රොහාන්ගෙන් කඩුලු ත්‍රිත්වයක්

356

අයහපත් කාලගුණය හේතුවෙන් සංචාරක බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අතර කටුනායක දී පැවති තෙවැනි යොවුන් එක්දින තරගය ඊයේ (06) විසඳුමකින් තොරව අවසන් විය.

කිත්රුවන් Emerging පිටියේ ශතකයක් ලබා ගනී

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major Emerging….

වර්ෂාව හරස්වීම මත තරග ආරම්භය ප.ව. 2.45 දක්වා ප්‍රමාද කෙරුණු තරගයේ එක් ඉනිමක් පන්දුවාර 22කට පමණක් සීමා විය. ඒ අනුව බංග්ලාදේශය ලබා දුන් ලකුණු 156ක ඉලක්කයක් හඹා යමින් සිටි ශ්‍රී ලංකා යොවුන් පිතිකරුවෝ මද ආලෝක තත්ත්වය මත තරගය නතර කර දමන විට පන්දුවාර 8කුත් පන්දු 5ක දී කඩුලු 5ක් දැවී ලකුණු 34ක් ලබා අසීරු තත්ත්වයකට පත්ව සිටියහ.

එම හඹා යෑමේ දී මෙතෙක් පැවති තරගවල දී අර්ධ ශතක 2ක් වාර්තා කරමින් සාර්ථකම පිතිකරුවා බවට පත්ව සිටින නවෝද් පරණවිතාන සහ රවිඳු රෂාන්තව දවා ගැනීමට දෙවැනි පන්දු වාරය යැවූ බංග්ලාදේශ නායක ටවුහිඩ් රිඩෝයි සමත් වීම සත්කාරකයන්ට දැඩි පීඩනයක් ගෙන දෙන්නක් විය. ඉන් නොනැවතුණු බංග්ලාදේශ යොවුන් නායකයා ශ්‍රී ලංකා ලකුණු පුවරුව 15ක් ලෙස සටහන්ව තිබිය දී අනෙක් බලාපොරොත්තු තැබිය හැකි පිතිකරුවා වූ නායක නිපුන් ධනංජයව ද දවා ගත්තේය.

අනතුරුව කමිල් මිශාරව සහ සිව්දින තරගාවලියේ දී දක්ෂතා දැක්වූ සොනාල් දිනූෂගේ කඩුලු දවා ගත් ශමීම් පට්වාරි ජයග්‍රහණය පිළිබඳ ශ්‍රී ලංකා යොවුන් පිල තැබූ බලාපොරොත්තු ඈතට රැගෙන ගියේය.

කෝඩුකාර බෙන් ෆෝකස් ශ්‍රී ලංකාවට තරවටු කරයි

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අද (05) ආරම්භ වූ ශ්‍රී ලංකා – එංගලන්ත…

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ කිසිම පිතිකරුවෙකු ලකුණු 10 සීමාව නොඉක්මවීම ද විශේෂත්වයක් විය. පරණවිතාන 05, කමිල් මිශාර 02, රවිඳු රශාන්ත 00, නිපුන් ධනංජය 07, සොනාල් දිනූෂ 09 වශයෙන් දැවී ගිය පිතිකරුවන් බවට පත්වද්දී අවිශ්ක තරිඳු 05ක් සහ චමිඳු විජේසිංහ 05ක් වශයෙන් තරගය අතහැර දමන විට කඩුල්ලේ රැඳී සිටිය හ.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා යොවුන් නායක නිපුන් ධනංජය පළමුව පන්දුවට පහර දීම සඳහා බංග්ලාදේශ යොවුන් පිලට ආරාධනා කර සිටි අතර ඔවුහු නියමිත පන්දුවාර 22 අවසානයේ දී කඩුලු 6ක් දැවී ලකුණු 155ක් රැස් කිරීමට සමත් විය. බංග්ලාදේශ යොවුන් පිල වෙනුවෙන් නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ ටවුහිඩ් රිඩෝයි පන්දු 38ක දී හයේ පහර 2ක් සහ හතරේ පහර 3ක් සමඟ නොදැවී ලකුණු 59ක් රැස් කරමින් පිතිකරුවන් අතර කැපී පෙනුණි.

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

ආරම්භක කඩුල්ල වෙනුවෙන් සාර්ථක වූ ටැන්සිඩ් හසන් සහ ප්‍රීතම් කුමාර් පන්දු 35ක දී ලකුණු 52ක් රැස් කරමින් වේගවත් ආරම්භයක් එක් කළහ. මෙහි දී ටැන්සිඩ්ගේ දායකත්වය පන්දු 24ක දී ලකුණු 25ක් ද, කුමාර්ගේ දායකත්වය පන්දු 26ක දී ලකුණු 24ක් ද විය.

සිව්දින තරගාවලියේ පැවති තරග 2 දී කඩුලු 15ක් බිඳ හෙළමින් කැපී පෙනුණු රොහාන් සංජය පළමු කඩුල්ලේ සම්බන්ධතාව බිඳ දැමීය. අනතුරුව ටැන්සිඩ් හසන්ව ද දවා ගත් සංජය රිතුන් ජෝයි චෞද්‍රිගේ කඩුල්ල ද දවා ගනිමින් ලකුණු 29කට කඩුලු 3ක් දවා ගත්තේය. ඔහුට අනගි සහායක් ලබා දුන් රවීන් ද සිල්වා ලකුණු 14කට කඩුලු 2ක් බිඳ හෙළුවේය.

නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ ටවුහිඩ් රිඩෝය් පන්දු 38ක දී වේගවත් ලකුණු 59ක් රැස් කළේය. හයේ පහර 2ක් සහ හතරේ පහර 3කින් තම ඉනිම අලංකාර කර ගත් රිඩෝයි 7 වැනි කඩුල්ල වෙනුවෙන් රකිබුල් හසන් සමඟ පන්දු 22ක දී ලකුණු 44ක වේගවත් සම්බන්ධතාවක් එක් කළහ. ඒ සඳහා රකිබුල්ගේ දායකත්වය ලකුණු 11ක් වූ අතර ඉතිරි ලකුණු 33ම ටවුහිඩ් විසින් වාර්තා කළ ඒවා විය.  ලකුණු 111කට කඩුලු 6ක් දැවී බංග්ලාදේශ යොවුන් පිල අසරණව සිටිය දී එම සම්බන්ධතාව වාර්තා වීම එහි වැදගත්කම තවත් වැඩි කරවන්නක් විය.

බංග්ලාදේශය පන්දුවාර 22කදී ලකුණු 155 – ටවුහිඩ් රිඩෝයි (නොදැවී) 59, ටැන්සිඩ් හසන් 25, ප්‍රීතම් කුමාර් 24, රිතුන්ජෝයි චෞද්‍රි 11, රකිබුල් හසන් (නොදැවී) 11, රොහාන් සංජය 29/3, රවීන් ද සිල්වා 14/2, නිපුන් ධනංජය 13/1

ශ්‍රී ලංකාව පන්දුවාර 8.5ක දී කඩුලු 5කට ලකුණු 34 – සොනාල් දිනූෂ 09, අවිශ්ක තරිඳු (නොදැවී) 05, චමිඳු විජේසිංහ (නොදැවී) 05, නිපුන් ධනංජය 07, නවෝද් පරණවිතාන 05, කමිල් මිශාරා 02, ටවුහිඩ් රිඩෝයි 08/3, ශමීම් පට්වරි 19/2

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<

Pls link score card here