ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගවල දී 2014 වසරේ සිට මේ දක්වා ජයග්‍රහණයක් වාර්තා කර ගැනීමට නොහැකිව සිටින ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ අද (29) රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති පළමු තරගයෙන් ද කඩුලු 5ක පරාජයක් ලබමින් තව දුරටත් පරාජයන් ම ලුහුබඳින්නන් බවට පත් වුනා.
වසර හතරකට පසු එක්දින ජයක් සොයා ශ්‍රී ලංකාව දඹුල්ලට
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු එක්දින තරගය හෙට (28) රංගිරි…
ඒ අනුව තරග 5කින් සමන්විත එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය 1-0ක් ලෙසින් ජයග්‍රහණයකින් ආරම්භ කිරීමට දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෝ සමත් වුනා.
කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පිතිකරුවන් කෙරෙහි වැඩි විශ්වාසයකින් යුතුව පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ ද දැක්වූ අදක්ෂතාවන් නිසා සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 193ක් පමණයි. එම ඉලක්කය කඩුලු 5ක් පමණක් දැවී පසු කිරීමට සංචාරක දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෝ සමත් වුණේ තවත් පන්දුවාර 19ක් ම ඉතිරිව තිබියදීයි.
අඩු ලකුණු ප්‍රමාණයකට සීමා වූ ශ්‍රී ලංකා ඉනිමේ පෙරළිකාර පිතිකරුවා වූයේ කුසල් ජනිත් පෙරේරා යි. ඔහු පන්දු 72කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 81ක් ලබා ගත්තා. කුසල් තමන් මුහුණ දුන් 43 වැනි පන්දුවේ දී තමන්ගේ 10 වැනි ජාත්‍යන්තර එක්දින අර්ධ ශතකය වාර්තා කිරීමට සමත් වුනා.
කුසල්ට අමතරව බංග්ලාදේශ ඒ ක්‍රිකට් කණ්ඩායම සමඟ වූ එක්දින තරගාවලියේ දී පිතිකරුවෙක් ලෙසින් දක්ෂතා අතර සිටි තිසර පෙරේරා මෙම තරගයේ දී ද ලකුණු අතරට පිවිසෙමින් පන්දු 30ක දී හතරේ පහර 8ක් සමඟින් ලකුණු 49ක් ලබා ගත්තා.
කණ්ඩායමේ අනෙකුත් ක්‍රීඩකයන් අතුරින් ඉලක්කම් දෙකේ ලකුණු ප්‍රමාණයක් රැස් කිරීමට සමත් වූයේ උපුල් තරංග (10) සහ අකිල ධනංජය (11) පමණයි.
සංගක්කාරගේ හිඩැස වසන්නට කරුණාරත්නට හැකි වේද?
සංගක්කාර සිය ක්‍රීඩා දිවිය නිමා කළේ ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකුගේ විශිෂ්ටතම ඉනිමක සාමාන්‍ය ලෙස 57.40ක සාමාන්‍යයක් රඳවා ගනිමින් වූ අතර සිය ක්‍රීඩා දිවිය පුරා ලොව හොඳම…
ශ්‍රී ලංකා ඉනිමේ පළමු පන්දුවාර 10 වෙද්දී ඉදිරිපෙළ පිතිකරුවෝ 5 දෙනෙක්ම තම ක්‍රීඩාගාර තුළ සිට තරග නරඹන්නන් බවට පත් කිරීමට දකුණු අප්‍රිකානු පන්දු යවන්නෝ සමත් වුනා. ඒ අනුව නිරෝෂන් දික්වැල්ල (02), උපුල් තරංග (10), කුසල් මෙන්ඩිස් (03), ඇන්ජලෝ මැතිව්ස් (05) සහ ෂෙහාන් ජයසූරිය (00) තම කඩුලු හැර ගියේ ශ්‍රී ලංකාව කඩුලු 5කට ලකුණු 36ක් සේ අසරණ තත්ත්වයට පත් කරමින්.
එම අවස්ථාවේ ඉනිම ගොඩනැගීමට දායක වූයේ කුසල් ජනිත් පෙරේරා සහ තිසර පෙරේරා යි. පෙරේරලා දෙදෙනා 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 92ක සබඳතාවක් ගොඩ නැංවීමට සමත් වුනා. ඔවුන්ගේ කඩුලු සබඳතාව අවසන් වූයේ තිසර පෙරේරාගේ දැවී යෑමත් සමඟින්.
