17න් පහළ ක්‍රිකට් සටනේ සුපිරි අටේ තරග කාලසටහන නිකුත් වේ

573

පාසල් ක්‍රිකට් සම්මේලනය හා සිංගර් ආයතනය එක්ව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 17න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ තරග කාලසටහන අද (26) නිකුත් විය.St. Sebastian’s College wattala

17න් පහළ ක්‍රිකට් සටනේ එක් අසුනක් මහනුවරට

වයස අවුරුදු 17න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 දෙනාගේ තරග වටයේ අවසන් ස්ථානය

මාස 4ක් පුරාවට පැවති ඒ පාසල් ක්‍රිකට් තරගාවලියේ මූලික වටය තරග වට දෙකකින් සමන්විත වූ අතර දිවයින පුරා විසිරුණු පාසල් කිහිපයක් මූලික වටයේ දී දැක්වූ දස්කම් මත සුපිරි 16 දෙනාගේ වටය සඳහා තේරී පත්විය. එතැන් සිට මේ තරගාවලිය ක්‍රියාත්මක වූයේ පිළිමළුන් පිටුදැකීමේ තරග වටයක් ලෙසයි.

ගියවර ශූරතාවය දිනා ගත් මාතර සාන්ත සර්වේසස් විද්‍යාලය මෙවර තරගාවලියේ පළමු වටය තුලින්ම ඉවතට යාම නිසා මෙවර තරගාවලිය අවසානයේ දී නව ශූරයින් පිරිසක් බිහිවෙනු ඇත.

කන්ද උඩරටට අභියෝග කළ තෝමසුවන් තවත් පිම්මක් ඉදිරියට

වයස අවුරුදු 17න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු කාණ්ඩය යටතේ පැවැත්වෙන සුපිරි 16

සුපිරි 16 දෙනාගේ තරග වටය ජයග්‍රහණය කරන කණ්ඩායම් අට තරගාවලියේ අවසන් පූර්ව වටය නොහොත් සුපිරි අට දෙනාගේ වටය සඳහා සුදුසුකම් ලබා ගන්නා අතර තරගාවලියේ සිටි ප්‍රබල කණ්ඩායම් කිහිපයක් වන සාන්ත පීතර විද්‍යාලය, ධර්මරාජ විද්‍යාලය, වේල්ස් කුමර විද්‍යාලය, තර්ස්ටන් විද්‍යාලය, ඉසිපතන විද්‍යාලය හා ආනන්ද විද්‍යාලය තරගාවලියේ පිළිමළුන් පිටුදැකීමේ පළමු තරග වටය තුල ඉවතට යාම කැපී පෙනුණි.

පිළිමළුන් පිටුදැකීමේ පළමු තරග වටය තුල දී ඉතාමත් තියුණු තරග කිහිපයක්ම ක්‍රියාත්මක වූ අතර සාන්ත ජෝසප්, වත්තල සාන්ත අන්තෝනි, කටුගස්තොට සාන්ත අන්තෝනි හා සාන්ත සෙබස්තියන් යන විද්‍යාල එම තියුණු තරග ජයග්‍රහණය කරමින් සුපිරි 8 වටයේ සිය අසුන වෙන්කරවා ගත්තේය. ඔවුන් හමුවේ පිළිවෙළින් ඉසිපතන, සාන්ත පීතර, කොළඹ ආනන්ද හා තර්ස්ටන් යන විද්‍යාලයන් පරාජයට පත්විය.

සුපිරි අට වටයේ තරග කාලසටහන

  • අගෝස්තු 29 – නාලන්ද විද්‍යාලය හා සාන්ත තෝමස් විද්‍යාලය – සාන්ත ජෝසප් විද්‍යාලයීය පිටිය
  • අගෝස්තු 29 – වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය හා මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය – රාජකීය විද්‍යාල පිටිය
  • අගෝස්තු 29 – මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය හා කොළඹ රාජකීය විද්‍යාලය – ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාල පිටිය
  • අගෝස්තු 29 – කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලය හා ගාල්ල මහින්ද විද්‍යාලය – සාන්ත පීතර විද්‍යාලයීය පිටිය

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<