නවසීලන්තයේ සුලෝහිත සංග්‍රාමයක්

477

වසර 89ක ඉතිහාසයක් ඇති සුලෝහිත සංග්‍රාමයට සමගාමීව මෙවර නවසීලන්තයේ දී තවත් සුලෝහිත සටනක් පැවැත්වීමට නියමිතව ඇත. නවසීලන්තයේ සිටින ආනන්ද විද්‍යාලයීය ආදි ශිෂ්‍යයන් සහ නාලන්ද විද්‍යාලයීය ආදි ශිෂ්‍යයන් අතර පැවැත්වෙන මෙම ක්‍රිකට් තරගය මෙම මස (ජනවාරි) 12 වැනිදා නවසීලන්තයේ TAKAPUNA ක්‍රිකට් සමාජ ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

UAE සුලෝහිත සංග්‍රාම ක්‍රිකට් සටනේ ශූරතා දෙකම නාලන්දාවට

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ …

නවසීලන්තයේ දී පළමු වරට පැවැත්වෙන මෙම සුලෝහිත සංග්‍රාමය එක්දින තරගයක් ලෙස ක්‍රීඩා කිරීමට සූදානම් කර ඇත. තරිඳු තීක්ෂණ විසින් ආනන්ද විද්‍යාලයීය ආදි ශිෂ්‍ය ක්‍රිකට් කණ්ඩායම මෙහෙයවන අතර චන්න වීරප්පෙරුම විසින් නාලන්ද විද්‍යාලයීය ආදි ශිෂ්‍ය ක්‍රිකට් කණ්ඩායම මෙහෙයවනු ලැබේ.

ආනන්ද විද්‍යාලයීය ආදි ශිෂ්‍ය ක්‍රිකට් කණ්ඩායම

තරිඳු තීක්ෂණ (නායක), ධමිඳු චාමල, ගයාන් රතඹලගේ, නිලන්ත එදිරිවික්‍රම, සුධාරක අරඹේපොල, රුචිර ලියනගම, චින්තක අබේගුණරත්න, අකිල රූපසිංහ, සවීන් ගුණරත්න, රංගන ජයවර්ධන, දේවක රත්නායක, සුදාර ජයසේකර, දුලීප ත්‍රීමාවිතාන, සුපුන් හෙට්ටිආරච්චි, ඕෂද් මෙන්ඩිස්.

පුහුණුකරු – හසිත් ගමගේ.

ආනන්ද විද්‍යාලීය ආදි ශිෂ්‍ය ක්‍රිකට් කණ්ඩායම

නාලන්ද විද්‍යාලයීය ආදි ශිෂ්‍ය ක්‍රිකට් කණ්ඩායම

චන්න වීරප්පෙරුම (නායක), නලින් අරියවංස, ලක්මාල් දූවගේ, සුවිරාජ් මාකවිට, මංජුල සිරිපාල, චාමික තලකඩ, ස්ටීව් වරාගොඩ, වරුණ තිලකරත්න, පුබුදු නුවන්, තේජන නාකන්දල, අසංක අබේසිරිගුණවර්ධන, සිතුම් අමරසිංහ.

පුහුණුකරු – දිනේෂ් ද සිල්වා.

නාලන්ද විද්‍යාලීය ආදි ශිෂ්‍ය ක්‍රිකට් කණ්ඩායම

Caption – නාලන්ද විද්‍යාලීය ආදි ශිෂ්‍ය ක්‍රිකට් කණ්ඩායම

නවසීලන්තයේ පැවැත්වෙන මංගල සුලෝහිත සංග්‍රාමයේ පුවත් ඔබ වෙත ගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com අපි සූදානමින් සිටින්නෙමු. රැඳී සිටින්න අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<