පළමු සතියේ B කාණ්ඩයේ 50 ඉක්මවූ තරග 3ක්

890

2019 සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ B කාණ්ඩය තරග ද A කාණ්ඩයේ තරග මෙන්ම ඉකුත් සතියේ දී ආරම්භ විය.

පසුගිය සතියේ තරග අතරින් තරගාවලියේ සමාරම්භය සනිටුහන් කරමින් පැවති D. S. සේනානායක හා ගාල්ල රිච්මන්ඩ් විදුහල් තරගය CR&FC ක්‍රීඩාංගණයේ දී පැවැත්වූ අතර එයින් ලකුණු 53-03ක විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගැනීමට DS ක්‍රීඩකයින්ට හැකි විය. තරගාවලිය තුල සිටින ශක්තිමත්ම හා අත්දැකීම් බහුලතම කණ්ඩායම ලෙස සැලකෙන D. S. කණ්ඩායම හමුවේ රිච්මන්ඩ් විදුහලට රැස්කර ගැනීමට හැකි වූයේ එක් දඬුවම් පහරක ලකුණු පමණි.

රිච්මන්ඩ්වරුන්ට කොළඹින් හොඳ ආගන්තුක සත්කාරයක්

2019 සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ B කාණ්ඩයේ සමාරම්භය සනිටුහන් …..

ශ්‍රී සුමංගල හා ආනන්ද විදුහල් අතර පැවති තරගයක් පල්ලකැලේ ක්‍රීඩාංගණයේ දී නිමාව දුටුවේ 38-18ක් ලෙස සුමංගල ක්‍රීඩකයින් ජයග්‍රහණය කරමිනි. තරගය ආරම්භයේ දී ඉතාමත් ජවසම්පන්න ලෙස ක්‍රීඩා කළ ආනන්ද ක්‍රීඩකයින් මර්දනය කරමින් තරගය ජයග්‍රහණය කරන්නට සමත් විය.

එසේම තර්ස්ටන් විදුහල හා C.W.W. කන්නංගර විදුහල අතර පැවති තරගයෙන්, පසුගිය වසරේ ලද ලකුණු දෙකක පරාජයේ වාඩුව ගැනීමට සමත්වූ “කන්නා” ක්‍රීඩකයින් තම නොපසුබස්නා උත්සාහය මනාවට විදහා පාමින් තර්ස්ටන් ක්‍රීඩකයින් එක් ලකුණකින් (13-12) පරාජය කිරීමට සමත් විය.

සුමංගල ක්‍රීඩකයින් සාර්ථක ආරම්භයක් ලබා ගනී

2019 සිංගර් අන්තර් පාසල් රග්බි තරගාවලියේ B කාණ්ඩයේ තරග පසුගිය දා ආරම්භ වූ අතර…..

ලුම්බිණි විදුහල හා සාන්ත බෙනඩික්ට් විදුහල අතර පැවතී තරගයෙන් ලකුණු 58-05ක් ලෙස පහසු ජයක් අත්කර ගැනීමට ලුම්බිණි ක්‍රීඩකයෝ සමත් වූහ. තරගය ආරම්භයේ දී පටන්ම ආක්‍රමණශීලී ලෙස තරගය හැසිර වූ ලුම්බිණි කණ්ඩායමට තරගය ජය ගැනීම අපහසු නොවීය.

ඊට පසුදින පැවති තරග අතරින් විද්‍යාර්ථ විදුහල් කණ්ඩායම හා මහානාම විදුහල් කණ්ඩායම නිත්තවෙල ක්‍රීඩාංගණයේ දී තරග වැදුණ අතර ලකුණු 75-20ක් ලෙස මහානාම විදුහල පරාජය කරමින් පහසු ජයක් අත්කර ගැනීමට විද්‍යාර්ථ විදුහලට හැකි විය. තරගයේ ආරම්භය මඳක් මන්දගාමී වුවත් පසුව තරගයට අවතීර්ණ වූ විද්‍යාර්ථ විදුහල් කණ්ඩායමට තරගය ආක්‍රමණය කිරීම අපහසු වූයේ නැත.

විද්‍යාර්ථයෙන් දරුණු ප්‍රහාරයක්

2019 සිංගර් අන්තර් පාසල් රග්බි ලීග් තරගාවලියේ…

එදිනම ධර්මරාජ විදුහල හා සාන්ත සිල්වෙස්තර විදුහල අතර පැවති තරගයෙන් ලකුණු 38-21 ලෙස ජයග්‍රහණය වාර්තා කළේ ධර්මරාජයින් විසිනි. පාසල් දෙකම හොඳින් තරගයට අවතීර්ණ වුවද සිල්වෙස්තරයන්ගේ වැරදිවලින් මනාව ප්‍රයෝජන ගත් ධර්මරාජවරුන්ට තරගය ජය ගැනීමට පහසු විය.

2019 අන්තර් පාසල් සිංගර් ලීග් රග්බි තරගාවලියේ තවත් විස්තර ThePapare.com අප ඔබ වෙත ගෙන එන්නට සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟ.

>> රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<