ජපානය දෙවැනි තැනට ඇද දමමින් චීනය පෙරමුණට

32 වැනි ගිම්හාන ඔලිම්පික් උළෙල

380

කාන්තා පිහිනුම් මීටර් 200×4 නිදහස් ආර ඉසව්වේ ලෝක වාර්තාව බිඳ හෙළීමට චීන සහය පිහිනුම් කණ්ඩායම අද (28) සමත් වුනා. එම සිදුවීම ඇතුළු ටෝකියෝ ඔලිම්පික් තරග බිමේ සිදුවුණු විශේෂ සිදුවීම් කිහිපයක් මේ.

>> ඔලිම්පික් උළෙලේ සිව්වැනි දිනයේ ඡායාරූප ඇල්බමය <<

පිහිනුම් (Swimming) 

කාන්තා මීටර් 200×4 නිදහස් ආර ඉසව්ව ලෝක වාර්තාවක් සමඟ අවසන් කරමින් රන් පදක්කම දිනා ගැනීමට චීනය (මිනිත්තු 7:40.33) සමත් වුනා. ඔවුන් එලෙස බිඳ හෙලුවේ එම ඉසව්ව මිනිත්තු 7:42.50ක කාලයකින් අවසන් කරමින් 2019 වසරේ ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන් පිහිටුවා තිබූ වාර්තාවයි. 

එම ඉසව්වේ රිදී පදක්කම ඇමරිකානු වාර්තාවක් සමඟ ජය ගැනීමට ඇමරිකානු ක්‍රීඩිකාවන් (මිනිත්තු 7:40.73) සමත් වූ අතර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන් (මිනිත්තු 7:41.29) විසින් ලෝකඩ පදක්කම දිනා ගත්තා.

පිරිමි මීටර් 800 නිදහස් ආර ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ඇමරිකානු ක්‍රීඩක Robert Finke (මිනිත්තු 7:41.87) සමත් වුනා. එහි රිදී පදක්කම ඉතාලි ක්‍රීඩක Gregorio Paltrinieri (මිනිත්තු 7:42.11) විසිනුත්, ලෝකඩ පදක්කම යුක්‍රේන ක්‍රීඩක Mykhailo Romanchuk විසිනුත් දිනා ගත්තා.

ඕස්ට්‍රේලියානු ක්‍රීඩක Zac Stubblety-Cook විසින් පිරිමි මීටර් 800 ඉසව්ව ජය ගැනීමට සමත් වුනේ එම තරගය මිනිත්තු 2:06.38ක කාලයකින් අවසන් කරමින්. ඔහු විසින් රන් පදක්කම දිනා ගත්තේ ජපන් ක්‍රීඩක Ippei Watanabe පිහිටුවා තිබූ ඔලිම්පික් වාර්තාව ද බිඳ හෙළමිනි.

එම ඉසව්වේ රිදී පදක්කම නෙදර්ලන්ත ජාතික Arno Kamminga (මිනිත්තු 2:07.01) සහ ලෝකඩ පදක්කම ෆින්ලන්ත ජාතික Matti Mattsson (මිනිත්තු 2:07.13) යන ක්‍රීඩකයින් විසින් දිනා ගත්තා.

කාන්තා මීටර් 200 සමනල ආර ඉසව්වේ ජයග්‍රහණය හිමි වුනේ චීන ක්‍රීඩිකා Zhang Yufei හටයි. මිනිත්තු 02:03.86ක කාලයකින් එම තරගය අවසන් කළ ඇය එම ඉසව්වේ ඔලිම්පික් වාර්තාව ද බිඳ හෙළීමට සමත් වීම විශේෂත්වයක්.

මිනිත්තු 2:05.30ක කාලයකින් තරගය අවසන් කළ ඇමරිකානු ක්‍රීඩිකා Regan Smith රිදී පදක්කමත්, මිනිත්තු 2:05.65ක කාලයකින් තරගය අවසන් කළ ඇමරිකානු ක්‍රීඩිකා Hali Flickinger ලෝකඩ පදක්කමත් දිනා ගත්තා.

පිරිමි මීටර් 100 නිදහස් ආර ඉසව්ව තත්පර 47.02ක කාලයකින් අවසන් කරමින් ඔලිම්පික් වාර්තාවක් සමඟ රන් පදක්කම ජයග්‍රහණය කිරීමට ඇමරිකානු පිහිනුම් ශූර Caeleb Dresselට හැකි වුනා.

එම ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට ඕස්ට්‍රේලියානු ක්‍රීඩක Kyle Chalmers (තත්පර 47.08) සමත් වූ අතර රුසියානු ක්‍රීඩක Kliment Kolesnikov (තත්පර 47.44) විසින් ලෝකඩ පදක්කම දිනා ගත්තා. 

වෙඩි තැබීම (Shooting) 

කාන්තා Trap ඉසව්වේ මුළු ලකුණු 43ක් ලබා ගනිමින් ඔලිම්පික් වාර්තාවක් සමඟ රන් පදක්කම දිනා ගැනීමට ස්ලෝවැකියා ක්‍රීඩිකා Zuzana Rehák-Štefečeková සමත් වුනා. එහි රිදී පදක්කම හිමි වුණේ ලකුණු 42ක් ලබා ගත් ඇමරිකානු ක්‍රීඩිකා Kayle Browning හටයි.

ඔලිම්පික් ඉතිහාසයේ පළමු පදක්කම සිය දේශයට ගෙන දෙමින් ලකුණු 29ක් සමඟ ලෝකඩ පදක්කම ජයග්‍රහණය කිරීමට San Marino ක්‍රීඩිකා Alessandra Perilliට හැකි වුනා. ඔලිම්පික් නියෝජනය කරන කුඩා රටක් වන San Marino දේශයේ පුද්ගල ජනගහනය 34,000ක් පමණක් වෙනවා.