අනතුරුව තරගය සම්පූර්ණයෙන්ම සියතට ගත් කුසල් 7 වැනි කඩුල්ල වෙනුවෙන් අකිල දනංජය (11) සමඟින් එක්ව තවත් ලකුණු 38ක සබඳතාවක් එක් කළා. කුසල්ගේ ඉනිම 8 වැනි කඩුල්ලෙන් නිමා වූ අතර සුරංග ලක්මාල් (05), ලක්ෂාන් සඳකැන් (05*) සහ ලහිරු කුමාර (03) ගේ ඉනිම් ද අඩු ලකුණුවලට සීමා වුනා.
පන්දු යැවීමේ දී දකුණතින් වේගපන්දු යවන කගීසෝ රබාඩා ලකුණු 41කට කඩුලු 4ක් ද තබ්‍රයිස් ෂම්සි වමතින් දඟපන්දු යවමින් ලකුණු 33කට කඩුලු 4ක් දවා ගත්තා.
දිවා විවේකයට ප්‍රථම තම ඉනිම ආරම්භ කළ දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෝ තරගය නතර කරන විට කඩුලු 2ක් දැවී ලකුණු 37ක් ලබා සිටියා. ඒ අනුව දිවා විවේකයෙන් පසුව ජයග්‍රහණය වෙනුවෙන් සංචාරකයන්ට තවත් අවශ්‍ය වූයේ ලකුණු 157ක් පමණයි. ඒ වෙනුවෙන් ඔවුන් සතුව තවත් කඩුලු 8ක් ම ඉතිරිව තිබුණා.
දිවා විවේකයට පෙර පිළිතුරු ඉනිමට පිටියට පිවිසි දකුණු අප්‍රිකානු ක්‍රීඩකයන්ගේ කඩුලු 2ක් නැවත හරවා යැවීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වීම කැපී පෙණුනා. ඒ වෙද්දී දකුණු අප්‍රිකානු ඉනිම කියැවුණේ පන්දුවාර 6කට ලකුණු 37ක් ලෙසින්. තරගයේ 5 වැනි පන්දුවාරය යැවූ අකිල දනංජය දැවී ගිය කඩුලු දෙකේ ම හිමිකාරයා වුනා. ඔහුගේ ගොදුරු බවට පත් වූයේ හසීම් අම්ලා සහ ඒඩන් මාක්‍රම්. ආරම්භක පිතිකරු හසීම් අම්ලාගේ ඉනිම ලකුණු 19කට සීමා කරන්නා හැකි වීම ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට වඩාත් වාසි සහගත වුනා. ඔහුගේ දැවී යෑමත් සමඟින් අනෙක් පන්දුවේ දී ඒඩන් මාක්‍රම් (00) දැවී ගියා.
තරගය දිවා විවේකය වෙනුවෙන් නතර කරන විට ආරම්භක පිතිකරු ක්වින්ටන් ඩි කොක් (15) සහ නායක ෆෆ් ඩු ප්ලෙසිස් (01) පිටියේ නොදැවී සිටියා.
දිවා විවේකයෙන් පසුව ද දකුණු අප්‍රිකාව ඉනිම අඩපණ කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නේ අපමණ වෙහෙස වූවද එය සාර්ථක වූයේ නැහැ. ක්වින්ටන් සහ ප්ලෙසිස් සාර්ථක පිතිහරඹයක නිරත වෙමින් ඔවුන් දෙදෙනා තෙවැනි කඩුල්ලට එක් කළ ලකුණු සබඳතාව 86ක්. නැවත වරක් ක්‍රියාත්මක වූ අකිල දනංජය එම ලකුණු සබඳතාව බිඳ දැමීමට කටයුතු කළා. ක්වින්ටන් ඩි කොක් දිවා විවේකයෙන් අනතුරුව පළමු කඩුල්ල ලෙසින් දැවී ගියේ පන්දු 59කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 47ක් ලබා ගනිමින්.
19න් පහළ එක්දින සංචිතය නිකුත් වේ
ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම හා ඉන්දීය වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත යොවුන් එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා තරග…
අනතුරුව යැවුණ තෙවැනි පන්දුවාරයේ දී නායක ෆෆ් ඩූ ප්ලෙසිස්ගේ ඉනිම ද නිමා කිරීමට ලක්ෂාන් සඳකැන් සමත් වුනා. ප්ලෙසිස් පන්දු 56කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සමඟින් ලකුණු 47ක් ලබා ගත්තා.
ශ්‍රී ලංකා පන්දු යවන්නන් තඹේකට මායිම් නොකළ වමත් පිතිකරු ජේ.පී. ඩුමිනි මැද පෙළින් පිටියට පිවිස ශ්‍රී ලංකා ඉනිම විනාශ කිරීමට පෙරමුණ ගත්තා. දැවැන්ත පිති ප්‍රහාරයක් එල්ල කළ ඩුමිනි පන්දු 32ක දී හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 53ක් ලබා ගත්තා. ඔහුත් සමඟ අනෙක් අන්තයේ නොදැවී සිටි විලියම් මුල්ඩර් තරගය නිමා වෙද්දී ලකුණු 14ක් ලබා සිටියා.
