වසර 10කට පසු කොදෙව් දූපත් යන ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය (අපේක්ෂිත)

5575

ශ්‍රී ලංකා කණ්ඩයම දීර්ඝ විවේකයකින් අනතුරුව එළඹෙන ජුනි මාසයේ දී ටෙස්ට් තරග තුනක් සඳහා බටහිර ඉන්දීය කොදෙව් දූපත් හී සංචාරයක යෙදීමට නියමිතයි.    

ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා නැවත ශ්‍රී ලංකාවට පැමිණි පසු පැවැත්වෙන පුහුණු කඳවුරකින් පසුව මැයි දෙවන සතියේ දී, වසර 10කට පමණ පසු කැරිබියන් දූපත් හී සංචාරයේ යෙදෙන ශ්‍රී ලංකා සංචිතය නම් කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ දකුණු අප්‍රිකා සංචාරයේ කාලසටහන නිකුත් කෙරේ

2019 වසරේ පෙබරවාරි-මාර්තු මාසවල දී ශ්‍රී ලංකා කණ්ඩයම ටෙස්ට් තරග දෙකක්, එක්දින තරග 5ක් …

දිනේෂ් චන්දිමාල් නායකත්වය දරන ශ්‍රී ලංකා කණ්ඩයම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල 6 වැනි ස්ථානයේ රැඳී සිටින අතර අවසාන වරට ශ්‍රී ලංකාවේ දී බංගලාදේශ කණ්ඩායම සමඟ පැවති ටෙස්ට් තරගාවලිය තරග 1-0ක් ලෙස පරාජය වීමට ශ්‍රී ලංකාවට සිදු විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලිය ඊයේ (24) අවසන් වූ අතර එම තරගාවලියේ දස්කම් දැක්වූ ක්‍රීඩකයින් ද සැලකිල්ලට ගෙන පිතිකරුවන් 8ක්, දඟපන්දු යවන්නන් තුන් දෙනෙක්, වේගපන්දු යවන්නන් 5දෙනෙක් ඇතුළුව ක්‍රීඩකයින් 16 දෙනෙක් සංචිතයට තෝරා ගැනීමට නියමිතයි.  

සිව්දින තරගාවලියට සහභාගී වීමට අවස්ථාව නොලද ආබාධවලට ලක්වූ ක්‍රීඩකයින්ට සුපිරි පළාත් එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරග තුනේ දී සිය දක්ෂතා හා ශාරීරික සුවතාවය පෙන්නුම් කරමින් සංචාරයට එක්වන සංචිතයට තේරී පත්වීමේ අවස්ථාව හිමිවනු ඇත.   

පන්දු යවන්නන් පස් දෙනෙකුගෙන් සමන්විත කණ්ඩයමක් සමඟින් කණ්ඩයම තරගයට එක්වන අතර ආබාධවලින් සම්පූර්ණ සුවය ලැබූ ඇන්ජෙලෝ මැතිව්ස් නැවත පැමිණීමත් සමඟ රොෂේන් සිල්වා හා ඇන්ජෙලෝගේ පිතිකරණ ස්ථාන මනාව සමබර කර ගැනීම ඉතා වැදගත් කරුණක් වනු ඇත. බංගලදේශයේ දී තරගාවලියේ වීරයා ලෙස සම්මාන දිනූ රොෂේන් සිල්වා, සුපිරි පළාත් තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වෙමින් තරග තුනක දී ද්විත්ව ශතකයක් හා ශතකයක් සමඟින් ලකුණු 535ක් රැස්කර ගැනීමට සමත් විය.  

රාශිඩ්, තමීම් හා ශකිබ් ලෝක ක්‍රිකට් කණ්ඩායමට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ශ්‍රේණිගත කිරීම් අනුව ඉහළින්ම සිටින ඇෆ්ගනිස්තානයේ රාශිඩ් කාන් …

කඩුලු රකින්නාගේ භූමිකාවට නිරෝෂන් දික්වැල්ල හා කුසල් ජනිත් පෙරේරා අතර ද්වන්ද සටනක් පවතින අතර පසුගිය ඉනිම 10 තුල දී එක් අර්ධ ශතකයක් පමණක් රැස්කරගත් දිමුත් කරුණාරත්න හට කුසල් මෙන්ඩිස් සමඟින් ඉනිම ආරම්භ කිරීමේ තවත් අවස්ථාවක් හිමිවනු ඇත.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන වේගපන්දු යවන්නා වූ සුරංග ලක්මාල් ආබාධයක් හේතුවෙන් සුපිරි පළාත් තරගාවලියට සහභාගී නොවුනත්, කැරිබියන් සංචාරයට පෙර ඔහු යළිත් කණ්ඩායමට එක් වේ යැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.  

