පීටර්සන්ගේ ප්‍රහාරයෙන් Asia Lions පරාජයට

ප්‍රවීණයින්ගේ ලීග් ක්‍රිකට් තරගාවලිය 2022

510

ඕමානයේ පැවැත්වෙන ප්‍රවීණයින්ගේ ලීග් ක්‍රිකට් (Legends League Cricket) තරගාවලියේ 5 වැනි තරගයෙන් Asia Lions කණ්ඩායම කඩුලු 7කින් පරාජය කරන්නට World Giants කණ්ඩායම සමත් වුනා.

World Giants ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි Asia Lions පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 7ක් දැවී ලකුණු 149ක් ලබා ගන්නට සමත් වුනා.

මේ තරගය සඳහා ක්‍රීඩා කළ Asia Lions කණ්ඩායමට ශ්‍රී ලාංකික හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් වුනු තිලකරත්න ඩිල්ශාන්, සනත් ජයසූරිය, රොමේෂ් කළුවිතාරණ, උපුල් තරංග, චමින්ද වාස්, නුවන් කුලසේකර, දිල්හාර ප්‍රනාන්දු, මුත්තයියා මුරලිදරන් යන ක්‍රීඩකයින් 8 දෙනෙක් ක්‍රීඩා කිරීම සුවිශේෂී වුනා.

Asia Lions ආරම්භක පිතිකරුවන් වූ සනත් සහ ඩිල්ශාන් යන දෙදෙනාම පළමු පන්දුවාර 4 තුල දවා ගැනීමට World Giants සමත් වුනු අතර ඒ වන විට Asia Lions ලකුණු 23ක් ලබාගෙන සිටියා.

තරගාවලිය පුරාවට හොඳින් ලකුණු අතරට සිටි උපුල් තරංග සහ Asghar Afghan තෙවැනි කඩුල්ල සඳහා ලකුණු 43ක සබඳතාවයක් ගොඩනැංවූවා. නමුත් ලකුණු 22ක් ලබාගෙන සිටි තරංගගේ දැවී යාමත් සමඟම එම සබඳතාවය බිඳ වැටුණු නමුත් Asghar Afghan පන්දු 26ක දී ලකුණු 41ක් ලබාගෙන දස්කම් අතරට පැමිණියා. රොමේෂ් කළුවිතාරණ ලකුණු 26යි.

හිටපු දකුණු අප්‍රිකානු වේගපන්දු යවන ක්‍රීඩක Morne Morkel සහ එංගලන්ත හිටපු වේගපන්දු යවන ක්‍රීඩක Ryan Sidebottom කඩුලු දෙක බැගින් දවා ගන්නට සමත් වුනා.

ලකුණු 148ක ඉලක්කයක් හඹා ගිය World Giants පන්දුවාර 13ක් අවසානයේ ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 3ක් දැවී සිටිය දීයි.

අගනා ඉනිමක් ක්‍රීඩා කළ එංගලන්ත හිටපු ක්‍රිකට් ක්‍රීඩක Kevin Pietersen පන්දු 38කින් වේගවත් ලකුණු 86ක් රැස් කළා. ඔහුගේ එම වේගවත් ඉනිමට හයේ පහර 7ක් හා මනරම් හතරේ පහර 9ක් ඇතුළත් වුනා. කෙවින් ඕබ්‍රයන් නොදැවී ලකුණු 31යි.

පන්දු යැවීමේ දී මුත්තයියා මුරලිදරන් කඩුලු 2ක් හා නුවන් කුලසේකර එක් කඩුල්ලක් බිද හෙළන්නට සමත් වුනා.

මේ වන විට තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ දිනා ගැනීමට World Giants සමත්ව සිටින්නේ ඔවුන් ක්‍රීඩා කළ තරග තුනෙන් දෙකක් ජය ගනිමින් (ප්‍රසාද ලකුණු 4). Asian Lions දෙවැනි ස්ථානයේ පසුවනවා. ඒ, ක්‍රීඩා කළ තරග 4න් තරග 2ක් ජය ගනිමින් (ප්‍රසාද ලකුණු 4). India Maharajas මෙතෙක් ක්‍රීඩා කළ තරග තුනෙන් එක් තරගයක් පමණක් ජය ගෙන ප්‍රසාද ලකුණු 2ක් සමඟින් අවසන් ස්ථානයේ රැඳී සිටිනවා.

  • Asia Lions – 147/7 (20): A Afghan 41, රොමේෂ් කළුවිතාරණ 26, උපුල් තරංග 22, M Morkel 2/24, R Sidebottom
  • World Giants – 152/3 (13): K Pietersen 86, K O’Brien 31*, මුත්තයියා මුරලිදරන් 2/22

World Giants කණ්ඩායමට කඩුලු 7ක ජයක්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<