දකුණු අප්‍රිකානු ඉනිමේ දැවී ගිය අනෙක් පිතිකරු වූයේ ඩේවිඩ් මිලර්. ඔහු ලබා ගත් ලකුණු සංඛ්‍යාව 10ක්. කඩුලු ලබා ගැනීමේ දී අකිල දනංජය ලකුණු 50කට කඩුලු 3ක් දවා ගත් අතර සුරංග ලක්මාල් සහ ලක්ෂාන් සඳකැන් කඩුල්ල බැගින් බෙදා ගත්තා.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් කණ්ඩායමට ඇතුලත් නොවූ උපුල් තරංග සහ තිසර පෙරේරා අද කණ්ඩායමට කැඳවා තිබුණා අතර සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් සංචිතයට ඇතුලත් නොවූ ක්‍රීඩකයන් සිවු දෙනෙක් ඇතුලත් ව සිටියා. ඒ ජේපී ඩුමිනි, ඩේවිඩ් මිලර්, විලයම් මුල්ඩර් සහ ඇන්ඩිල් පෙහ්ලුක්වායෝ යි.
තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න
දෙරට අතර පැවැත්වෙන දෙවැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය අගෝස්තු මස 01 වැනි දා දිවා/රාත්‍රී තරගයක් ලෙසින් රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිතයි.
ශ්‍රී ලංකාව; සියලුම දෙනා දැවී 193 (34.3) කුසල් ජනිත් පෙරේරා 81, තිසර පෙරේරා 49, කගීසෝ රබාඩා 41/ 4, තබ්‍රයිස් ෂම්සි 33/4
දකුණු අප්‍රිකාව; කඩුලු 5ක් දැවී 196 (31.0) හෂීම් අම්ලා 19, ක්යින්ටන් ඩි කොක් 47, ෆෆ් ඩු ප්ලෙසිස් 47, ජේ. පී. ඩුමිනි නොදැවී 53, අකිල දනංජය 3/50
තරගයේ වීරයා; තබ්‍රයිස් ෂම්සි (දකුණු අප්‍රිකාව )
අදින් ඇරඹි තරග 5කින් සමන්විත එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියේ සියලුම තොරතුරු දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<
// var socket=io('http://localhost:8080'); var socket=io('http://202.124.184.250:8080');
jQuery( document ).ready(function() { console.log( "ready" ); var prev_bat_team = 0;
socket.on('message',function (message) { message = JSON.parse(message); console.log(message); if( message.data.cric.commentary){ jQuery('#cmt_wrap').prepend('
'+message.data.cric.commentary.event+'
'+message.data.cric.commentary.comment+'
'); } if(message.data.cric.match){ console.log(message.data.cric.match.teams_1_inn2_r[0]); function ove(balls) { var overs = 0; if(balls %6 == 0){ overs = balls/6; }else{ overs = parseInt(balls/6)+"."+(+balls - +parseInt(balls/6)*6); } console.log(overs); return overs; }
if(!message.data.cric.match.teams_1_inn2_r[0]){
jQuery('#score_1_'+message.data.cric.match.teams_1_r[0]['id']).html(message.data.cric.match.teams_1_r[0]['score'] + " / " + message.data.cric.match.teams_1_r[0]['wkts']); jQuery('#over_1_'+message.data.cric.match.teams_1_r[0]['id']).html("("+ove(message.data.cric.match.teams_1_r[0]['balls'])+" overs)"); }else { jQuery('#score_1_'+message.data.cric.match.teams_1_r[0]['id']).html(message.data.cric.match.teams_1_r[0]['score'] + " / " + message.data.cric.match.teams_1_r[0]['wkts']+" & "+message.data.cric.match.teams_1_inn2_r[0]['score']+" / "+message.data.cric.match.teams_1_inn2_r[0]['wkts']); jQuery('#over_1_'+message.data.cric.match.teams_1_r[0]['id']).html("("+ove(message.data.cric.match.teams_1_inn2_r[0]['balls'])+" overs)"); } if(!message.data.cric.match.teams_2_inn2_r[0]){
