සිහින හඹා යන්න. බාධා හමුවේ ඉදිරියටම යන්න – යොහාන් පීරිස්

357

ශ්‍රී ලංකා වාර්තා පොත් අතරට තවත් සුවිශේෂි වාර්තාවක් එක්කරන්නට පසුගිය දා යොහාන් පීරිස් සමත් වුනේ එවරස්ට් කන්ද තරණය කළ දෙවැනි ශ්‍රී ලාංකිකයා වීමේ ගෞරවය හිමි කරගනිමිනි. සිය අභියෝගාත්මක චාරිකාව අවසන් කරමින් ඔහු සිකුරාදා (01) මව් රට බලා පැමිණි අතර එහි දී ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටි දෑ සැබැවින්ම මිනිසුන් දිරිගන්වනසුළුයි.