ශ්‍රී ලංකාව පරාජය කරන්නට T20 නායකත්වය සවුතිට

3322
Tim Southee

නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය සඳහා ටෙස්ට් තරග දෙකක්  හා විස්සයි විස්ස තරග තුනක් ඇතුළත්ය. එහි විස්සයි විස්ස තරග සඳහා තරග වදින ක්‍රීඩකයින් 14 දෙනෙකුගෙන් සමන්විත නවසීලන්ත විස්සයි විස්ස සංචිතය අද (20) නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ.

බෝම්බ වරුසා මැද පැවති අනූදෙකේ නවසීලන්ත සංචාරය

1992 වසරේ නොවැම්බර් මාසයේ දිනයකි. ගාලු මුවදොර …

එම සංචිතයේ නායකත්වය වේගපන්දු යවන ටිම් සවුති වෙත ලබා දී තිබෙන අතර නිත්‍ය නායක කේන් විලියම්සන් හා වේගපන්දු යවන ක්‍රීඩක ට්‍රෙන්ට් බෝල්ට්ට දෙදෙනා විවේක ගන්වා ඇත. නවසීලන්තය අවසන් වරට විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියක් සඳහා ක්‍රීඩා කළේ ඉන්දීය කණ්ඩායම සමඟ වන අතර නවසීලන්තයේ දී පැවැත්වුණු එම තරගාවලිය තරග 2-1ක් ලෙස ජය ගැනීමට නවසීලන්තය සමත් විය.

මේ තරගාවලියේ දී නිත්‍ය දඟපන්දු යවන්නන් ලෙස ඉෂ් සෝදී, මිචෙල් සැන්ට්නර් හා ටොඩ් ඇස්ටල් සංචිතයේ සිටින අතර ටිම් සවුති, ස්කොට් කුගලයින් හා ලුකී ෆර්ගසන් යන වේගපන්දු යවන්නන් ද ඇතුළත් වේ.

>>නවසීලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය HUB එක සඳහා පිවිසෙන්න<< 

“අපි සාර්ථක ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක් අවසන් කළා. ලබන අවුරුද්දේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර අපේ කණ්ඩායම විස්සයි විස්ස තරග 9ක් සඳහා ක්‍රීඩා කරන්න නියමිත වෙලා තියෙනවා. අපි දැන් ගොඩක් එක දිගට තරග රැසක්ම ක්‍රීඩා කළා, ඒක නිසා අපි විලියම්සන්ව හා බෝල්ට්ව විවේක ගන්වන්න තීරණය කළා.” යැයි නවසීලන්ත ක්‍රිකට් තේරීම් කමිටුවේ ප්‍රධානියා වන ගවින් ලාර්සන් මහතා පැවසීය.

පළමු ජයග්‍රහණයෙන් දිමුත් මුල් 10ට එද්දී අකිලත් උඩ යයි

ලෝක ටෙස්ට් තරගාවලිය සඳහා සාර්ථක ආරම්භයක් …..

නවසීලන්ත විස්සයි විස්ස සංචිතය: ටිම් සවුති (නායක), ටොඩ් ඇස්ටල්, ටොම් බෘස්, කෝලින් ඩි ග්‍රෑන්ඩ්හෝම්, ලුකී ෆර්ගසන්, සෙත් රාන්ස්, මාර්ටින් ගප්ටිල්, රොස් ටේලර්, කොලින් මන්රෝ, ටිම් සයිෆර්ට් (කඩුලු රකින්නා), ඉෂ් සෝදී, මිචෙල් සැන්ට්නර්, ස්කොට් කුගලයින්.

ශ්‍රී ලංකා – නවසීලන්ත තරග කාලසටහන 

  • අගෝස්තු 08 – 10: තුන්දින පුහුණු තරගය – කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණය.  
  • අගෝස්තු 14 – 18: පළමු ටෙස්ට් තරගය – ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය. 
  • අගෝස්තු 22 – 26: දෙවන ටෙස්ට් තරගය – කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩාංගණය.  
  • අගෝස්තු 29: විස්සයි විස්ස පුහුණු තරගය – කටුනායක මේරියන්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණය.  
  • සැප්තැම්බර් 01: පළමු විස්සයි විස්ස තරගය – මහනුවර පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණය.  
  • සැප්තැම්බර් 03: දෙවන විස්සයි විස්ස තරගය – මහනුවර පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණය. 
  • සැප්තැම්බර් 06 – තුන්වැනි විස්සයි විස්ස තරගය – මහනුවර පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණය.  

තරගාවලියේ සියලුම උණුසුම් තතු, තරග සේයා රූ, ලකුණු  සටහන්, තරග වාර්තා ඇතුළු තවත් බොහෝ දෑ හා තරගාවලියේ සියලුම තරග සජීව ලෙස ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. තවත් උණුසුම් පුවත් හා තොරතුරු දැන ගැනීමට ThePapare.com සමඟින් රැඳී සිටින්න.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<