කසකස්තානයේ අස්තාන් නුවර පැවැත්වීමට නියමිත “අන්තර්ජාතික කරාතේ ශූරතාවලිය” ජූලි මස 15, 16 සහ 17 දිනයන්හීදි පැවැත්වේ. කාතා සහ කුමිතේ ඒකල සහ කණ්ඩායම් ඉසව් සඳහා සහභාගී වීමට ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩකයින් 7 දෙනෙකු සහ ක්‍රීඩිකාවන් 7 දෙනෙකු නම් කර ඇත.

මාස් කාන්තාවන් බැබළෙද්දී යුධ හමුදා සෙබළුන්ගෙන් බර අවි ප්‍රහාර

බොක්සිං ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාතික බොක්සිං වළල්ලේ දොරගුළු විවර කරන අන්තර්මධ්‍යම බොක්සිං තරගාවලියේ අවසන් මහා තරග ඊයේ

ඉරේෂා තිරිමාන්න සහ එස්. බාලුරාජ් ඒකල කාන්තා සහ පිරිමි කාන්තා ඉසව් සඳහා ඇතුළත් කර ඇති අතර ශුහාරා ෆායිස්, නිරෝෂා නිර්මලී සහ මිහිරි රුවන්තිකා, ප්‍රියාන් සහ තනුක වික්‍රමගල්ල සොයුරන් සහ කණිශ්ක සිල්වා පිළිවෙළින් කාන්තා සහ පිරිමි කණ්ඩායම් කාතා තරග ඉසව් සඳහා ඇතුළත් කර ඇත.

දිනූෂා පෙරේරා, තාරිකා සමන්මලී සහ එරන්දි ජයකොඩි කාන්තා කුමිතේ තරගවල දී ශ්‍රී ලංකාව නියෝජනය කරන අතර රුවන් ෆොන්සේකා, විරංග ඩයස් සහ ප්‍රසන්න සේනානායක පිරිමි කුමිතේ තරග ඉසව් නියෝජනය කරයි.

මෙම ශූරතාවලිය ලෝක කරාතේ සංගමය (WKF) මගින් සංවිධානය කරන අතර 2018 වසරේ ඉන්දුනීසියාවේ දී පවත්වන ආසියානු තරග සඳහා මෙම තරගාවලිය තුලින් ලබා ගන්නා අත්දැකීම් ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට විශාල රැකුලක් වනු නොඅනුමානයි.

සෙන්සේ රුවන් සතරසිංහ සහ සෙන්සේ ආර්. ජේ. එඩ්වඩ් යන පුහුණුකරුවන් දෙදෙනා පිළිවෙළින් කාතා සහ කුමිතේ අංශ සඳහා ජාතික සංචිතය සූදානම් කර ඇති අතර මානසික මට්ටමෙන් ද ඉතා යෝග්‍ය තත්වයකට ගෙන ඒමට මෙම දෙපළ සමත් වී ඇත.

ශ්‍රී ලංකා කරාතේ සම්මේලනයේ සභාපති සෙන්සේ සිසිරකුමාර මහතා අප වෙත අදහස් දක්වමින් පවසා සිටියේ මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉතා උනන්දුවෙන් තම පුහුණුවීම් කටයුතු කරගෙන යන බවත්, කරාතේ ක්‍රීඩාවට නිසි අනුග්‍රහයක් නොතිබුණත් ක්‍රීඩාවට සහ විශේෂයෙන්ම රටට වෙනුවෙන් විශාල මෙහෙයක් ඉටු කරන බවයි.

දකුණු ආසියානු තරගාවලියේ රන් සහ ලෝකඩ පදක්කම් ලාභීන් 11 දෙනෙකු මෙම සංචිතයට ඇතුළත් අතර ඔවුන්ගෙන් තවත් සමහරක් පොදු රාජ්‍යය මණ්ඩලීය තරගාවලියේ දී රන්, රිදී සහ ලෝකඩ පදක්කම් දිනා ගනිමින් ශ්‍රී ලංකාවට අභිමානයක් ගෙන ඒමට සමත් වී ඇත. ඒ අතරින් දිනූෂා පෙරේරා (කාන්තා කණ්ඩායම් නායිකාව) ආසියාවේ කරාතේ ක්‍රීඩිකාවන්ගේ ශ්‍රේණිගත කිරීම්වල 5 වැනි ස්ථානය දිනා ගෙන ඇත.

ජූලි 9 වන දා පිටත්ව යන ශ්‍රී ලංකා සංචිතයට ThePapare.com අපෙන් සුබ පැතුම්!

 >>තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට<<