දුෂ්මන්ත චමීරට නවසීලන්ත සංචාරය අහිමි වන ලකුණු

ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන්ත සංචාරය 2023

290
ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන්ත සංචාරය 2023

සැත්කමකින් පසු සුවය ලබමින් සිටින වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර හට නවසීලන්තය සමඟ පැවැත්වීමට නියමිත සීමිත පන්දුවාර තරගාවලිය අහිමි වීමට ඉඩක් ඇති බව වාර්තා වෙනවා.

පසුගිය වසරේ ඕස්ට්‍රේලියාවේ දී සැත්කමකට මුහුණදීමෙන් පසුව ඔහුව ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියට කැඳවා තිබුණා.

සංචිතයට සඳහා කැඳවීමට තීරණය කළත් එයට පෙර ඔහුට වෛද්‍ය අවසරය හිමි විය යුතු අතර ආබාධ තත්වය මත ඔහුට නවසීලන්තය සමඟ පැවැත්වීමට නියමිත සීමිත පන්දුවාර තරගාවලියට සහභාගී වීමේ අවස්ථාව අහිමි වන බව ආරංචි මාර්ග සඳහන් කර සිටියා.

යම්හෙයකින් චමීර හට මෙම තරගාවලිය අහිමි වුවහොත් එම ස්ථානය සඳහා යොවුන් ක්‍රීඩක මතීෂ පතිරණ ආදේශ කරන බව ද සඳහන් වෙනවා.

කෙසේ නමුත් සිය සමාජ මාධ්‍ය ගිණුමට ඔහු පුහුණුවීම් සිදු කරන වීඩියෝවක් එක් කරමින් සඳහන් කර තිබුණේ,

“මම ආබාධයෙන් බොහෝ දුරට සම්පූර්ණ සුවය ලබලා තියෙන්නේ. ඒ වගේම මම නැවතත් කිසිම ආබාධයකට ලක් වෙලා නැහැ. මම මගේ පුහුණුවීම් ආරම්භ කළා වගේම ලබන සතියේ නුවර කණ්ඩායම සමඟ ජාතික සුපර් ලීග් එක්දින තරගාවලිය ක්‍රීඩා කරන්න නියමිතයි,” යනුවෙනුයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<