පුහුණුකරුවෙකු නොමැතිව ත්‍රිත්ව විද්‍යාලය අමාරුවක

751

2019 වසරේ පාසල් රග්බි ලීගය ආරම්භ වීමට තවත් සති කිහිපයක් පමණක් තිබිය දී, මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ නව ප්‍රධාන රග්බි පුහුණුකරු ලෙස කටයුතු කළ නවසීලන්ත ජාතික Matt Lee මහතා ඉල්ලා අස්වීමට තීරණය කර ඇත.

රාජකීය බලඇණියේ සුක්කානම නව අතකට

පසුගිය වසරේ සිංගර් පාසල් රග්බි ලීගයේ අපරාජිතව ශූරතාවය හිමිකර ගැනීමට ….

පසුගිය වසරේ දී ත්‍රිත්ව විද්‍යාලයීය රග්බි කණ්ඩායමේ නවසීලන්ත සංචාරයෙන් පසුව එම විද්‍යාලයේ ප්‍රධාන රග්බි පුහුණුකරු ලෙස Matt Lee මහතා තේරී පත්විය. නමුත් මෙවැනි කාලවකවානුවකදී තම තනතුරෙන් ඉල්ලා අස්වීම මඟින් Matt Lee මහතා ත්‍රිත්ව විද්‍යාලයීය රග්බි කණ්ඩායම අවදානමක දැමීමක් වැනිය.

Wellington Rugby Union හී පුහුණුකරු ලෙස කටයුතු කළ Matt Lee මහතා ඉන්පසුව මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ ප්‍රධාන රග්බි පුහුණුකරු තනතුරට පත්වූයේ, Lote Raikabula මහතාගේ පුහුණුකාරීත්වය යටතේ 2018 වසරේ පාසල් රග්බි ලීගයේ දී ත්‍රිත්ව විද්‍යාලයට 6 වැනි ස්ථානය හිමි වීමත් සමඟයි.

Matt Lee මහතා සමඟ ත්‍රිත්ව විද්‍යාලයීය රග්බි කණ්ඩායම සහ එම විද්‍යාලයේ රග්බි කළමනාකරණ කමිටුව අතර අදහස් නොගැලපීම මෙම ඉල්ලා අස්වීම සඳහා හේතුවී ඇති බව ThePapare.com අපගේ මතයයි.

ප්‍රබල පාසල් තුනකට නව රග්බි නායකයින්

එළඹෙන 2019 සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලිය සඳහා …

මෙම සිදුවීමත් සමඟ ත්‍රිත්ව විද්‍යාලයේ රග්බි කමිටුවේ අධ්‍යක්ෂක ලෙස කටයුතු කරන ඉන්ති මරික්කාර් මහතා ත්‍රිත්ව විද්‍යාලයේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කිරීමට නියමිතව ඇති අතර ඔහුගේ පුහුණුකාරීත්වය යටතේ ත්‍රිත්ව විද්‍යාලය 2019 වසරේ පාසල් රග්බි ලීගයේ ක්‍රීඩා කරනු ඇත.

මෙයට ප්‍රථම 2018 වසරේ දී ත්‍රිත්ව විද්‍යාලයීය රග්බි කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ Lote Raikabula මහතා ලීගය අතරතුර ඉවත්වීමත් සමඟ වැඩබලන පුහුණුකරු ලෙස ඉන්ති මරික්කාර් මහතා කටයුතු කර ඇත.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<