ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන වයස අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යොවුන් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තරග අවසන් වෙද්දී කොළඹ දකුණ ක්‍රීඩකයෝ තරගාවලියේ අපරාජිතව ඉදිරියට පැමිණියා.
මේ අතර පැවැති අනෙකුත් තරගවල දී ගාල්ල කණ්ඩායම ජයග්‍රහණ ත්‍රිත්වයක් ද, මහනුවර කණ්ඩායම ජයග්‍රහණ ද්විත්වයක් ද සහ දඹුල්ල කණ්ඩායම තරගයක් ද ජයග්‍රහණ කරමින් තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගත්තා.
කොළඹ උතුරු කණ්ඩායම තරගාවලියේ කිසිදු තරගයක් ජයග්‍රහණය කිරීමට හැකි වෙන්නේ නැහැ.
පෙර දින නිමා වූ තරගවල දී කොළඹ උතුර කණ්ඩායමේ ශනෝන් සිල්වා (80), දඹුල්ල කණ්ඩායමේ අකේන් සුජායන (72) සහ දිසස් බණ්ඩාර (63), කොළඹ දකුණ කණ්ඩායමේ ස්ටෙවෝන් පීරිස් (81), ගාල්ල කණ්ඩායමේ හිරුන් මතීෂ (60) සහ යොමිරු සස්වින් (53) අර්ධ ශතක ඉනිම් වාර්තා කළා.
- සඳරු තරගාවලිය පළමු ශතකලාභියා වෙයි
- නිල් මහා සටන් සඟයෝ අවසන් මහා තරගයට හමුවෙයි
- ආසියානු කුසලානයට යන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කරයි
- පැතුම් සහ චමරි සම්මාන වැස්සකට හසුවෙයි
- කොළඹ දකුණ 3 වැනි ජයග්රහණත් ලබා ගනී
නිමා වූ තරගවල කෙටි ලකුණු පුවරු
දඹුල්ල සහ කොළඹ උතුර අතර තරගය අනුරාධපුර සමාධී ක්‍රීඩාංගණයේ දී.
කොළඹ උතුර වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම – සියලුම දෙනා දැවී 230 (49.2) ශනෝන් සිල්වා 80, කවිත් ද සිල්වා 25, තිසඟ පෙරේරා 20, කලිඳු සචින්තන 2/30, උදයකුමාර් ශෙනෝන් 2/40,
දඹුල්ල වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම – කඩුලු 9ක් දැවී 231 (50.0) අකේන් සුජායන 72, දිසස් බණ්ඩාර 63, ශම්මා ප්‍රනාන්දු 2/44
දඹුල්ල වයස අවුරුදු 17න් පහළ කණ්ඩායමට කඩුල්ලක ජයක්.
කොළඹ දකුණ සහ ගාල්ල අතර තරගය සාලියපුර යුද හමුදා ක්‍රීඩාංගණයේ දී.
කොළඹ දකුණ වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම – කඩුලු 8ක් දැවී 271 (50.0) මෙතුක ගුණරත්න 32, මියුරු බණ්ඩාර 41, රෙශාන් සොලමන් 33, ස්ටෙවෝන් පීරිස් 81, රනුද රණසිංහ 24, ගෙසඳු බිසස් 3/37
ගාල්ල වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම – කඩුලු 8ක් දැවී 226 (50.0) හිරුන් මතීෂ 60, සඳරු මල්ශාන් 22, මානිත රාජපක්ෂ 20, යොමිරු සස්වින් 53, මහිරු කොඩිතුක්කු 2/41, මෙතුම් ප්‍රනාන්දු 3/28,
කොලඹ දකුණ වයස අවුරුදු 17න් පහළ කණ්ඩායමට ලකුණු 45ක ජයක්.
මෙම තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග අද (27) අනුරාධපුරයේ දී පැවැත්වීමට නියමිතයි. ඒ අනුව කොළඹ දකුණ කණ්ඩායම මහනුවර කණ්ඩායම සමඟත් සහ ගාල්ල කණ්ඩායම දඹුල්ල කණ්ඩායම සමඟත් තරග වැදීමට නියමිතයි.
වයස අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යොවුන් ලීග් ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<





















