ඉසිපතනය අපරාජිත වෙද්දී සාන්ත අන්තෝනියට දැවැන්ත ජයක්

Dialog පාසල් රග්බි ලීගය 2022

718

Dialog පාසල් රග්බි ලීගයේ අද (17) පැවති තරගවලින් ජයග්‍රහණ වාර්තා කරන්නට මහනුවර සාන්ත අන්තෝනි සහ කොළඹ ඉසිපතන ක්‍රීඩකයින් සමත් වුනා.

ඉසිපතන විද්‍යාලය සහ බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය

පළමු කොටසේ A කාණ්ඩයේ තරගයක් ලෙස පැවති මෙම තරගය ලකුණු 24-17ක් ලෙස ජයග්‍රහණය කරමින් සිය අපරාජිකත්වය රැක ගැනීමට ඉසිපතන ක්‍රීඩකයින් සමත් වුනා

හැව්ලොක් ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ පළමුවෙන් ක්‍රියාත්මක වූ සාන්ත පීතර ක්‍රීඩක අසේන් මධුගස්පේ උත්සාහක දිනුමක් වාර්තා කළ අතර වින්ද්‍ය ද මෙල් එහි ප්‍රවර්තන අවස්ථාව සාර්ථක අවසන් කළා.

එයට පිළිතුරු ලෙස ක්‍රියාත්මක වූ ඉසිපතන ක්‍රීඩක වෙනුර සංගීත් සිය කණ්ඩායම වෙනුවෙන් පළමු උත්සාහක දිනුම වාර්තා කළා.

පළමු අර්ධයේ අවසන් මොහොතේ ක්‍රියාත්මක වූ ඉසිපතන ක්‍රීඩක සූර්ය දොඩංගොඩ වාර්තා කළ උත්සාහක දිනුම නිසාවෙන් එම අර්ධය අවසන් වුනේ ලකුණු 12- 07ක් ලෙස ඉසිපතනය පෙරමුණේ තබමිනුයි.

දෙවැනි අර්ධය තුළ නැවතත් ක්‍රියාත්මක වූ මධුගස්පේ තවත් උත්සාහක දිනුමක් වාර්තා කරමින් ලකුණු තත්වය සම කළා.

නමුත් එයින් කෙටි වෙලාවකට පසු ඉසිපතන ක්‍රීඩක Mesaada Rashvida තවත් උත්සාහක දිනුමක් සිය කණ්ඩායම වෙනුවෙන් වාර්තා කළා.

ඉසිපතනය දෙවැනි අර්ධයේ ආධිපත්‍ය පැතිර වීමට සමත් වූවත්, ලද අවස්ථාවකින් ප්‍රයෝජන ගත් සාන්ත පීතර ක්‍රීඩක කුෂාන් තරිඳු උත්සාහක දිනුමක් සාර්ථකව අවසන් කළා.

නමුත් සිය කණ්ඩායම වෙනුවෙන් නැවතත් ක්‍රියාත්මක වූ වෙනුර සංගීත් තවත් උත්සාහක දිනුමක් වාර්තා කරමින් ඉසිපතන කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළා

අවසන් ලකුණු තත්වය: ඉසිපතන විද්‍යාලය 29(5T, 2C) – 17 (3T, 1C) සාන්ත පීතර විද්‍යාලය

NDB තරගයේ වීරයා – වෙනුර සංගීත් (ඉසිපතන විද්‍යාලය)

ලකුණු රැස් කළ ක්‍රීඩකයින්

  • ඉසිපතන – වෙනුර සංගීත් 2T, සූර්ය දොඩංගොඩ 1, මෙසද රශ්විද 1T, තරිඳු වේවැල්පණ්ඩිත 1T
  • සාන්ත පීතර – අශේන් මධුගස්පේ 2T, කුෂාන් තරිඳු 1C, වින්ද්‍ය ද මෙල් 1C

සාන්ත අන්තෝනි විද්‍යාලය සහ කිංග්ස්වුඩ් විද්‍යාලය

පළමු කාණ්ඩයේ A කොටසේ තරගයක් ලෙස පැවති මෙම තරගයෙන් කිංග්ස්වුඩ් ක්‍රීඩකයින් පරදවා ලකුණු 57-07ක දැවැන්ත ජයක් වාර්තා කරන්නට සාන්ත අන්තෝනි ක්‍රීඩකයින්ට හැකි වුනා.

