බටහිර ඉන්දීය කොදෙව් – ලෝක ක්‍රිකට් තරගය එංගලන්තයේ දී

721
Hurricane Relief

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ලෝක ක්‍රිකට් කණ්ඩායම (ICC Rest of the World XI) අතර ලබන මස 31 වැනිදා එංගලන්තයේ ලෝර්ඩ්ස් ක්‍රිකට් පිටියේ දී පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගය සඳහා තරග වදිනු ලබන කොදෙව් කණ්ඩායමේ නායකත්වය කාර්ලොස් බ්‍රාත්වෙයිට් හට ලබා දී ඇත.

බාලිකාවන් සමඟින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තවත් වැඩකට අතගසයි

2018 වසරේ පැවැත්වෙන බාලිකා පාසල් මහා ක්‍රිකට් තරග 30ක් සඳහා නොකඩවා දෙවන වරටත්…

මේ වන විට පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කිංග්ස් ඉලෙවන් පන්ජාබ් කණ්ඩායම නියෝජනය කරනු ලබන ක්‍රිස් ගේල්, කොල්කටා කණ්ඩායම නියෝජනය කරනු ලබන ඇන්ඩෘ රසල් හා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කරනු ලබන එවින් ලුවිස් ඇතුළු ප්‍රබල ක්‍රීඩකයින් රැසක් ඇතුළත් කරමින් කොදෙව් කණ්ඩායම මෙම තරගයට ක්‍රීඩා කරනු ලබයි.

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දී ඉර්මා හා මරියා නම් සුළි කුනාටු නිසා හානි වූ කැරිබියානු ක්‍රිකට් ක්‍රීඩාංගණ නැවත ගොඩනැංවීම හා ප්‍රතිසංස්කරණය සඳහා අරමුදල් රැස් කිරීම සඳහා බටහිර ඉන්දීය ක්‍රිකට් පාලන අධිකාරිය විසින් මෙම විස්සයි – විස්ස ක්‍රිකට් තරගය සංවිධානය කරනු ලැබේ.

ආසියානු කුසලානයේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවෙන් වෙනත් රටකට

ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිතව තිබූ 2018 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ…

“මෙවන් අවස්ථාවක දී අපි සමඟ එකතු වූ ලෝක ක්‍රිකට් කණ්ඩායමට (ICC Rest of the World XI) හා එහි ක්‍රීඩකයින්ට මගේ ස්තුතිය පුදකරන්න මා කැමතියි. මෙම විස්සයි විස්ස තරගය මගින් සැලකිය යුතු මුදලක් අපගේ අරමුදල වෙනුවෙන් රැස්කිරීමට අපි අපේක්ෂා කරනවා.”

යැයි බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් පාලන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරි ජොනී ග්‍රෙව් මහතා පවසන ලදි.

ඉහත පැවසූ සුළි කුනාටු නිසා කැරිබියානු ක්‍රීඩාංගණ පහක් වන ඇන්යාගුලියා හි රොනල්ඩ් වෙබ්ස්ටර් පාර්ක්, ඇන්ටිගුවා හි ශ්‍රීමත් විව් රිචඩ්ස් ක්‍රීඩාංගණය, ඩොමිනිකා හි වින්ඩ්සර් පාක් ක්‍රීඩාංගණය, ඒ ඕ. ශර්ලි ක්‍රීඩාංගණය සහ සාන්ත මාර්ටන්හි පිහිටි කැරිබල් ලිම්බර් බාල් පාක් යන ක්‍රීඩාංගණවලට ඉහත සිදුවීම නිසා දැඩි ලෙස අලාභ හානි සිදු විය. එම ක්‍රීඩාංගණ ප්‍රතිසංස්කරණය කිරීම සහ අලුත්වැඩියා කිරීම සඳහා යම් අරමුදලක් ගොඩනැංවීමේ අරමුණින් මේ තරගය පවත්වයි.

සුළි සුළඟින් හානි වූ ක්‍රිකට් ක්‍රීඩාංගණයක්,

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම: කාර්ලොස් බ්‍රාත්වෙයිට් (නායක), සැමුවෙල් බඩ්රී, රේයිඩ් ඉම්රිට්, ඇන්ඩෘ ෆ්ලෙචර්, ක්‍රිස් ගේල්, එවින් ලුවිස්, ඈෂ්ලි නර්ස්, කෙමෝ පෝල්, රොව්මන් පවෙල්, දිනේෂ් රාම්ඩින්, ඇන්ඩෘ රසල්, මාරලන් සැමුවෙල්ස්, කේස්රික් විලියම්ස්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<