jQuery('#score_2_'+message.data.cric.match.teams_2_r[0]['id']).html(message.data.cric.match.teams_2_r[0]['score'] + " / " + message.data.cric.match.teams_2_r[0]['wkts']); jQuery('#over_2_'+message.data.cric.match.teams_2_r[0]['id']).html("("+ove(message.data.cric.match.teams_2_r[0]['balls'])+" overs)"); }else { jQuery('#score_2_'+message.data.cric.match.teams_2_r[0]['id']).html(message.data.cric.match.teams_2_r[0]['score'] + " / " + message.data.cric.match.teams_2_r[0]['wkts']+" & "+message.data.cric.match.teams_2_inn2_r[0]['score']+" / "+message.data.cric.match.teams_2_inn2_r[0]['wkts']); jQuery('#over_2_'+message.data.cric.match.teams_2_r[0]['id']).html("("+ove(message.data.cric.match.teams_2_inn2_r[0]['balls'])+" overs)"); }
if(message.data.cric.match.teams_1_r[0]['extras']!=null){ jQuery('#extras_1_r_'+message.data.cric.match.teams_1_r[0]['id']).html("("+ove(message.data.cric.match.teams_1_r[0]['extras'])); } if(message.data.cric.match.teams_2_r[0]['extras']!=null){ jQuery('#extras_2_r_'+message.data.cric.match.teams_1_r[0]['id']).html("("+ove(message.data.cric.match.teams_2_r[0]['extras'])); } if(message.data.cric.match.teams_1_inn2_r[0]['extras']!=null){ jQuery('#extras_1_r_2_'+message.data.cric.match.teams_1_inn2_r[0]['id']).html("("+ove(message.data.cric.match.teams_1_inn2_r[0]['extras'])); } if(message.data.cric.match.teams_2_inn2_r[0]['extras']!=null){ jQuery('#extras_1_r_2_'+message.data.cric.match.teams_2_inn2_r[0]['id']).html("("+ove(message.data.cric.match.teams_2_inn2_r[0]['extras'])); }
//extras_1_r_2_ // if(prev_bat_team != message.data.cric.team_id){ jQuery('#widget_wrapper').load(document.URL + ' #widget_wrapper'); // } // prev_bat_team = message.data.cric.team_id // }
}); });
Full Scorecard
Sri Lanka
193/10
(34.3 overs)
Result
South Africa
196/5
(31 overs)
SA won by 5 wickets
Sri Lanka’s Innings
Batting | R | B | ||||
---|---|---|---|---|---|---|
N Dickwella | c Tabraiz Shamsi b Kagiso Rabada | 2 | 3 | |||
U Tharanga | (runout) JP Duminy | 10 | 17 | |||
K Mendis | c Quinton de Kock b Kagiso Rabada | 3 | 6 | |||
K Janith | c David Miller b Tabraiz Shamsi | 81 | 72 | |||
A Mathews | c Hashim Amla b Lungi Ngidi | 5 | 8 | |||
S Jayasuriya | c Quinton de Kock b Kagiso Rabada | 0 | 8 | |||
NLTC Perera | c Quinton de Kock b Tabraiz Shamsi | 49 | 30 | |||
A Dananjaya | b Tabraiz Shamsi | 11 | 30 | |||
S Lakmal | c Quinton de Kock b Kagiso Rabada | 5 | 16 | |||
L Sandakan | not out | 5 | 13 | |||
L Kumara | st Quinton de Kock b Tabraiz Shamsi | 3 | 6 |
Bowling | O | M | R | W | E |
---|---|---|---|---|---|
K Rabada | 8 | 0 | 41 | 4 | 5.13 |
L Ngidi | 8 | 1 | 29 | 1 | 3.63 |
W Mulder | 3 | 0 | 34 | 0 | 11.33 |
A Phehlukwayo | 3 | 0 | 30 | 0 | 10.00 |
T Shamsi | 8.3 | 0 | 33 | 4 | 3.98 |
JP Duminy | 4 | 0 | 22 | 0 | 5.50 |
South Africa’s Innings
Batting | R | B | ||||
---|---|---|---|---|---|---|
H Amla | b Akila Dhananjaya | 19 | 14 | |||
Quinton de Kock | c Suranga Lakmal b Akila Dhananjaya | 47 | 59 | |||
A Markram | lbw by Akila Dhananjaya | 0 | 1 | |||
Faf du Flessis | c Anjelo Mathews b Lakshan Sandakan | 47 | 56 | |||
JP Duminy | not out | 53 | 32 | |||
D Miller | lbw by Suranga Lakmal | 10 | 13 | |||
W Mulder | not out | 14 | 11 |
Bowling | O | M | R | W | E |
---|---|---|---|---|---|
A Dananjaya | 10 | 0 | 50 | 3 | 5.00 |
S Lakmal | 6 | 0 | 37 | 1 | 6.17 |
S Jayasuriya | 4 | 0 | 23 | 0 | 5.75 |
L Kumara | 3 | 0 | 11 | 0 | 3.67 |
L Sandakan | 8 | 0 | 74 | 1 | 9.25 |