පැවති අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් කල් දැමුණු 27 වෙනි වරට පැවැත්වීමට නියමිතව තිබූ වෙළඳසේවා පැසිපන්දු ලීග් තරගාවලිය ජුනි මස දෙවන සතියේ දී පැවැත්වීමට තීරණය කර ඇත. වෙළඳසේවා ක්ෂේත්‍රයේ රැකියාවල නිරත වන්නන් කාර්යාල තුළින් ඈත්වී එකිනෙකා සමඟ කරට කර තරග වැදීමට නියමිත මෙම තරගාවලියට සහභාගී වන කණ්ඩායම්වල තතු විත්ති සොයා බලමු.

කොමර්ෂල් ක්‍රෙඩිට් කාන්තාවෝ වෙළඳසේවා තරගාවලියට සූදානම්

පැවති අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් කල් දැමු, 27 වෙනි වරට පැවැත්වීමට නියමිතව තිබූ වෙළඳසේවා ලීග් පැසිපන්දු තරගාවලිය, ජුලි මස දෙවන සතියේ දී පැවැත්වීමට තීරණය කර ඇත.

තරගාවලියේ ‘A’ කාණ්ඩයෙන් පිරිමි කණ්ඩායම් 6ක් සහ කාන්තා කණ්ඩායම් 3ක් තරග වැදීමට නියමිතයි. ඒ අනුව එම කණ්ඩායම් 9 අතරින් කොමර්ෂල් ක්‍රෙඩිට් පිරිමි කණ්ඩායම දෙස අපි හැරී බලමු.

කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායම පසුගිය වසරේ පැවති තරගාවලියේ දී ශූරතාවය දිනා ගැනීමට සමත් විය. පසුගිය වසරේ දී කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයින් දෙදෙනෙක් මෙම වසරේ දී කණ්ඩායම නියෝජනය නොකළත්, පසුගිය තරග වාර තුනේ දී ම ශූරතාවය දිනා ගැනීමට සමත් වීම හේතුවෙන් ඔවුන්ට මෙවර ද ශූරතාවය දිනා ගැනීමට හැකි වෙතැයි බලාපොරොත්තුවෙන් පසුවන බව නොඅනුමානයි.

තරගාවලිය සඳහා නම් කළ සංචිතය අත්දැකීම්වලින් මෙන්ම දක්‍ෂතා වලින් ද සම්පූර්ණ ය. කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායමට නායකත්වය ලබා දෙන්නේ අත්දැකීම් බහුල ක්‍රීඩකයෙක් වන සංජීව කුළුමිණ යි. සංජීවට අමතරව පසුගිය දා අවසන් වූ SABA ශූරතා තරගාවලිය සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා ජාතික පැසිපන්දු කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයින් තිදෙනෙක් කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායම සඳහා ක්‍රීඩා කරයි. ඒ ටිමති නිතුෂන්, කින්ටන් තේවකුමාර් සහ ගයාන් ඩි කෲස් යන ක්‍රීඩකයින් තිදෙනායි.

Peoples Team of the MSBA League 2017 – Vote

The 27th Edition of the Mercantile Basketball League will commence during the third week of June.

ඒ අනුව සමබර කණ්ඩායමක් වන කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායම සඳහා එක් එක් ක්‍රීඩකයින් පෞද්ගලික වශයෙන් දක්වන දක්‍ෂතාවය අතිශය වැදගත් වනු ඇත. එමනිසා ක්‍රීඩකයින්ව ඔවුන්ගේ හැකියාවන් වැඩිදියුණු කිරීම සඳහා ක්‍රීඩාංගණය තුළ දී මෙන්ම කාය වර්ධන ඒකක තුළදීත් තනි පුහුණු සැසි සඳහා යොමු කෙරිණි.

පසුගිය අවුරුදු කිහිපය පුරාවටම කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායමේ ශක්තිය වූයේ ඔවුන්ගේ පසුපෙළ ක්‍රීඩකයින්ගේ ක්‍රීඩා විලාශය යි. ඔවුන් ලකුණු ලබා ගැනීම සඳහා ප්‍රතිවාදී ක්‍රීඩකයින් ඉදිරියට පැමිණීමේ දී ඔවුන්ට ප්‍රබල අභියෝගයක් එල්ල කරන්නට සමත් වී ඇත. එමෙන්ම ඔවුන් එක් තරගයක් සඳහා වාර්තා කරගෙන ඇති ‘Rebounds’ සාමාන්‍ය ද ඉතා හොඳ මට්ටමක පවතී. කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායම තුළ අඩි 6ට වඩා උස ක්‍රීඩකයින් 7 දෙනෙක් ක්‍රීඩා කිරීම ද ප්‍රතිවාදී කණ්ඩායම් වලට ප්‍රබල අභියෝගයක් වනු ඇත.

කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායමේ නායක සංජීව කුළුමිණ ThePapare.com සමඟ අදහස් දක්වමින් පැවසුවේ,

Sanjeewa-Commercial Credit Captan“පසුගිය වසරේ දෙකේ දී ම අපි මෙම තරගාවලියේ ශූරතාවය දිනා ගන්නට සමත් වුනත්, මෙවර තරගාවලියට අපි පිවිසෙන්නේ ශක්තිමත්ම කණ්ඩායම ලෙස නෙමෙයි. නමුත් අපි තනි තනිව සිදු කළ අමතර පුහුණු සැසි නිසා අඛණ්ඩව තෙවන වරටත් මෙම තරගාවලියේ ශූරතාවය ජයග්‍රහණය කරන්න හැකි වෙයි කියලා අපි විශ්වාස කරනවා. අපිට ෆෙයාර් ෆස්ට් සහ DFCC වැනි කණ්ඩායම්වලින් ප්‍රබල අභියෝගයක් එල්ල වෙයි. කෙසේ වුවත් මෙම තරගාවලිය, පැවැත්වෙන එකම වෙළඳසේවා තරගාවලිය නිසා අපි මේ තරගාවලියට ප්‍රමුඛතාවය ලබා දීලා තිබෙන්නේ.”

කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායමේ පුහුණුකරු පණ්ඩුක රණසිංහ මහතා ThePapare.com සමඟ අදහස් දක්වමින් මෙසේ පැවසීය.

“අපේ කණ්ඩායම ක්‍රීඩා කරන්නේ බොහොම සැහැල්ලුවෙන්. ඒ වගේම අපේ කණ්ඩායම් තුළ ජ්‍යෙෂ්ඨ, කනිෂ්ඨ කියලා මානසිකත්වයක් නැහැ. එමනිසා අපේ කණ්ඩායමට ඕනෑම අවස්ථාවකට පහසුවෙන් හැඩගැසෙන්න පුළුවන්. පසුගිය අවුරුදු කිහිපය පුරාවටම මෙම තරගාවලිය ජයග්‍රහණය කරන්න අපිට පුළුවන් වුණේ ඒ නිසා. අපි හැම තරගයක්ම ක්‍රීඩා කරන්නේ ජයග්‍රහණය කිරීමේ බලාපොරොත්තුවෙන්. සෑම වසරකම ශූරතාවය දිනා ගන්න එයත් ගොඩක් ඉවහල් වුනා.”

කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායමේ ක්‍රීඩා කරන ක්ලින්ටන් තේවකුමාර් පසුගිය දා අවසන් වූ SABA ශූරතා තරගාවලියේ දී විශිෂ්ට අන්දමින් දස්කම් දක්වන්නට සමත් විය. අත්දැකීම් බහුල ක්‍රීඩකයෙක් වන ටිමති නිතුෂන් 3×3 ලෝක ශූරතා තරගාවලිය සඳහා ද ශ්‍රී ලංකාව නියෝජනය කරන අතර ඔහු ද මෙම තරගාවලියේ දී කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායමට අතිශය වැදගත් ක්‍රීඩකයෙක් වනු ඇත.

මෙවර තරගාවලිය ජයග්‍රහණය කළ හැකි ප්‍රබල කණ්ඩායම් කිහිපයක්ම සිටියත් ඔවුන් සැමට කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායම ප්‍රබල අභියෝගයක් වනු නොඅනුමානය.

කොමර්ෂල් ක්‍රෙඩිට් පිරිමි පැසිපන්දු කණ්ඩායම: සංජීව කුළුමිණ (නායක), ගයාන් ඩි කෲස්, ක්ලින්ටන් තේවකුමාර්, ටිමති නිතුෂන්, සනිත ද මැල්, ලක්ෂාන් පෙරේරා, පූර්ණ නිර්මාල්, ලසන්ත ගුණවර්දන, විජිතරන් සිවනේසරාජා

 තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට