මහනුවර සහ කොළඹ උතුර ජයග්‍රාහකයින් අතරට

වයස අවුරුදු 17න් පහළ යොවුන් ලීග් ක්‍රිකට් තරගාවලිය 2022

253

2024 වසරේ පැවැත්වීමට නියමිත වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ශක්තිමත් කණ්ඩායමක් බිහි කර ගැනීමේ අභිලාෂයෙන් යුතුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 17න් පහළ යොවුන් ලීග් ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ඊයේ (22) පැවති තරගවල දී ජයග්‍රහණ වාර්තා කිරීමට කොළඹ උතුර සහ මහනුවර කණ්ඩායම් සමත් වුනා.

ගාල්ල කණ්ඩායමට එරෙහිව රංගිරි දඹුලු අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ පැවති තරගයේ දී කඩුලු 3ක ජයක් වාර්තා කිරීමට කොළඹ උතුර කණ්ඩායම සමත් වන විට, කොළඹ දකුණට එරෙහි තරගයේ දී ලකුණු 102ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට මහනුවර කණ්ඩායම ද සමත් වුනා.

>> 2022 ThePapare Most Popular Schoolboy Cricketer මනාප පළ කිරීම සඳහා <<

රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවති තරගයේ දී පළමුව පන්දුවට පහර දුන් ගාල්ල කණ්ඩායම පන්දුවාර 48.5ක දී සියලු දෙනා ලකුණු 194කට සීමා වූ අතර එය හඹා යෑමේ දී කඩුලු 7ක් දැවී තිබිය දී ඉලක්කය සපුරා ගැනීමට කොළඹ උතුර කණ්ඩායමට හැකි වුනා.

මෙම තරගයේ දී ගාලු කණ්ඩායම වෙනුවෙන් දිනුර කළුපහන ලකුණු 56ක් සහ සෙනිත හැළඹගේ ලකුණු 49ක් ලබා ගත් අතර කොළඹ උතුර කණ්ඩායම වෙනුවෙන් කූජන පෙරේරා ලකුණු 51ක් ලබාගෙන පිතිකරණයෙන් දස්කම් දැක්වූවා.

මේ අතර කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේ දී පැවති තරගයේ දී පළමුව පන්දුවට පහර දුන් මහනුවර කණ්ඩායම පන්දුවාර 50ක දී කඩුලු 8කට රැස් කරන ලද ලකුණු 293ක ලකුණු සංඛ්‍යාව හඹා යෑමේ දී කොළඹ දකුණ කණ්ඩායමට පන්දුවාර 37.1ක දී සියලු දෙනා දැවී රැස්කර ගත්තේ ලකුණු 168ක් පමණයි.

මහනුවර කණ්ඩායම වෙනුවෙන් පුලිඳු පෙරේරා, ලක්වින් අබේසිංහ, ජයවි ලියනගම අර්ධ ශතක වාර්තා කරමින් පිතිකරණයෙන් කැපී පෙනෙද්දී, කොළඹ දකුණ කණ්ඩායම වෙනුවෙන් උනෙත් පීරිස් ලකුණු 64 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී ශෙෂාන් යෂෝන් ලකුණු 17 කට කඩුලු 4ක් බිඳ හෙළමින් පන්දුවෙන් දස්කම් දැක්වූවා.

කොළඹ උතුර සහ ගාල්ල

  • ගාල්ල – 194 (48.5): දිනුර කළුපහන 56, රෙෂින් දිල්හාර 22, සෙනිත හැළඹගේ 49, සදෙව් ගමගේ 24, කූජන පෙරේරා 4/39, තනූග පලිහවඩන 2/29
  • කොළඹ උතුර – 195/7 (48.4): කූජන පෙරේරා 51, සමිඳු මදුරංග 37, හිරාන් ජයසුන්දර 28, ඉයස් තේනුවර 30, සෙනිත හැළඹගේ 3/39, සඳූ ඩිල්ෂාන් 2/29

කොළඹ උතුරු කණ්ඩායමට කඩුලු 3ක ජයක්

කොළඹ දකුණ සහ මහනුවර

  • මහනුවර – 293/8 (50): පුලිඳු පෙරේරා 54, නිපුන් වඩුගේ 26, වතිල උදාර 26, ලක්වින් අබේසිංහ 54, ජයවි ලියනගම 52, තිසර ඒකනායක 22, මනුල කුලරත්න 21, ඉසුරු පන්නල 15, කවිඳු ඩයස් 3/38, රන්දීෂ බණ්ඩාර 2/60, විශ්ව ළහිරු 2/66
  • කොළඹ දකුණ – 168 (37.1): උනෙත් පීරිස් 64, රුසිත ජයවර්ධන 31, සිනෙත් ජයවර්ධන 20, රසඳු ගමගේ 14, ෂෙෂාන් යෂෝන් 4/17, W. අකිල 2/51, මනුල කුලරත්න 2/37.

මහනුවර කණ්ඩායමට ලකුණු 102ක ජයක්

තරගාවලියේ සියලුම තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<