15න් පහළ අවසන් පූර්ව තරගයට කොළඹ පාසල් 4ක්

452

සිංගර් කුසලාන වයස අවුරුදු 15න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරග ඊයේ (12) දිනයේ දී අවසන් වීමත් සමඟම එහි අවසන් පූර්ව තරග සඳහා තරග වදින පාසල් ක්‍රිකට් කණ්ඩායම් 4 තරග කාලසටහන නිල වශයෙන් ප්‍රකාශයට පත්විය.

තියුණු අවසානයක් සමඟින් ජයග්‍රහණය මහානාම විද්‍යාලයට

ක්‍රිකට් ක්‍රීඩාවෙන් අනාගතයේ ලොව ජය ගැනීමට අපේක්ෂාවෙන් සිටින පාසල් ක්‍රීඩකයින් හට …

පසුගිය මැයි මාසයේ දී ආරම්භ වූ මේ ක්‍රිකට් තරගාවලිය සඳහා දිවයින පුරා විසිරුණු පාසල් ක්‍රිකට් කණ්ඩායම් 74ක් පුරා මාස 4ක් පුරාවට තරග වැදුනි. මේ තරගාවලියේ මූලික වටය තරග වට දෙකකින් සමන්විත වූ අතර පාසල් කිහිපයක් මූලික වටයේ දී දැක්වූ දස්කම් මත සුපිරි 16 දෙනාගේ වටය සඳහා තේරී පත්විය. එතැන් සිට මේ තරගාවලිය ක්‍රියාත්මක වූයේ පිළිමළුන් පිටුදැකීමේ තරග වටයක් ලෙසයි.

මේ තරගාවලියේ ගියවර ශූරතාවය දිනා ගත් කොළඹ මහානාම විද්‍යාලය මෙවරත් සිය දක්ෂතා පෙන්නුම් කරමින් අවසන් 4 දෙනාගේ වටයට තේරී පත්විය. සුපිරි 16 දෙනාගේ තරග වටය ජයග්‍රහණය කළ කණ්ඩායම් අතරින් කණ්ඩායම් අටක් තරගාවලියේ අවසන් පූර්ව වටය නොහොත් සුපිරි අට දෙනාගේ වටය සඳහා සුදුසුකම් ලබාගත් අතර තරගාවලියේ සිටි ප්‍රබල කණ්ඩායම් කිහිපයක් වන තර්ස්ටන්, කුරුණෑගල සාන්තා ආනා, සාන්ත පීතර හා අම්බලන්ගොඩ ධර්මාශෝක යන පාසල් කණ්ඩායම් සුපිරි 8 තරග වටයෙන් ඉවතට යාම කැපී පෙනුණි.

සාන්ත මරියා ක්‍රීඩකයෝ නූලෙන් බේරෙයි

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු …

රාජකීය, වේල්ස් කුමර, මහානාම හා මොරටුව සාන්ත සෙබස්තියන් යන විද්‍යාල තරගාවලියේ සුපිරි 4 වටයේ සිය අසුන් වෙන්කරවා ගෙන සිටින අතර ඔවුන් හමුවේ පිළිවෙළින් තර්ස්ටන්, අම්බලන්ගොඩ ධර්මාශෝක, කුරුණෑගල සාන්තා ආනා හා සාන්ත පීතර යන විද්‍යාල පරාජයට පත්විය.

තරග කාලසටහන

  • පළමු අවසන් පූර්ව තරගය – මොරටුව වේල්ස් කුමර  විද්‍යාලය හා රාජකීය විද්‍යාලය සාන්ත ජෝසප්  විදුහල් පිටියේ දී
  • දෙවන අවසන් පූර්ව තරගය –  කොළඹ මහානාම විද්‍යාලය හා මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය දළුපොත බන්ධනාගාර ක්‍රිකට් පිටියේ දී

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<