කෙන්යානු තහනම් උත්තේජක ගැටලුව තවත් උග්‍ර වේ

75

තහනම් උත්තේජක චෝදනා ලැබ තිබූ තවත් කෙන්යානු දිගු දුර ධාවන ශූරයන් දෙදෙනෙකුට තරග තහනම් නිකුත් කිරීමට අදාළ බලධාරීන් පසුගිය දා තීරණය කළා.

පැරා ශූරයින්ගේ ලෝක ශූරතා සිහින වසරක් පස්සට

ලබන වසරේ (2021) ජපානයේ දී පැවැත්වීමට නියමිතව තිබූ “World Para …

කෙන්යානු දිගු දුර ධාවන ශූරයන් වන මිකෙල් කිප්‍රෝටිච් සහ ඇලෙක්ස් කොරීරෝ යන ක්‍රීඩකයන් දෙදෙනාට මෙම තහනම පනවා ඇති අතර ඒ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් “Athletics Integrity Unit” විසින් ප්‍රකාශ කර සිටියේ, මලල ක්‍රීඩාවට සම්බන්ධ තහනම් උත්තේජක නීති උල්ලංඝනය කිරීම නිසාවෙන් නැවත දැනුම් දෙන තුරු මෙම තහනම ක්‍රියාත්මක වන බවයි.

එම තහනම කොතරම් කාලයක් දක්වා ක්‍රියාත්මක වනවා ද යන්න පසුව දැනුම් දීමට නියමිත අතර එතෙක් මෙම ක්‍රීඩකයන් හට මලල ක්‍රීඩාවට සම්බන්ධ සියලුම ක්‍රියාකාරකම් සඳහා සම්බන්ධ වීම තහනම්.

මෙම තහනමත් සමඟ මේ වසරේ දී තහනම් උත්තේජක නිසාවෙන් තහනමකට ලක්වූ කෙන්යානු මලල ක්‍රීඩකයන්ගේ සංඛ්‍යාව පහක් දක්වා ඉහළ යන අතර එයට හිටපු දිගු දුර ධාවන ලෝක ශූරයෙකු වූ විල්සන් කිප්සන්ග ද ඇතුළත්.

මෙම ක්‍රීඩකයන්ට අමතරව තහනම් උත්තේජක පරීක්ෂණ මග හැරීම නිසාවෙන් ඩීජා ස්ටීවන්ස් සහ ගේබ්‍රියල් තෝමස් යන ඇමරිකානු මලල ක්‍රීඩිකාවන් දෙදෙනාට ද “Athletics Integrity Unit” මගින් තරග තහනම් නිකුත් කිරීමට කටයුතු කර තිබුණා.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<