොට්ලන්ත පන්දු යවන්නන් අවස්ථාවක්  ලබා දුන්නේ නැහැ. එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා ඉනිමේ පන්දුවාර 13ක් අවසන් වන විට ලකුණු 78කට කඩුලු 5ක් දැවී ගොස් තිබුණා.

නායක වෙල්ලාලගේ සහ වමතින් පිතිකරණයේ නිරත වන සකුණ තරමක් වෙලාවක් සිය කඩුලු ආරක්ෂා කරගෙන පන්දුවට පහර දෙමින් සබඳතාවයක් ගොඩනැංවීමට වෑයම් කළත්, පන්දු 33කට මුහුණ දී ලකුණු 10ක් ලබා ගෙන වෙල්ලාලගේ දැවී ගියා.

ඉන් අනතුරුව සකුණ සමඟ 7 වැනි කඩුල්ල සඳහා පිටියේ එක්වූ උපනායක රවීන් ද සිල්වා ලකුණු 77ක සුපිරි සබඳතාවයක් ගොඩනංවමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව තරගකාරී මට්ටමක් වෙත රැගෙන යාමට සමත් වුනා.

ස්වීප්, රිවර්ස් ස්වීප් ඇතුළු මනරම් පිති ප්‍රහාර දියත් කරමින් ශ්‍රී ලංකා ඉනිමේ කොඳුනාරටිය බවට පත්වුණු සකුණගේ ඉනිමට 4 පහර 3ක් සහ 6 පහර 4ක් ඇතුළත් වුනා. Sean Fischer-Keoghගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීම නිසා පන්දු 85ක දී ගොඩනැංවුණු ඔහුගේ එම සටන්කාමී ඉනිම නිමා වුනා.

පන්දු 50ක් පුරාවට කඩුල්ලේ රැඳී සිටිමින් පසුපෙළ කඩුලු තවදුරටත් රැකගැනීම සඳහා සහය වුනු රවීන් 4 පහර 3ක් සමඟින් වටිනා ලකුණු 30ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී ස්කොට්ලන්තය වෙනුවෙන් ලකුණු 56කට කඩුලු 3ක් දවා ගැනීමට දකුණතින් වේගපන්දු යවන Sean Fischer-Keogh සමත් වුනා. ඊට අමතරව Jack Jarvis සහ Oliver Davidson අතරේ කඩුලු දෙක බැගින් බෙදී ගියා.

දඟපන්දු යවන්නන්ට වැඩි වාසියක් හිමිවුණු මේ තණතීරුවේ පිළිතුරු ඉනිම දියත් කිරීමට පැමිණි ස්කොට්ලන්ත ඉනිම ලකුණු 178කට සීමා කරන්නට ශ්‍රී ලංකාවට හැකි වුනා.

එහි දී වමතින් දඟපන්දු යවන වෙල්ලාලගේ ලකුණු 27කට කඩුලු 5ක් දවාගෙන නායකත්වයේ පන්දු යැවීමක නිරත වුනා. පිතිකරණයේ දී දුවද්දී දැවී යාමකට හසුව ලකුණු අතරට එමට නොහැකි වුනු ශෙවෝන් ඩැනියල් පන්දු යැවීමෙන් ලකුණු 16කට කඩුලු 2ක් දවා ගත්තා.

ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට යම් අභියෝගයක් එල්ල කළ ස්කොට්ලන්ත මැදපෙළ පිතිකරු Jack Jarvis පන්දු 61ක් තුල ලකුණු 55ක් ලබා ගත් අතර ඔහුගේ එම ඉනිමට 4 පහර 3ක් සහ 6 පහර 3ක් ඇතුළත් වුනා.

Jarvis ලබා ගත් එම ලකුණු ප්‍රමාණය හැරෙන්නට ඔවුන්ගේ අනෙක් එකඳු පිතිකරුවෙක් හට හෝ ලකුණු 19 සීමාව අභිබවා යාමට වෙල්ලාලගේ ඇතුළු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අවස්ථාවක් ලබා දුන්නේ නැහැ.

Result


Sri Lanka U19
209/10 (45.2)

Scotland U19
178/10 (48.4)

Batsmen R B 4s 6s SR
Chamindu Wickramasinghe c & b Jack Jarvis 28 31 1 1 90.32
Shevon Daniel run out () 4 4 1 0 100.00
Sadisha Rajapaksa b Olly Davidson 24 26 2 0 92.31
Pawan Pathiraja st Charlie Tear b Jack Jarvis 0 2 0 0 0.00
Ranuda Somarathne lbw b Olly Davidson 5 12 1 0 41.67
Sakuna Nidarshana Liyanage c & b Sean Fischer-Keogh 79 84 2 4 94.05
Dunith Wellalage c & b Rafay Khan 10 33 0 0 30.30
Raveen De Silva b Sean Fischer-Keogh 27 49 3 0 55.10
Yasiru Rodrigo b Sean Fischer-Keogh 9 14 1 0 64.29
Wanuja Sahan not out 7 15 0 0 46.67
Matheesha Pathirana run out () 4 5 0 0 80.00


Extras 12 (b 0 , lb 0 , nb 3, w 9, pen 0)
Total 209/10 (45.2 Overs, RR: 4.61)
Fall of Wickets 1-8 (1.5) Shevon Daniel, 2-60 (9.2) Chamindu Wickramasinghe, 3-61 (9.4) Pawan Pathiraja, 4-63 (10.3) Sadisha Rajapaksa, 5-78 (12.6) Ranuda Somarathne, 6-99 (22.3) Dunith Wellalage, 7-167 (36.6) Raveen De Silva, 8-191 (40.6) Sakuna Nidarshana Liyanage, 9-198 (42.6) Yasiru Rodrigo,

Bowling O M R W Econ
Sean Fischer-Keogh 9 0 56 3 6.22
Charlie Peet 6 0 30 0 5.00
Jack Jarvis 8.2 0 25 2 3.05
Olly Davidson 8 0 44 2 5.50
Lyle Robertson 8 2 15 0 1.88
Rafay Khan 4 0 27 1 6.75
Jamie Cairns 2 0 12 0 6.00


Batsmen R B 4s 6s SR
Charlie Tear lbw b Shevon Daniel 17 26 3 0 65.38
Olly Davidson lbw b Dunith Wellalage 15 56 0 0 26.79
Sam Elstone c Ranuda Somarathne b Dulith Wellalage 13 50 1 0 26.00
Tom Mackintosh lbw b Matheesha Pathirana 19 30 2 0 63.33
Jack Jarvis c Raveen De Silva b Dulith Wellalage 55 61 3 3 90.16
Rafay Khan c Ranuda Somarathne b Dulith Wellalage 7 18 1 0 38.89
Lyle Robertson c Shevon Daniel b Wanuja Sahan 14 26 0 0 53.85
Charlie Peet b Dulith Wellalage 10 12 0 0 83.33
Christopher Cole run out (Shevon Daniel) 3 7 0 0 42.86
Jamie Cairns not out 1 3 0 0 33.33
Sean Fischer-Keogh lbw b Shevon Daniel 2 3 0 0 66.67


Extras 22 (b 3 , lb 3 , nb 0, w 16, pen 0)
Total 178/10 (48.4 Overs, RR: 3.66)
Fall of Wickets 1-24 (8.1) Charlie Tear, 2-49 (21.4) Olly Davidson, 3-57 (23.1) Sam Elstone, 4-79 (29.2) Tom Mackintosh, 5-103 (35.1) Rafay Khan, 6-151 (43.2) Lyle Robertson, 7-165 (45.3) Jack Jarvis, 8-170 (46.6) Christopher Cole, 9-175 (47.5) Charlie Peet, 10-178 (48.4) Sean Fischer-Keogh,

Bowling O M R W Econ
Yasiru Rodrigo 4 1 6 0 1.50
Chamindu Wickramasinghe 4 1 22 0 5.50
Wanuja Sahan 10 2 33 1 3.30
Shevon Daniel 6.4 1 16 2 2.50
Dunith Wellalage 9 0 27 5 3.00
Sadisha Rajapaksa 2 0 3 0 1.50
Raveen De Silva 8 0 37 0 4.62
Matheesha Pathirana 5 0 28 1 5.60



මෙවර 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන මූලික වටයේ දෙවැනි තරගය මේ මස 17 වැනිදා ඕස්ට්‍රේලියාව සමඟ Saint Kitts and Nevis හිදී පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන Dialog Axiata PLC සමාගම යොවුන් ලෝක කුසලානය සඳහා පිටත්ව ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ‘නිල අනුග්‍රාහකයා’ ලෙස කටයුතු කරන අතර තරගාවලියේ සියලුම තොරතුරු ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<