Home Sinhala සුපිරි සටනක් දුන් ශ්‍රී ලංකා යෞවනයින්ගේ බලාපොරොත්තු බිඳ වැටෙයි

සුපිරි සටනක් දුන් ශ්‍රී ලංකා යෞවනයින්ගේ බලාපොරොත්තු බිඳ වැටෙයි

19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 2022

2887

2022 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (27) පැවති සිව්වැනි අර්ධ අවසන් පූර්ව වටයේ තරගයෙන් ඇෆ්ගනිස්තානය හමුවේ ලකුණු 4ක තියුණු පරාජයකට මුහුණ දෙන්නට ශ්‍රී ලංකාවට සිදු වුනා.

Antigua හි Coolidge ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මේ තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දුනිත් වෙල්ලාලගේ පළමුව පන්දු රැකීම සඳහා තීරණය කළ අතර මතීෂ පතිරණ වෙනුවට විනුජ රන්පුල් පළමු වරට කණ්ඩායමට කැඳවා තිබුණා. ඒ මතීෂගේ උරහිසේ ඇතිව තිබෙන ආබාධයක් නිසාවෙනුයි.

ඇෆ්ගනිස්තාන ආරම්භක පිතිකරුවන් දෙදෙනා පළමු Powerplay අවස්ථාව තුල ලකුණු 24ක් ලබාගෙන තරගයට මන්දගාමී ආරම්භයක් ලබා ගත්තා. ඉන්පසුව ක්‍රියාත්මක වුනු පන්දුවාර 5 තුල දී ඇෆ්ගනිස්තාන පළමු කඩුලු 4 ලකුණු 4ක් තුල බිඳ දැමීමට විනුජ රන්පුල් සහ ට්‍රෙවින් මැතිව් ඇතුළු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමත් වුනා.

කෙසේ නමුත් ඔවුන්ගේ මැදපෙළින් ස්ථාවරයක් ගොඩනැගූ 16 හැවිරිදි Abdul Hadi සහ Allah Noor 5 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 47ක සබඳතාවයක් ගොඩනංවමින් ඔවුන්ගේ ලකුණු සටහන යම් සටන්කාමී මට්ටමකට රැගෙන ඒමට දායක වුනා.

ඉන් අනතුරුව Abdul Hadi (ලකුණු 37) සමඟ එක්වුණු 17 හැවිරිදි Noor Ahmad (ලකුණු 30) ඔවුන්ගේ ඉනිම සඳහා වේගවත් අවසානයක් ලබා දුන් අතර ඔවුන් දෙදෙනා එක්ව 7 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 48ක සබඳතාවයක් ගොඩනැංවූවා. එම සබඳතාවයට 6 පහර 5ක් ඇතුළත් වුනා.

ඇෆ්ගනිස්තාන ඉනිම ලකුණු 134කට සීමා කිරීම වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වුනු දකුණතින් වේගපන්දු යවන විනුජ රන්පුල් පන්දුවාර 9කුත් එක් පන්දුවක් තුල දී ලකුණු 10කට කඩුලු 5ක් දවා ගත්තා.

නායක වෙල්ලාලගේ සහ මැතිව් කඩුලු 3 බැගින් දවාගෙන ඉතාමත් අවම ලකුණු මට්ටමකට ඇෆ්ගනිස්තාන ඉනිම සීමා කිරීමට සහය වුනා.

ලකුණු 135ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුලු 4 පළමු පන්දුවාර 12 තුල දැවී ගියා. ඒ වන විට ශ්‍රී ලංකාව ලකුණු 24ක් සමඟ ඉතාමත් අසීරු මට්ටමක සිටි අතර චමිදු වික්‍රමසිංහ ආරම්භක පිතිකරුවා ලෙස තරමක් වේලාවක් කඩුල්ලේ රැඳී සිටිමින් ලකුණු 16ක් ලබා ගත්තා.

කෙසේ නමුත් චමිදුගේ දැවී යාමත් සමඟම පන්දුවාර 17ක් අවසානයේ දී ශ්‍රී ලංකාව කඩුලු 6ක් දැවී ලකුණු 49ක් ලබාගෙන සිටියා.

ශ්‍රී ලංකා අවසන් බලාපොරොත්තුව වුනු නායක වෙල්ලාලගේ සහ උපනායක රවීන් ද සිල්වා 8 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 69ක සුපිරි සබඳතාවයක් ගොඩනංවමින්, නැවතත් ශ්‍රී ලංකාව දෙසට තරගය රැගෙන එන්නට සමත් වුනා.

පන්දු 31කට මුහුණ දුන් දුනිත් සටන්කාමී පිතිකරණයක නිරත වෙමින් ලකුණු 31කට දැවී යන විට ඒ සඳහා අනෙක් පසින් සහය වුනු රවීන් ලකුණු 21ක් ලබා ගත්තා.

විනුජ රන්පුල් සහ ට්‍රෙවින් මැතිව් අවසන් කඩුල්ල රැකගෙන ශ්‍රී ලංකාවට මේ තීරණාත්මක තරගය ජය ගැනීම සඳහා අවශ්‍ය ලකුණු රැස්කරමින් සිටිය දී ට්‍රෙවින් අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී යාමකට හසු වුනා.

