ඉන්දීය මලල ක්‍රීඩා ශූරතාවයකට ශ්‍රී ලංකාවෙන් 12ක්

61 වැනි ඉන්දීය ප්‍රාන්ත මලල ක්‍රීඩා ශූරතාවය

273

ජුනි 10 වැනිදා සිට 14 වැනිදා දක්වා ඉන්දියාවේ චෙන්නයි නුවර පැවැත්වීමට නියමිත 61 වැනි ඉන්දීය ප්‍රාන්ත මලල ක්‍රීඩා ශූරතාවය සඳහා ශ්‍රී ලංකාවෙන් 12 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගී වීමට නියමිතයි.

එම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහය දිවීමේ කණ්ඩායම් දෙකක් සහ තනි ඉසව් දෙකක් සඳහා ක්‍රීඩකයින් සහභාගී කරවීමට මලල ක්‍රීඩා සංගමය තීරණය කර තිබෙනවා.

පිරිමි මීටර් 400X4 සහය දිවීමේ කණ්ඩායම සහ කාන්තා මීටර් 100X4 සහය දිවීමේ කණ්ඩායම එම තරගාවලියට සහය දිවීමෙ අංශයෙන් සහභාගී වෙද්දී කඩුලු පැනීමේ ක්‍රීඩක රොෂාන් ධම්මික සහ තුන් පිම්ම ක්‍රීඩක චමල් කුමාරසිරි තනි ඉසව් සඳහා තරගාවලියට සහභාගී වීමට නියමිතයි.

පිරිමි 400X4 කණ්ඩායම නියෝජනය කරමින් අරුණ දර්ශන, ඉසුරු ලක්ෂාන්, පබසර නිකූ, දිනුක දේශාන් සහ ආර්. එම්, රාජකරුණා මෙම තරගාවලියට සහභාගී වෙද්දී, කාන්තා මීටර් 100X4 කණ්ඩායම සඳහා අමාෂා ද සිල්වා, රුමේෂිකා රත්නායක, ශෙලින්ඩා ජැන්සන්, මේධානි ජයමාන්න සහ ලක්ෂිකා සුගන්ධි ඇතුළත්.

තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම මේ මස 09 වැනිදා ඉන්දියාව බලා පිටත් වීමට නියමිත අතර මෙය ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට සිය දස්කම් ඉහළ නංවා ගැනීමට ලැබෙන හොඳ අවස්ථාවක් වනු නොඅනුමානයි.

තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම:

  • පිරිමි 400X4 කණ්ඩායම: අරුණ දර්ශන, ඉසුරු ලක්ෂාන්, පබසර නිකූ, දිනුක දේශාන්, ආර්. එම්, රාජකරුණා
  • කාන්තා 100 X 4 කණ්ඩායම: අමාෂා ද සිල්වා, රුමේෂිකා රත්නායක, ශෙලින්ඩා ජැන්සන්, මේධානි ජයමාන්න, ලක්ෂිකා සුගන්ධි
  • තනි ඉසව්: රොෂාන් ධම්මික (මීටර් 110 කඩුලු පැනීම), චමල් කුමාරසිරි (තුන් පිම්ම)

මෙම තරගාවලියේ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දස්කම් ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟ.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<