පාදයේ ආබාධයක් හේතුවෙන් නුවන් ප්‍රදීප් හා පිට කොන්දේ ආබාධයක් හේතුවෙන් දුෂ්මන්ත චමීර සංචිතයට ඇතුළත් නොවනු ඇති අතර සුපිරි පළාත් තරගාවලියේ දස්කම් පෙන්වූ නිසල තාරක හා කසුන් රාජිත හට සංචිතයට ඇතුළත් වීමට බොහෝ දුරට අවස්ථාව හිමි වනු ඇත.

තරග තුනකට ක්‍රීඩා කළ දකුණත් වේගපන්දු යවන ක්‍රීඩක නිසල තාරක සුපිරි පළාත් තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා වෙමින් කඩුලු 11ක් සමඟින් තරගාවලිය අවසන් කළ අතර තරග දෙකක් පමණක් ක්‍රීඩා කළ කසුන් රාජිත ආකර්ශනීය 20.50ක සාමාන්‍යයක් සමඟින් කඩුලු 10ක් දවා ගැනීමට සමත් විය.

පකිස්තානයට එරෙහිව ටෙස්ට් වරම් දිනූ ලහිරු ගමගේ ද නිමාවූ තරගාවලියේ දී 16.90ක සාමාන්‍යයක් සමඟින් කඩුලු 10ක් දවා ගත් අතර ඔහුට ද කණ්ඩයමට ඇතුළත් වීමේ අවස්ථාව තිබේ.

තේරීම් කමිටුව අත්දැකීම් බහුල පන්දු යවන්නෙකු පිළිබඳව සිය අවධානය යොමු කරන්නේ නම් සිය ආබාධය සුව අතට හැරීමෙන් අනතුරුව ධම්මික ප්‍රසාද් සුපිරි පළාත් තරගාවලියට සහභාගී වූ අතර තරග දෙකක් ක්‍රීඩා කළ ඔහු පන්දුවාර 41ක් යැවූව ද දවා ගත්තේ එක් කඩුල්ලක් පමණි. වේගය පිළිබඳව අවධානය යොමු කරන්නේ නම් විශ්ව ප්‍රනාන්දු හා ලහිරු කුමාරට ද අවසාන සංචිතයට එක්වීමේ අවස්ථාව හිමිවනු ඇත.

සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක රංගන හේරත්, අකිල ධනංජය හා දිල්රුවන් පෙරේරා සමඟ දඟපන්දු යැවීමේ බලඇණිය සවිමත් කරනු ඇත.

අපේක්ෂිත කණ්ඩායම – දිනේෂ් චන්දිමාල් (නායක), ඇන්ජෙලෝ මැතිව්ස්, දිමුත් කරුණාරත්න, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, රොෂේන් සිල්වා, නිරෝෂන් දික්වැල්ල, කුසල් ජනිත් පෙරේරා, දිල්රුවන් පෙරේරා, අකිල ධනංජය, රංගන හේරත්, සුරංග ලක්මාල්, ධම්මික ප්‍රසාද්, ලහිරු ගමගේ, නිසල තාරක, කසුන් රාජිත.

ශ්‍රී ලංකා කණ්ඩයමේ බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් කාලසටහන

  • පුහුණු තරගය: මැයි 30 – ජුනි 1, බ්‍රයන් ලාරා ක්‍රිකට් ක්‍රීඩාංගණය, ට්‍රිනිඩෑඩ්.
  • පළමු ටෙස්ට් තරගය: ජුනි 6-10, කුවින්ස් පාක් ඕවල්, ට්‍රිනිඩෑඩ්.
  • දෙවන ටෙස්ට් තරගය: ජුනි 14-18, කෙන්සින්ටන් ඕවල්, බාබඩෝස්.
  • තෙවන ටෙස්ට් තරගය: ජුනි 23-27, ඩැරන් සැමි ක්‍රිකට් ක්‍රීඩාංගනය, සාන්ත ලුසියා

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<