අවසානයේ දී තියුණු සටනක් ලබා දුන් ශ්‍රී ලංකාවට ලකුණු 4කින් මේ තරගය පරාජයට පත් වීමට සිදු වුන අතර ඇෆ්ගනිස්තානය 2018 වසරට පසුව නැවත වරක් 19න් පහළ ක්‍රිකට් ලෝක කුසලානයක අවසන් පූර්ව වටයකට සුදුසුකම් ලබා ගන්නට සමත් වුනා.

මේ තරගයේ දී ශ්‍රී ලංකා කඩුලු 4ක් දුවද්දී දැවී යාම්වලට හසුවීම ඉතාමත් කණගාටුවට කරුණක් වුනා. එසේම ඇෆ්ගනිස්තාන පන්දු යවන්නන් ද තරගයේ පළමු පන්දුවේ සිටම ඉතාමත් හොඳ සටනක් ලබා දුන්නා.

ඒ අනුව ශ්‍රී ලංකාව මෙවර 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 5 වැනි සහ 8 වැනි ස්ථානය අතර ස්ථානයක් ලබා ගැනීම වෙනුවෙන් ඉදිරියේ දී තරග වදිනු ලබන අතර ඇෆ්ගනිස්තානය – එංගලන්තය සමඟ අවසන් පූර්ව වටයේ තරගය සඳහා තරග කරනු ඇත.


Result


Afghanistan U19
134/10 (47.1)

Sri Lanka U19
130/10 (46)

Batsmen R B 4s 6s SR
Bilal Sayedi b Matheesha Pathirana 6 34 0 0 17.65
Nangeyalia Kharote c Anjala Bandara b Vinuja Ranpul 13 33 2 0 39.39
Allah Noor c Ranuda Somarathne b Dulith Wellalage 25 58 1 0 43.10
Suliman Safi lbw b Vinuja Ranpul 1 9 0 0 11.11
Ijaz Ahmad Ahmadzai c Anjala Bandara b Vinuja Ranpul 0 3 0 0 0.00
Abdul Hadi st Anjala Bandara b Dulith Wellalage 37 97 3 1 38.14
Mohammad Ishaq † c Shevon Daniel b Yasiru Rodrigo 9 9 0 1 100.00
Noor Ahmad  c Shevon Daniel b Vinuja Ranpul 30 33 0 4 90.91
Izharulhaq Naveed  b Vinuja Ranpul 1 3 0 0 33.33
Bilal Sami  lbw b Dulith Wellalage 1 3 0 0 33.33
Naveed Zadran  not out 0 1 0 0 0.00


Extras 11 (b 1 , lb 2 , nb 0, w 8, pen 0)
Total 134/10 (47.1 Overs, RR: 2.84)
Fall of Wickets 1-24 (10.6) Bilal Sayedi, 2-24 (11.1) Nangeyalia Kharote, 3-26 (13.1) Suliman Safi, 4-26 (13.4) Ijaz Ahmad Ahmadzai, 5-73 (32.4) Allah Noor, 6-84 (35.3) Mohammad Ishaq †, 7-132 (45.6) Noor Ahmad , 8-132 (46.1) Abdul Hadi, 9-134 (46.5) Bilal Sami , 10-134 (47.1) Izharulhaq Naveed ,

Bowling O M R W Econ
Yasiru Rodrigo 8 1 41 1 5.12
Vinuja Ranpul 9.1 3 10 5 1.10
Treveen Mathews 10 4 13 1 1.30
Chamindu Wickramasinghe 4 0 11 0 2.75
Dunith Wellalage 10 0 36 3 3.60
Raveen De Silva 3 0 13 0 4.33
Shevon Daniel 3 1 7 0 2.33


Batsmen R B 4s 6s SR
Chamindu Wickramasinghe run out (Suliman Safi) 16 53 0 0 30.19
Sadeesh Jayawardena c Mohammad Ishaq † b Bilal Sami  0 1 0 0 0.00
Shevon Daniel lbw b Bilal Sami  2 9 0 0 22.22
Sakuna Nidarshana Liyanage run out (Mohammad Ishaq †) 2 13 0 0 15.38
Anjala Bandara c Mohammad Ishaq † b Naveed Zadran  1 7 0 0 14.29
Ranuda Somarathne lbw b Noor Ahmad  3 10 0 0 30.00
Yasiru Rodrigo run out (Ijaz Ahmad Ahmadzai) 2 9 0 0 22.22
Dunith Wellalage b 34 61 0 0 55.74
Ravindu De Silva b 21 84 0 0 25.00
Vinuja Ranpul not out 11 14 0 0 78.57
Treveen Mathews run out () 4 15 0 0 26.67


Extras 34 (b 0 , lb 2 , nb 0, w 32, pen 0)
Total 130/10 (46 Overs, RR: 2.83)
Fall of Wickets 1-2 (0.4) Sadeesh Jayawardena, 2-8 (4.1) Shevon Daniel, 3-20 (10.2) Sakuna Nidarshana Liyanage, 4-24 (11.5) Anjala Bandara, 5-30 (14.2) Ranuda Somarathne, 6-42 (16.1) Chamindu Wickramasinghe, 7-43 (17.1) Yasiru Rodrigo,

Bowling O M R W Econ
Bilal Sami  10 0 33 2 3.30
Naveed Zadran  8 1 19 1 2.38
Noor Ahmad  10 2 20 1 2.00
Izharulhaq Naveed  10 1 33 1 3.30
Nangeyalia Kharote 8 0 23 1 2.88



>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<