ටිම් මැකාස්කිල් ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දුවට

647

ඕස්ට්‍රේලියාවේ ක්‍රිකට් වික්ටෝරියා හි ඉහළ දස්කම් කළමනාකරු වන ටිම් මැකාස්කිල් මහතා එළඹෙන ජුනි මස 6 වැනිදා ආරම්භ වන බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු විශේෂඥයා ලෙස පත්කර ඇත.

අසංක ගුරුසිංහට වැඩි බලයක් සමඟින් අලුත්ම තනතුරක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩයමේ ඉහළ දස්කම් කළමනාකරු ලෙස කටයුතු කළ එංගලන්ත ජාතික සයිමන් විල්ස් …..

47 හැවිරිදි මැකාස්කිල් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමට වරම් නොලැබුවත්, ක්‍රිකට් පුහුණුකරුවෙකු ලෙස සිය රාජකාරි කටයුතු කිරීමට පෙර 90 දශකයේ දී එරට දේශීය ක්‍රිකට් තරගාවලි තුළ ක්‍රීඩා කර ඇත.

ඔහු මැයි මස පළමු සතියේ දී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත අතර අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන චන්දික හතුරුසිංහ හා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු වන රුමේෂ් රත්නායක සමඟ කටයුතු කරනු ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ජුනි මාසයේ දී පැවැත්වෙන තරග 3කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට කොදෙව් රට බලා පිටව යාමට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු යවන්නන් සමඟ පුහුණුවීම් වල නිරත වෙනු ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන හතුරුසිංහ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් කළ ඉල්ලීමකට අනුව මැකාස්කිල් මහතා මෙරටට කැඳවා ඇත.

වසර 10කට පසු කොදෙව් දූපත් යන ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය (අපේක්ෂිත)

ශ්‍රී ලංකා කණ්ඩයම දීර්ඝ විවේකයකින් අනතුරුව එළඹෙන ජුනි මාසයේ දී ටෙස්ට් තරග තුනක් සඳහා….

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ සිටින දක්ෂ වේගපන්දු යවන්නෙකු වන ජේම්ස් පැටින්සන් 2015 වර්ෂයේ දී ආබාධයකට ලක්වූ අතර එම ආබාධයට පසුව ඔහුට නැවතත් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමට පිවිසීමට සහය වී ඇත්තේ ටිම් මැකාස්කිල් මහතායි.

කොදෙව් දේශය බලා පිටත්ව යාමට පෙර නම් කරනු ලබන ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ මූලික සංචිතයට පල්ලෙකැලේ පිහිටි ඉහළ දස්කම් මධ්‍යස්ථානයේ දී දින 10ක නේවාසික පුහුණුවක් පැවැත්වෙන අතර එහි දී ද මැකාස්කිල් මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු යවන්නන් සමඟ කටයුතු කරනු ඇත. කොදෙව් දේශය බලා පිටත්ව යන ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම මැයි මස 23 වනදා දිවයිනෙන් පිටත්ව යනු ඇත.

බටහිර ඉන්දීය කොදෙව් – ලෝක ක්‍රිකට් තරගය එංගලන්තයේ දී

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ලෝක ක්‍රිකට් කණ්ඩායම (ICC Rest of the World XI) අතර ලබන…….

ශ්‍රී ලංකා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් තරග කාලසටහන

  • පුහුණු තරගය: මැයි 30 – ජුනි 1, බ්‍රයන් ලාරා ක්‍රිකට් ක්‍රීඩාංගණය, ට්‍රිනිඩෑඩ්.
  • පළමු ටෙස්ට් තරගය: ජුනි 6 – 10, කුවින්ස් පාක් ඕවල්, ට්‍රිනිඩෑඩ්.
  • දෙවන ටෙස්ට් තරගය: ජුනි 14 – 18, කෙන්සින්ටන් ඕවල්, බාබඩෝස්.
  • තෙවන ටෙස්ට් තරගය: ජුනි 23 – 27, ඩැරන් සැමි ක්‍රිකට් ක්‍රීඩාංගණය, සාන්ත ලුසියා

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<