එළඹෙන එංගලන්ත සංචාරයට ශ්‍රී ලංකාව තවත් තුරුම්පුවක් අදියි

ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත සංචාරය 2021

369

ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්ෂක ලෙස කටයුතු කරනු ලබන Tom Moody මහතා එළඹෙන එංගලන්ත සංචාරයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණු උපදේශකවරයෙක් ලෙස ද කටයුතු කිරීමට නියමිත බව වාර්තා වෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරය මේ වසරේ ජුනි 23 වැනිදා ආරම්භ වීමට නියමිත අතර එහි දී ශ්‍රී ලංකාව ICC ලෝක කුසලාන සුපර් ලීගයේ එක්දින තරග තුනකට සහ විස්සයි විස්ස තරග තුනකට සහභාගී වීමට නියමිතයි. 

තවත් ක්‍රිකට් පුවත්:

හිටපු ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරුවෙකු සහ හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෙකු වන Tom Moody 2005 වසරේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ලෙස බඳවා ගත් අතර ඔහු ඒ වසර දෙක තුළ අතිසාර්ථක වුනා.

ඔහුගේ පුහුණුකාරීත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම 2007 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගයට පිවිසුණු අතර ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තයේ, නවසීලන්තයේ හා පාකිස්තානයේ දී ටෙස්ට් තරග ද ජය ගන්නට සමත් වුනා. එංගලන්තය එක්දින තරගාවලියක දී 5-0ක් ලෙස පරාජය කිරීමත් ඔහුගේ ධූර කාලයේ දී කැපී පෙනුණා.

එංගලන්ත තණතීරු පිළිබඳව Tom Moody සතු අත්දැකීම් ශ්‍රී ලංකා තරුණ ක්‍රීඩකයින් සමඟ බෙදා ගනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහි දී විශ්වාස කරනවා.

Moody 2021 වසරේ මාර්තු 1 වැනිදා සිට වසර තුනක කාලයක් ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්ෂක ලෙස වැඩ කටයුතු සිදු කරනු ලබනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ක්‍රිකට් ක්‍රීඩාවට අදාළ සියලු පුහුණු කටයුතු, දේශීය තරගාවලි, සංවර්ධන සංචිත, වයස් කාණ්ඩ සංචිත හා මධ්‍යම කොන්ත්‍රාත්තු ගත ක්‍රීඩකයින්ගේ අවම ශාරීරික යෝග්‍යතා මට්ටම් ආදිය අධීක්ෂණය කිරීම ඔහුට පැවරෙන වගකීම් වෙනවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<