පිරිමි Trap ඉසව්වේ රන් පදක්කම ජයග්‍රහණය කිරීමට චෙක් ජනරජ ක්‍රීඩක Jiří Lipták සමත් වුනේ මුළු ලකුණු 43ක් ලබා ගනිමින්. ඔහුට සමානව දස්කම් දක්වමින් ලකුණු 43ක් ලබා ගැනීමට සමත් වූ David Kostelecký විසින් රිදී පදක්කම දිනා ගත්තා. 

ඔවුන් දෙදෙනාගේම දස්කම් ඔලිම්පික් වාර්තා ලෙස සටහන්ව තිබීම ද කැපී පෙනුණ අතර එහි ලෝකඩ පදක්කම ලකුණු 33ක් ලබා ගත් මහා බ්‍රිතාන්‍ය ක්‍රීඩක Matthew Coward-Holley සතු වුනා.

ජිම්නාස්ටික් (Gymnastics) 

කාන්තා Artistic Gymnastics ඉසව්වේ සමස්ත ලකුණු 57.433ක් ලබා ගනිමින් රන් පදක්කම දිනා ගැනීමට ඇමරිකානු ක්‍රීඩිකා Sunisa Leeට හැකි වුනා.

එම ඉසව්වෙන් සමස්ත ලකුණු 57.298ක් ලබා ගත් බ්‍රසීල ක්‍රීඩිකා Rebeca Andrade විසින් රිදී පදක්කම දිනා ගත් අතර රුසියානු ඔලිම්පික් කමිටුව නියෝජනය කළ Angelina Melnikova ලකුණු 57.199ක් ලබා ගනිමින් ලෝකඩ පදක්කම දිනා ගත්තා.

මේසපන්දු (Table Tennis) 

කාන්තා මේසපන්දු අවසන් තරගයෙන් චීන ක්‍රීඩිකා Sun Yingsha පරාජය කරමින් රන් පදක්කම දිනා ගැනීමට චීන ක්‍රීඩිකා Chen Meng සමත් වුනේ තරග වට 4-2ක් ලෙසයි.

ලෝකඩ පදක්කම සඳහා පැවති තරගයෙන් සිංගප්පූරු ක්‍රීඩිකා Yu Mengyu පරාජය කරමින් ජයග්‍රහණය ලබා ගැනීමට ජපාන ක්‍රීඩිකා Mima Itoට හැකි වුනා.

තවත් අවසන් තරගවල ප්‍රතිඵල කිහිපයක් සැකෙවින්, 

ජූඩෝ (Judo) 

පිරිමි 100kg බර පන්තිය 

  1. රන් පදක්කම – Aaron Wolf (ජපානය) 
  2. රිදී පදක්කම – Cho Gu-ham (දකුණු කොරියාව) 
  3. ලෝකඩ පදක්කම – Jorge Fonseca (පෘතුගාලය) සහ Niiaz Iliasov (තුර්කිය) 

පිරිමි 100kg බර පන්තිය 

  1. රන් පදක්කම – Shori Hamada (ජපානය) 
  2. රිදී පදක්කම – Madeleine Malonga (ප්‍රංශය) 
  3. ලෝකඩ පදක්කම – Mayra Aguiar (බ්‍රසීලය) සහ Anna-Maria Wagner (ජර්මනිය) 

කඩු හරඹ (Fencing) 

 කාන්තා කණ්ඩායම් foil ඉසව්ව 

  1. රන් පදක්කම –රුසියානු ඔලිම්පික් කමිටුව 
  2. රිදී පදක්කම – ප්‍රංශ කණ්ඩායම  
  3. ලෝකඩ පදක්කම – ඉතාලි කණ්ඩායම 

Canoe Slalom 

කාන්තා Canoe ඉසව්ව 

  1. රන් පදක්කම – Jessica Fox (ඕස්ට්‍රේලියාව) 
  2. රිදී පදක්කම – Mallory Franklin (මහා බ්‍රිතාන්‍ය) 
  3. ලෝකඩ පදක්කම – Andrea Herzog (ජර්මනිය) 

2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ හයවැනි දිනය (2) අවසන් වන විට පදක්කම් ලැයිස්තුවේ ප්‍රථම ස්ථානය චීනය විසින් හිමිකර ගෙන තිබෙන්නේ රන් පදක්කම් 15ක්, රිදී පදක්කම් 7ක් සහ ලෝකඩ පදක්කම් 9ක් සමඟින්. 

ඊයේ පදක්කම් සටහනේ පෙරමුණේ සිටි ජපානය රන් පදක්කම් 15ක්, රිදී පදක්කම් 4ක් සහ ලෝකඩ පදක්කම් 6ක් දිනා ගනිමින් දෙවැනි තැන රැඳී සිටින අතර රන් පදක්කම් 14ක්, රිදී පදක්කම් 14ක් සහ ලෝකඩ පදක්කම් 10ක් දිනා ගත් ඇමරිකාව පසුවන්නේ තෙවැනි තැනයි.

32 වැනි ගිම්හාන ඔලිම්පික් උළෙල ආවරණය කරන්නට ThePapare.com අපිත් ටෝකියෝවට ගොස් අවසන්. ඔලිම්පික් ක්‍රීඩා පුවත් ඇතුළු තරගාවලියේ සිරි අසිරිය ඡායාරූප, වීඩියෝ ඔස්සේ ඔබ වෙත ගෙන ඒමට ThePapare.com අපි සූදානම්. රැඳී සිටින්න ThePapare.com අපි සමඟින්ම. 

>> 32 වැනි ගිම්හාන ඔලිම්පික් උළෙලේ සියලුම තොරතුරු <<