ශ්‍රී ලංකාව ආසියානු කුසලානයේ අවසන් පූර්ව වටයට

19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය 2021

5062
SLvBAN U19
Image Credits - ACC

9 වැනි වරට පැවැත්වෙන ආසියානු කුසලාන වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා – බංග්ලාදේශ අතර තරගය අද (28) Sharjah හිදී අවසන් වුනේ ප්‍රතිඵලයක් රහිතවයි.

කෙසේ නමුත් ශ්‍රී ලංකාව තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට සමත් වූ අතර එම තීරණාත්මක තරගය මේ මස 30 වැනිදා පාකිස්තානය සමඟ පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා වේලාවෙන් අද උදෑසන 11ට ආරම්භ වූ ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගයේ බංග්ලාදේශ ඉනිමේ පන්දුවාර 32කුත් පන්දු 4ක් ක්‍රියාත්මක කර තිබිය දී තරගයේ රාජකාරි සිදු කරමින් සිටි පිටියේ විනිසුරුවරයෙක් සහ තෙවැනි විනිසුරුවරයෙක් හට කොරෝනා වයිරසය ආසාදනය වී තිබෙන බව තහවුරු වීමත් සමඟම තරගය අතරමැද නවතා දැමීමට සංවිධායකයින් කටයුතු කර තිබෙනවා.

නොකඩවා තෙවැනි වරටත් තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා 19න් පහළ නායක දුනිත් වෙල්ලාලගේ පළමුව පන්දු යැවීම සඳහා තීරණය කළා. මේ අනපේක්ෂිත සිදුවීම නිසා තරගය නවතා දමන විට පන්දුවාර 37කුත් පන්දු 4ක් සඳහා මුහුණ දී සිටි බංග්ලාදේශය කඩුලු 4ක් දැවී ලකුණු 130ක් ලබාගෙන සිටියා.

2021 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරග කාලසටහන මෙසේයි,

  • පළමු අවසන් පූර්ව තරගය – පාකිස්තානය සහ ශ්‍රී ලංකාව – ඩුබායි හිදී
  • දෙවන අවසන් පූර්ව තරගය – ඉන්දියාව සහ බංග්ලාදේශය – සාජා හිදී

තරගාවලියේ සියලු තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟන්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<