සර්වාන් CPL තරගාවලියෙන් ඉවතට

224

කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලිය ආරම්භ වීමට තවත් සතියක පමණ කාලයක් පමණක් ඉතිරිව තිබිය දී Jamaica Tallawahs කණ්ඩායමේ සහය පුහුණුකරු රාම්නරේෂ් සර්වාන් පෞද්ගලික හේතුවක් මත තරගාවලියෙන් ඉවත්ව තිබෙනවා. 

සර්වාන් වෙනුවට හිටපු බටහිර ඉන්දීය කොදෙව් දඟ පන්දු යවන ක්‍රීඩක රයන් ඔස්ටින් හා විනෝද් මහරාජ් සහය පුහුණුකරුවන් ලෙස කණ්ඩායමට එක්ව තිබෙනවා. Tallawahs කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන්නේ ෆ්ලොයිඩ් රීෆර්.

“සර්වාන් පෞද්ගලික හේතු මත තරගාවලියෙන් ඉවත් වෙන්න ඉල්ලා සිටියා. ඒ අවසරය අපි බලා දුන්නා” Tallawahs කණ්ඩායමේ ප්‍රධාන විධායක නිලධාරි ජෙෆ් මිලර් පවසා තිබුණා. “ඒක ලොකු පාඩුවක්. සර්වාන් ඔහුගේ දැනුමෙන් කණ්ඩායමට ලොකු අගයක් ගේනවා. ඔහුගේ අත්දැකීම් හා ඔහු වසර ගණනක් ක්‍රීඩකයින් සමඟ වැඩ කරපු විදිය හරිම වටිනවා.”

තවත් ක්‍රිකට් පුවත්:

මීට ටික කලකට පෙර සර්වාන් CPL තරගාවලියේ සිදු වුණු වචන හරඹයකට ද හසු වුනා. Tallawahs කණ්ඩායමේ සිටි සුපිරි තරුව ක්‍රිස් ගේල්, එම කණ්ඩායමෙන් ඉවත් කළ අතර ගේල් වීඩියෝවක් ඔස්සේ එයට වගකිවයුත්තා සර්වාන් යැයි චෝදනා කළා. මෙවර තරගාවලියෙන් ඉවත් වීමට තීරණය කිරීමට පෙර ගේල් ශාන්ත ලුසියා Zouks කණ්ඩායම සමඟ ගිවිසුම්ගත වුනා.

මිලර් පවසා තිබුණේ එම සිදුවීම දැන් අවසන් බවත් ඔවුන්ගේ කණ්ඩායම සිය තුන්වැනි CPL කුසලානය දිනා ගන්නට සුදානමින් ඉන්නා බවත්ය. Tallawahs කණ්ඩායම 2013 හා 2016 වසරවල දී CPL කුසලාන දිනා ගත්තා.

“අපි ඉදිරිය ගැන ලොකු බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නේ. මේක කණ්ඩායම නැවත ගොඩනගන වසරක්. එහෙම වුනත් අපි අපේක්ෂාවෙන් ඉන්නේ තරගාවලිය ජය ගන්න. මම හිතනවා අපිට හොඳ කණ්ඩායමක් ඉන්නවා. අපි බලමු අවසානයට මොකද්ද වෙන්නේ කියලා.”

ජැමෙයිකා Tallawahs කණ්ඩායම ශාන්ත ලුසියා Zouks කණ්ඩායම සමඟ අගෝස්තු 19 වැනිදා සිය පළමු තරගය ක්‍රීඩා කිරීමට නියමිතයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<