තරගය ආරම්භ වී කෙටි වෙලාවකින් ක්‍රියාත්මක වූ සාන්ත අන්තෝනි ක්‍රීඩක මාරියදාස් තරගයේ පළමු උත්සාහක දිනුම වාර්තා කළා.

සාන්ත අන්තෝනි ක්‍රීඩක ආකාශ ජයවංශ සිය කණ්ඩායම වෙනුවෙන් දෙවැනි උත්සාහක දිනුම වාර්තා කරද්දී, සහන් කිත්සිරි ප්‍රවර්තන අවස්ථාව සාර්ථක කර ගත්තා.

පළමු අර්ධය තුළ නැවතත් ක්‍රියාත්මක වූ මාරියදාස් සිය දෙවැනි උත්සාහක දිනුම වාර්තා කළ අතර විමංසල අතුකෝරල විසින් සාන්ත අන්තෝනි කණ්ඩායමේ පස්වැනි උත්සාහක දිනුම වාර්තා කළා.

විමංසල ලබා ගත් උත්සාහක දිනුමේ ප්‍රවර්තන අවස්ථාව සාර්ථකව අවසන් කිරීමට මලික්ෂ පෙරේරාට හැකි වූ අතර එම අර්ධය තුළ කිංග්ස්වුඩ් ක්‍රීඩකයින්ට කිසිදු ලකුණක් හිමි වුනේ නැහැ.

දෙවැනි අර්ධය තුළ නැවතත් ක්‍රියාත්මක වූ විමංසල සිය දෙවැනි උත්සාහක දිනුම සාර්ථකව අවසන් කළ අතර එහි ප්‍රවර්තන අවස්ථාව සහන් කිත්සිරි සාර්ථක කරගත්තා.

තරගය පුරාවට ඉතා අසරණව සිටි කිංග්ස්වුඩ් කණ්ඩායම වෙනුවෙන් ලංකේෂ් ධර්මසේන උත්සාහක දිනුමක් වාර්තා කරද්දී, ඉමන්ක ඉෂාර ප්‍රවර්තන අවස්ථාව සාර්ථකව අවසන් කළා.

තරගය පුරාවට දක්ෂ ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළ සහන් කිත්සිරි උත්සාහක දිනුම් ද්විත්වයක් වාර්තා කළා.

සාන්ත අන්තොනි කණ්ඩායම වෙනුවෙන් මලික්ෂ පෙරේරා උත්සාහක දිනුමක් වාර්තා කළ අතර මාරියදාස් සිය තෙවැනි උත්සාහක දිනුම ලබා ගනිමින් සිය කණ්ඩායම දැවැන්ත ජයක් කරා රැගෙන ගියා.

අවසන් ලකුණු තත්වය: සාන්ත අන්තෝනි විද්‍යාලය 57(08T, 7C, 1P ) – 07 (1T ,1P) කිංග්ස්වුඩ් විද්‍යාලය

NDB තරගයේ වීරයා: Jude Realano (සාන්ත අන්තෝනි විද්‍යාලය)

ලකුණු රැස් කළ ක්‍රීඩකයින්

  • සාන්ත අන්තෝනි – මාරියදාස් 3T, සහන් කිත්සිරි 2T, විමංසල අතුකෝරා 2T, ආකේෂ ජයවංශ 1T, මලික්ෂ පෙරේරා 1T, සහන් කිත්සිරි 3C, මලික්ෂ පෙරේරා 3C
  • කිංග්ස්වුඩ් – ලංකේෂ් ධර්මසේන 1T, ඉමංක ඉෂාර 1C

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<